Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය ඉලක්ක කරගනිමින් පළ වන නොමග යවන සුළු සටහන්!

    කරුණු විමර්ශනය කිරීම
    2026-09-29
    6 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. 2026 සැප්තැම්බර් හි නිව්යෝර්ක් නුවර පැවැත්වුණු එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය සම්බන්ධ කරගනිමින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වන ව්‍යාජ සහ නොමඟ යවන සුළු සටහන් පිළිබඳව Factcrescendo අ

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

    2026 සැප්තැම්බර් හි නිව්යෝර්ක් නුවර පැවැත්වුණු එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය සම්බන්ධ කරගනිමින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වන ව්‍යාජ සහ නොමඟ යවන සුළු සටහන් පිළිබඳව Factcrescendo අප සිදු කළ කරුණු විමර්ශනයක් මේ.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    Claim 1:

    එක්සත් ජාතීන්ගේ සමුළුවේදී අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කළ ප්‍රකාශ බව දක්වමින් ‘News 1st’ නිල පුවත් පුවත්පත් කාඩ්පත් ආකාරයෙන් සමාජ මාධ්‍ය සටහනක් පළ වී තිබුණා. අමාත්‍යවරයා විසින් කළ ප්‍රකාශ ලෙසට දක්වා තිබුණේ පහත සඳහන් සටහන් වේ.

    1. “දිත්වා කුණාටුවෙන් මියගිය කුකුළන්, සූකරයන්, එළුවන් ආදී සියලුම සතුන්ට මුදල් ආධාර අප රජය විසින් ලබාදුන්නා.”

    2. “රාජපක්ෂලා ඇතුළු විපක්ෂ බලවේග වලට නීතිය ක්‍රියාත්මක කොට සියලුම දෙනාව සිරගත කරන්න බලාපොරොත්තු වෙනවා, ඉන්පසු අප පක්ෂයේ හොරුන්ටත් හැකිපමණින් නීතිය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරනවා.”

    3. “එදා සටන් කළ දෙමළ රණවිරුවාත් අපේම රටේ දරුවන්, එම නිසා අප කවදාවත් ඔවුන්ට ත්‍රස්තවාදීන් ලෙස ආමන්ත්‍රණය කරන්නේ නෑ.”

    Facebook | Archived Link

    Fact-Check (කරුණු විමර්ශනය කිරීම) :

    මෙම සටහන් සඳහා යොදාගෙන ඇත්තේ 2026 සැප්තැම්බර් 28 වනදා අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පැවැත්වුණු එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේදී විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කළ නිල කතාවේ සැබෑ රූපරාමුවකි.

    ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය සහ එක්සත් ජාතීන්ගේ නිල වෙබ් අඩවි මඟින් ප්‍රසිද්ධ කර ඇති අමාත්‍යවරයාගේ සම්පූර්ණ කතාව පරික්ෂා කිරීමේදී ද, තහවුරු වූයේ, ඔහු ඉහත සඳහන් කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැති බවයි. 

    ඔහු එහිදී ප්‍රධාන වශයෙන් සඳහන් කර තිබුණේ,

    • ගෝලීය දේශගුණික විපර්යාස සහ ඒ සඳහා සංවර්ධනය වෙමින් පවතින රටවලට ලැබිය යුතු යුක්තිය.
    • ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ ජාත්‍යන්තර මූල්‍ය පද්ධතියේ ප්‍රතිසංස්කරණ.
    • මැදපෙරදිග ගාසා තීරයේ පවතින මානුෂීය අර්බුද සහ පලස්තීන ජනතාවගේ අයිතිවාසිකම්.
    • ශ්‍රී ලංකාව තුළ දූෂණය පිටුදැකීම සහ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට නව රජය ගෙන ඇති පියවරයන් වේ.

    එමෙන් ම News 1st නිල පුවත් පිටු පරීක්ෂා කිරීමේදී ඉහත සමාජ මාද්‍ය සටහන් වල දැක්වෙන ලෙස ප්‍රකාශයන් ඇතුළත් කිසිදු පුවත් කාඩ්පතක් ඔවුන් පළ කර නොමැති බව දැක ගන්නට ලැබේ. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේදී විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා සිදු කළ ප්‍රකාශයන් නිල පිටුවේ පළ කර තිබුණේ මෙලෙසින් සහ මෙලෙසින්.

    ඒ අනුව, ඔවුන්ගේ ලාංඡනය අවභාවිත කරමින් වෙනත් පාර්ශවයන් විසින් මෙම ව්‍යාජ සටහන් නිර්මාණය කර ඇති බවත් පැහැදිලි වේ.

    Claim 2:

    මෙවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේදී ජනාධිපති අනුර කුමාර විසින් සිදු කළ ප්‍රකාශයක් ලෙසට දක්වමින් වීඩියෝවක් ද, ෆේස්බුක් ඔස්සේ හුවමාරු වී තිබුණේ මේ අයුරින්.

    Facebook

    Fact-Check:

    නමුත් 2026 වසරේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගී වූයේ විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා වන අතර ජනාධිපති අනුර කුමාර දිසානායක සහභාගී නොවීය.

    ඒ හේතුවෙන් ජනාධිපති සැසිය ඇමතූ ආකාරය යනුවෙන් පළ වන සටහන්/වීඩියෝ අසත්‍ය බව තහවුරු වේ.

    ඉහත සමාජ මාධ්‍ය වීඩියෝව සඳහා යොදා ගෙන තිබුණේ 2025 වසරේ සැප්තැම්බර් 24 වන දින අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පැවැත්වුණු 80 වන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට  ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එහි රාජ්‍ය ප්‍රකාශය සිදු කරන ලද අවස්ථාවේ වීඩියෝවකි. නමුත් මෙම කතාවේ රූපරාමු යොදා ගෙන තිබුණ ද, ඉහත වීඩියෝව සඳහා යොදාගෙන තිබුණේ, 2025 වසරේ ජනාධිපතිවරයා විසින් සිදු කරන  සත්‍ය කතාව නොව ජනාධිපති විසින් මෙරට දී අවස්ථා කිහිපයක දේශපාලන වේදිකාවන්හිදී සිදු කරන ප්‍රකාශයන් කිහිපයක එකතුවක් පසුබිමින් එකතු කර සංස්කරණය කරන ලද්දකි. පසුබිමින් එකතු කර තිබූ ජනපති අනුර විසින් සිදු කර එම ප්‍රකාශයන් ඇතුළත් දේශපාලන කතා ත්‍රිත්වය මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

    Claim 3:

    මේ අතර පැපුවා නිව්ගිනියා ජනාධිපති ජේම්ස් මරාබේ, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමට සහභාගි වූ ආකාරය බව දක්වමින් ද, ඡායාරූප සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ මේ අයුරින්.

    Facebook | Archived Link Facebook | Archived Link

    Fact-Check :

    පැපුවා නිව්ගිනියාවට ජනාධිපති ධුරයක් නොමැත. එරට පවතින්නේ ව්‍යවස්ථාපිත රාජාණ්ඩුවක් සහිත පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයකි. එහි රාජ්‍ය නායකයා වන්නේ, බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජු (පැපුවා නිව්ගිනියාවේ ද නිල රාජ්‍ය නායකයා ලෙස කටයුතු කරයි. රජු වෙනුවෙන් රට තුළ රාජ්‍ය නායකත්වයේ චාරිත්‍රානුකූල වගකීම් ඉටු කරනු ලබන්නේ ආණ්ඩුකාරවරයා විසිනි. වත්මන් ආණ්ඩුකාරවරයා වන්නේ සර් බොබ් දාදේ (Sir Bob Dadae) වේ. රටේ සැබෑ විධායක බලය සහ පාලන බලය හිමිවන්නේ අග්‍රාමාත්‍යවරයාටයි. වත්මන් අග්‍රාමාත්‍යවරයා වන්නේ ජේම්ස් මරාබේ වේ. වැඩි දුර තොරතුරු මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

    ඒ අනුව ඉහත සමාජ මාධ්‍ය සටහනේ පෙන්වා දෙන පරිදි, ජේම්ස් මරාබේ මහතා මෙවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමට සහභාගි වූයේ ද, යන්න පරීක්ෂා කිරීමේදී, ඔහු මෙවර සැසියට සහභාගී වුණ ත්, ඉහත ඡායාරූපයේ දැක්වෙන්නේ, ඔහු නොවන බව දැක ගන්නට ලැබෙයි.

    සමාජ මාධ්‍ය ඡායාරූපයේ දැක්වෙන පුද්ගලයා කවුරුන්ද?

    මෙම ඡායාරූපයේ සිටින්නේ පැපුවා නිව්ගිනියාවේ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා නොව, මොහු 2017 මැයි මාසයේදී නිව්යෝර්ක් හි පැවැත්වුණු “දේශීය ගැටලු පිළිබඳ එක්සත් ජාතීන්ගේ ස්ථිර සංසදය” (UNPFII) වෙත සහභාගී වූ ස්වදේශික ක්‍රියාකාරිකයෙකි.

    ඔහු නිව්ගිනියානු කඳුකර වැසියන්ට ආවේණික වූ සාම්ප්‍රදායික ශිෂ්ණ කොපුවක් වන ‘කොටේකා’ (Koteka) නමැති සාම්ප්‍රදායික ඇඳුමෙන් සහ හිස් වැස්මෙන් සැරසී පැමිණ තිබුණා.

    එමෙන් ම ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ඔහු අසලින් සිට ඔහු දෙස බලන ආකාරයේ ඡායාරූපය, ඩිජිටල් ලෙස සංස්කරණය කර ලද ඡායාරූපයන් වේ.

    බෙන්ජමින් නෙතන්යාහු මහතා දේශීය ගැටලු පිළිබඳ එක්සත් ජාතීන්ගේ ස්ථිර සංසදයට (UNPFII) සහභාගි වී නොතිබුණි.

    Web link

    මේ පිළිබඳ පළ වූ තව ත් සටහනක් මෙතනින්.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ කරුණු විමර්ශනය අනුව, පෙන්වා දෙන්නේ, 2026 සැප්තැම්බර් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය සම්බන්ධයෙන් සංසරණය වූ සමාජ මාධ්‍ය සටහන් අසත්‍ය හා නොමග යවන සුළු බවයි. විදෙස් අමාත්‍ය විජිත හේරත් මහතා විසින් සිදු කළ ප්‍රකාශ ලෙසට දක්වා තිබූ සටහන් ව්‍යාජ වන අතර, ඔහු එවැනි ප්‍රකාශ සිදු කර නොමැත.

    ජනපති අනුර කුමාර දිසානායක විසින් 2025 එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේ අමතන දර්ශනය යොදා ගෙන ජනපති මෙරටදී සිදු කළ වෙනත් දේශපාලන කතාවල හඬපට එක්කර ව්‍යාජ ලෙස වීඩියෝවක් සංස්කරණය කර තිබේ. ඔහු මෙවර UNGA සැසිවාරයට සහභාගී නොවුණි.

    පැපුවා නිව්ගිනියාවේ අගමැති ජේම්ස් මරාබේ මෙවර සැසිවාරයට ඔවුන්ගේ සම්ප්‍රදායක ඇඳුමින් සහභාගී වූ බවට පෙන්වා දුන් ඡායාරූපයේ සිටින්නේ, ජේහ්ස් මරාබේ නොව වෙනත් පුද්ගලයෙකි. එම ඡායාරූපයේ සිටින්නේ, 2017 වසරේ සහභාගි වූ ස්වදේශික ක්‍රියාකාරිකයෙකි. නෙතන්යාහු සමඟ ඇති බව පෙන්වන ඡායාරූපයද ඩිජිටල් ලෙස සංස්කරණය කරන ලද ඡායාරූපයක් වේ.

    Result Stamp

    Title: එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය ඉලක්ක කරගනිමින් පළ වන නොමග යවන සුළු සටහන්!

    Fact Check By: Pavithra Sandamali

    Result: False

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2026-09-29

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.