Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK: එක්සත් ජාතීන්ගේ සමුළුවේ දී ජනාධිපති ගෝඨාභයගේ කතාව අතරතුර සභා ගැබේ සිටි පිරිසක් ඉන් ඉවත්වුණා ද?

    2021-09-25
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරය මේ දිනවල අමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක්හි දී පවත්වනු ලැබෙනවා. මෙම අවස්ථාවට සහභාගී වූ ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය නායක සමුළුව අමතන අවස්ථාවේදී සභා ගැබේ පිරිසක් ඉන් ඉවත් වූ බව හැඟවෙන ආකාරයට සමාජ මාධ්‍

    එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරය මේ දිනවල අමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක්හි දී පවත්වනු ලැබෙනවා. මෙම අවස්ථාවට සහභාගී වූ ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය නායක සමුළුව අමතන අවස්ථාවේදී සභා ගැබේ පිරිසක් ඉන් ඉවත් වූ බව හැඟවෙන ආකාරයට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් සම්බන්ධයෙන් නිරවද්‍ය කරුණු සොයා අප කළ විමසුමයි මේ.

    සමාජ මාධ්‍ය සටහන් :

    “හිටපු පිරිසගේ ගොඩක් අය ජනාධිපතිතුමා කතාකරද්දී නැගිටලා ගිය එක ගැන අපි පරීක්ෂණයක් ඉල්ලන්න ඕන නේද?” යනුවෙන් සඳහන් කරමින් ඡායාරූප සටහනක් එක් කර තිබුණේ මෙලෙසින්. 

    Facebook | Archived Link

    එම තේමාව යටතේම සංසරණය වූ තවත් සටහනක් පහතින්.

    Facebook | Archived Link

    මෙම සටහන් මඟින් අදහස් කර තිබුණේ, අනෙකුත් නායකයින් කතා පැවත්වූ අවස්ථාවල දී සභා ගැබේ වැඩි පිරිසක් සිටි බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම සැසියේදී කතා කළ අවස්ථාවේ බොහෝ පිරිසක් ඉවත්ව ගොස් තිබූ බවත්ය.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

    අමෙරිකාවේ, නිව්යෝර්ක් හි මේ දිනවල පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වන සැසිවාරය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිටත්ව ගියේ, දිවයිනෙන් බැහැරව විදේශ සමුළුවකට සහභාගී වන පළමු අවස්ථාව සහ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී රාජ්‍ය නායක සමුළුව අමතන පළමු අවස්ථාව වශයෙනි. 

    මෙම සැසිවාරය අතරතුර දී, සැප්තැම්බර් 21 සිට 27 දක්වා පැවැත්වෙන රාජ්‍ය නායක සමුළුව අමතමින්, සැප්තැම්බර් මස 22 වන දා ගෝඨාභය රාජපක්ෂ මහතා සිදුකළ සම්පුර්ණ කතාව සිංහලෙන් මෙතනින්.

    කෙසේනමුත් ඉහත සමාජ මාධ්‍ය සටහන් වල, ජනපති ගෝඨාභය රාජපක්ෂ මතතා සමුළුව අමතන අවස්ථාවේ දී, ශාලාවේ සිටි පිරිසක් බැහැරව ගොස් තිබු බවක් උපහාසාත්මක කෝණයකින් සඳහන් කළද, එම අවස්ථාවට අදාළ වීඩියෝ රූප රාමු පරීක්ෂා කිරීමේ දී තහවුරු වූයේ සැප්තැම්බර් මස 22 වනදා, සැසිවාරය ආමන්ත්‍රණය කරනු ලැබූ රාජ්‍ය නායකයින් සියලු දෙනාගේ කතාවන් වලදී අඩු පිරිසක් සහභාගී වී තිබූ බවයි. එසේම කොවිඩ් ආරක්ෂණ මාර්ගෝපදේශ හේතුවෙන් එම ශාලාවේ රැස්ව සිටින්නන් අතරද සමාජ දුරස්ථභාවය තබා අසුන් ගැනීමට ඉඩ සලස්වා ඇති බවත් පෙනී යනවා. 

    සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සැසිය ආමන්ත්‍රණය කරන අවස්ථාවේ දී පිටුපස සිට ලබාගෙන තිබු දර්ශනය සමඟ එදිනම වෙනත් රාජ්‍ය නායකයින්ගේ එම කෝණයෙන් ලබාගත් ඡායාරුප සමඟ සංසන්දනයක් පහතින්. 

    ඉහත දක්වා ඇත්තේ සැප්තැම්බර් මස 22 වැනි දින ගෝඨාභය රාජපක්ෂ ජනපති ආමන්ත්‍රණය කිරීමට පෙර (ගහනාවේ ජනපති Nana Addo Dankwa Akufo-Addo) සහ පසු (සෞදි අරාබියානු රජු – Salman Bin Abdulaziz Al-Saud -පටිගත කරන ලද) රාජ්‍ය නායකයින් සැසිය ඇමතු අවස්ථාවේදී ලබාගත් ඡායාරුප දෙකක්. 

    මේ අනුව ද සභා ගර්භයේ රැස්ව සිටින්නන් ප්‍රමාණය අතර වෙනසක් නොවී ඇති බවට නිරීක්ෂණය වෙනවා. මහා බ්‍රිතානයේ අගමැති බොරිස් ජොන්සන් මහතා එදිනම සැසිය අවසානයේ සිදුකල කතාවේ දර්ශන මෙතනින්. මෙම රාජ්‍ය නායකයින්ගේ සමුළුවේ එක් එක් නායකයින් සමුළුව ඇමතු අවස්ථා අනුපිළිවෙල මෙතනින්. සියලු නිල ඡායාරුප මෙතනින්.

    මේ ආකාරයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබූ දෙවන ඡායාරුපය ද සැප්තැම්බර් මස 22 වැනිදා රාජ්‍ය නායකයින්ගේ සමුළුවේදී ඒ හා සමීප කෝණයෙන් ලබාගත්, වෙනත් රාජ්‍ය නායිකාවක් සභාව ඇමතූ අවස්ථාවක ඡායාරුප සමඟ සංසන්දනය කිරීමේ දී එක හා සමාන බව පෙනී යනවා.

    මෙහි දකුණු පසින් දැක්වෙන්නේ එස්ටෝනියාවේ ජනාධිපතිනිය Kersti Kaljulaid විසින් සිය කතාව පවත්වන අවස්ථාවේ ලබා ගත් ඡායාරූපයක්. (වීඩියෝවේ 02:55:51)

    තව ද එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76වන සැසිවාරයේ රාජ්‍ය නායක සමුළුව ඇමතූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ සම්පූර්ණ කථාව අතරතුරදී හෝ ආමන්ත්‍රණය කිරීමට ආරාධනා කරන අවස්ථාවේදී හෝ සභා ගැබේ පිරිස ඉන් ඉවත්වන අයුරු එහි දක්නට නොලැබුණි. එම අවස්ථාව මෙතනින්. 

    කෙසේනමුත් මෙම සැසියේ ආරම්භක දිනය වූ සැප්තැම්බර් මස 21 වැනිදා, දෙවැනි දින වූ සැප්තැම්බර් 22 වනදා ට සාපේක්ෂව වැඩි පිරිසක් සහභාගී වී තිබූ බව එහි ඡායාරුප සහ වීඩියෝ දර්ශන පරීක්ෂා කිරීමේ දී ද දැක ගන්නට ලැබෙනවා. එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් සැසිය ඇමතු වෙලාවේ දර්ශන මෙතනින්. ඇමරිකානු ජනපති ජෝ බයිඩන් සැසිය ඇමතු වෙලාවේ ඡායාරුපයක් මෙතනින්.

    මෙවර සමුළුවේ තේමාව වූයේ “කොවිඩ් 19 – වෛරසයෙන් සුවය ලබා ගැනීම සඳහා බලාපොරොත්තු සහගත බව තුළින් ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය, තිරසර බව යළි ගොඩනැගීම, පෘථිවියේ අවශ්‍යතාවන්ට ප්‍රතිචාර දැක්වීම, මිනිසුන්ගේ අයිතිවාසිකම්වලට ගරු කිරීම සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය නැවත පණ ගැන්වීම” 

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දිය හැක්කේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් වල දැක්වෙන පරිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ රාජ්‍ය නායක සමුළුව අමතන අවස්ථාවේදී සභා ගැබේ පිරිස ඉන් ඉවත් වූ බවට පළ වන සටහන් නොමග යවන සුළු බවයි. අප කළ නිරීක්ෂණයේදී තහවුරු වූයේ, ජනපති ගෝඨාභය රාජ්‍ය නායකයින්ගේ සමුළුව ඇමතූ දිනය වූ සැප්තැම්බර් 22 වනදා සැසියේ මූලාරම්භයේ සිටම ඊට සහභාගිවී තිබුණේ අඩු පිරිසක් වූ අතර කොවිඩ් ආරක්ෂණ මාර්ගෝපදේශ හේතුවෙන් එම සැසිවාරය සඳහා සහභාගී වූ නායකයින් අතරේ ද සමාජ දුරස්ථභාවය පවත්වාගනිමින් අසුන් පනවා තිබූ බවයි. එමෙන්ම එදිනම වෙනත් රාජ්‍ය නායකයින් මෙම සමුළුව ඇමතූ අවස්ථාවන්හීදී ද, සභා ගැබේ රැස්ව සිටි පිරිසෙහි සැලකිය යුතු වෙනසක් සිදු නොවී තිබුණි. 

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2021-09-25

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.