Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ගෝඨාභයට අප්‍රසාදය පළ කිරීමේ යෝජනාවට එරෙහිව රනිල් ඡන්දය පාවිච්චි කළාද ?

    2022-05-18
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    රටේ ඉස්මතුව පවතින ආර්ථික සහ දේශපාලන අර්බුදයත් සමගම මතුවූ ජනතා විරෝධ හේතුවෙන් හිටපු අගමැති මහින්ද රාජපක්ෂට සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සිදුවුණා. ඒ වෙනුවට නව අගමැති ලෙස පත්වූයේ රනිල් වික්‍රමසිංහ සම්බන්ධ බොහෝ නොමග යවන සුලු සටහන් මේ දිනවල සමාජ ජාලා හරහා පැතිරෙන

    රටේ ඉස්මතුව පවතින ආර්ථික සහ දේශපාලන අර්බුදයත් සමගම මතුවූ ජනතා විරෝධ හේතුවෙන් හිටපු අගමැති මහින්ද රාජපක්ෂට සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සිදුවුණා. ඒ වෙනුවට නව අගමැති ලෙස පත්වූයේ රනිල් වික්‍රමසිංහ සම්බන්ධ බොහෝ නොමග යවන සුලු සටහන් මේ දිනවල සමාජ ජාලා හරහා පැතිරෙනවා. මේ එවන් සටහන් පෙළක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමක්. 

    සමාජ  ජාලා සටහන් :

    “මේ තියෙන්නෙ ගෝටට අප්‍රසාදය පල කිරීමේ යෝජනාවට රනිල් චන්දෙ දීපු විදිහ…එයාට අප්‍රසාදයක් නෑලු..”, ලෙස සටහනක් පළව තිබුණේ මෙලෙසින්. 

    Facebook | Archived 

    මේ එවන් තවත් සමාජ ජාලා සටහනක් .

    “විශ්වාසභංගයේ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා පොහොට්ටුවට සහයෝගය දෙයි. ඔක්කොම හොරු මල්ලි “, ලෙස සටහනක් තිබුණේ පහත අයුරින්.

    Facebook | Archived 

    මේ ආකරයෙන් ම “ගෝඨා සිටිය යුතු බවට රනිල්ද චන්දය ප්‍රකාශ කර ඇත” යනුවෙන් මෙම ඡන්ද ප්‍රකාශ කිරීමේ අවස්ථාවේ ඡායාරුපයක් ද සමඟ සටහන් පෙළක් මද හුවමාරු වී තිබු අයුරු පහතින්

    මේ පිළිබදවසොයා බැලීමට අප තීරණය කළා. 

    Fact Check (සත්‍ය තොරතුරු විමසා බැලීම) 

    අප විසින් මේ සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වාර්තා කර ඇති ආකාරය නිරීක්ෂණය කළා. 

    එහිදී අපට දැකගන්නට හැකිවූවේ මැයි 17 වැනිදා පාර්ලිමේන්තුව ඡන්ද විමසීමේ දී සිදුව තිබුනේ ජනාධිපතිවරයාට අප්‍රසාදය පළකිරීම සඳහා විශ්වාසභංහ යෝජනාවට පක්ෂව/විපක්ෂව ඡන්දය පළකිරීමක් නොව, පාර්ලිමේන්තුවේ අනෙකුත් සැලසුම් කර ඇති කටයුතු පසෙක තබා, එනම් ස්ථාවර නියෝග අත්හිටුවා, ජනපතිට එරෙහි විශ්වාස භංග යෝජනාව පිලිබඳ විවාදය ප්‍රමුඛ දෙයක් ලෙස සලකා ඉතා ඉක්මනින් විවාදයට ගැනීම පිළිබඳව කැමැත්ත /අකමැත්ත විමසීම සඳහා පැවති ඡන්ද විමසීමක් බවයි. 

    දෙමළ ජාතික සන්ධානයේ පා.ම. එම්.ඒ. සුමන්තිරන් මහතා විසින් ඉදිරිපත් කළ මෙම ස්ථාවර අත්හිටුවීම පිලිබඳ විශේෂ යෝජනාවට (මෝසමට), විරුද්ධව ඡන්ද 119ක් ලැබුණු අතර පක්ෂව ලැබුනේ ඡන්ද 68ක් පමණි. මේ අනුව වැඩි ඡන්ද 51 කින් එම ස්ථාවර නියෝග අත්හිටුවීමේ මෝසම පරාජයට පත්වුණා.

    ඒ  සම්බන්ධයෙන් මැයි 17 පළවූ මාධ්‍ය වාර්තා කිහිපයක් පහතින්

    Lankadeepa | NewsFirst

    එම මෝසමට පක්ෂව සහ විපක්ෂව ඡන්දය ලබාදුන් සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර මෙතනින්

    එසේ ස්ථාවර නියෝග අත්හිටුවීමේ මෝසමට විරුද්ධව ඡන්දය ලබාදුන් පිරිස අතර අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නම ද මෙසේ දැක ගන්නට ලැබුණා.

    Facebook (Parliament Live)

    මෙසේ ජනපතිට එරෙහි ගෙන එන විශ්වාසභංග යෝජනාව, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අත්හිටුවා, විවාදයට ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතා සිය විරෝධතාවය දැක්වීම පිළිබඳව පා.ම. සුමන්තිරන් මහතා අදහස් දක්වා තිබුනේ මෙලෙසින්. 

    https://twitter.com/i/status/1526492154520305664

    එහිදී සුමන්තිරන් මහතා පවසා තිබුනේ මෙම ජනපතිට එරෙහි ගෙන එන විශ්වාසභංග යෝජනාව පිලිබඳ රනිල් වික්‍රමසිංහ මහතා මුල සිටම උනන්දුවෙන් සිටි බවත් එයට පක්ෂව ඡන්ද ය ලබා දෙන බවත් පැවසු බවයි. එවන් පසුබිමක දී එම යෝජනාව අද කඩිනමින් සභාවට ගැනීමට විරුද්ධව ඔහු ඡන්දය ප්‍රකාශ කලේ මන්ද යනුවෙන් ඔහු ප්‍රශ්න කර තිබුනා.

    කෙසේනමුත් ඡන්ද විමසීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබුනේ ජනාධිපතිවරයාට අප්‍රසාදය පළ කරන යෝජනාව විවාදයට ගැනීම සඳහා වන ස්ථාවර නියෝග අත්හිටුවීමේ යෝජනාව පරාජයට පත්වූයේ පාර්ලිමේන්තු උපක්‍රමශීලී බව අමතක කර එය ඉදිරිපත් කළ නිසා බවයි. එම වාර්තාවක් පහතින්.

    Lankadeepa | Archived Ada Derana

    පාර්ලිමේන්තු මාධ්‍ය අංශය

    මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තු මාධ්‍ය අංශයෙන් ද විමසීමක් සිදු කල අතර ඔවුන් පැවසුවේ මෙම යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට මේ වන විටත් ඇතුලු කර ඇති නිසා පක්ෂ නායකයින් රැස්ව තීරණය කරන දින වල මේ පිළිබදව විවාදයක් පවත්වනු ඇති බවයි. ඉන් පසුව මේ සඳහා ඡන්ද විමසීමක් සිදුවනු ඇති බවද ඔවුන් පැවසුවා. කෙසේ වෙතත් මෙවැනි යෝජනාවලදී ඡන්ද විමසීමකට නොගොස් ඒකමතිකව සම්මත වීම වැනි දෑ තාක්ෂණිකව සිදු විය හැකි වුවත්, මේ යෝජනාවේ ස්වභාවය අනුව එවැන් දෙයක් සිදුවිය නොහැකි බවත් පවසා සිටියා. කෙසේ වෙතත් මෙය දෝෂභියෝගයක් තරම් බලවත් යෝජනාවක් නොවන අතර මෙම යෝජනාව බහුතර ඡන්දයෙන් සම්මත වුවත් එය ජනාධිපතිට සිය ධූරයේ කටයුතු කිරීමට බාධාවක් නොවන අතර ජනාධිපතිවරයා කෙරෙහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පවතින අප්‍රසාදය කෙරෙහි සංඥාවක් වනු ඇති බවයි ඔවුන් වැඩිදුරටත් පැවසුවේ.

    මේ අනුව ජනාධිපතිවරයාට අප්‍රසාදය පළ කිරීමේ යෝජනාව ඉදිරි දිනවලදී පාර්ලිමේන්තුවේ විවාදයට ගැනෙනු ඇති අතර ඉන් අනතුරුව ඒ සදහා වන ඡන්ද විමසීමේ තොරතුරු සමඟ මෙම ලිපිය ඉදිරියේ දී යාවත්කාලීන කිරීමට ද අප බලාපොරොත්තු වෙමු.

    අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය)

    අප විසින් සිදු කරන ලද කරුණු විමසීමේදී තහවුරුවූ කාරණය නම් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා විසින්, මැයි 17 වැනිදා ඉදිරිපත් වූ, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අත්හිටුවා ජනාධිපතිවරයාට එරෙහි අප්‍රසාදය පළ කිරීමේ යෝජනාව විවාදයට ගැනීමට ගෙන ආ මෝසමට විරෝධය පළ කර ඡන්දය පාවිච්චි කර තිබුණද ඔහු ජනාධිපතිවරයාට අප්‍රසාදය පළ කිරීමේ යෝජනාවට පක්ෂව හෝ විපක්ෂව ඡන්දය පාවිච්චි කිරීමක් මෙතෙක් සිදුකර නැත. එයට හේතුව ජනාධිපතිවරයාට අප්‍රසාදය පළ කිරීමේ යෝජනාව පිලිබඳ ඡන්ද විමසීමක් මෙතෙක් සිදුවූයේ නැති බැවිනි. ඉදිරි දිනවලදී එම යෝජනාව පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනෙනු ඇත.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2022-05-18

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.