Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    අධිවේගී මාර්ගයේ සිදු වූ හඳුන්නෙත්තිගේ සුළු අනතුර ගැන ව්‍යාජ අර්ථකථනයක්!

    2024-02-22
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ඇතැම් අවස්ථාවන් වල සත්‍ය සිදුවීම්වලට ද අසත්‍ය තොරතුරු ඇතුළත්කරමින්, නොමඟවන  සුළු සමාජ මාධ්‍ය ඔස්සේ නිර්මාණය වෙනවා. එවැනි ව්‍යාජ අර්ථකතනයක් සමඟින්, ජාතික ජන බලවේගයේ සුනිල් හඳුන්නෙත්ති මහත

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

    ඇතැම් අවස්ථාවන් වල සත්‍ය සිදුවීම්වලට ද අසත්‍ය තොරතුරු ඇතුළත්කරමින්, නොමඟවන  සුළු සමාජ මාධ්‍ය ඔස්සේ නිර්මාණය වෙනවා. එවැනි ව්‍යාජ අර්ථකතනයක් සමඟින්, ජාතික ජන බලවේගයේ සුනිල් හඳුන්නෙත්ති මහතා ඉලක්ක කරගනිමින් හුවමාරු වන සටහනක් පිළිබඳ Factcrescendo අප සිදු කළ විමසා බැලීමක් පහතින්. 

    සමාජ මාධ්‍ය සටහන් :

    “දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයේ බද්දේගම පිවිසුම අසල සුනිල් හඳුන්නෙත්ති රිය අනතුරක. බීමත් ව සිටි බවට තොරතුරු” යනුවෙන් සඳහන් කරමින් News1st නිල ෆේස්බුක් පිටුවේ පුවතක් පළ කර ඇති බව ට දක්වමින් ෆේස්බුක් සටහනක් සංසරණය වුණා.

    Facebook | Archived Link

    මෙම සටහන් ෆේස්බුක් ඔස්සේ බහුල ව සංසරණය වී තිබුණේ මෙලෙසින්.

    මෙම සටහන් වල නිරවද්‍යතාවය විමසා බැලීමට අප පියවර ගත්තේ මේ අයුරින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයේ බද්දේගම පිවිසුම අසල ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික සුනිල් හඳුන්නෙත්ති මහතා රිය අනතුරකට ලක් වී ඇති බවට මේ ආකාරයේ පුවතක් ඊයේ(20) දින සිරස News1st නිල ෆේස්බුක් පිටුවේ පළ කර තිබුණා ද, යන්න අප ප්‍රථමයෙන් පරීක්ෂා කළා. නමුත් එවැනි පුවතක් එහි වාර්තා කර ඇති බවට දැක ගන්නට නොලැබුණු අතර එම පිටුවේ සමාජ මාධ්‍ය සටහන් සඳහා යොදා ගන්නා ආකෘතියට ද වඩා වෙනස් ආකෘතියක් ඉහත පුවත් සටහන් සඳහා යොදාගෙන ඇති බව නිරීක්ෂණය වුණා.

    අධිවේගී මාර්ගයේ පොලිස් මූලස්ථානය

    දක්ෂිණ අධිවේගි මාර්ගයේ බද්දේගම පිවිසුම අසල ඊයේ(20) දින අනතුරක් සිදු වූවාද යන්න පිළිබඳ විමර්ශනය කිරීමට අප අධිවේගී මාර්ගයේ ගැටලු පිළිබඳ දැනුම් දීමට ඇති සේවා අංකය වන 1969 අංකයට දුරකථන ඇමතුමක් ලබා ගත්තා.

    ඒ අනුව, අධිවේගී මාර්ගයේ පොලිස් මූලස්ථානය තහවුරු කළේ, බද්දේගම පිවිසුම අසල පසුගිය පෙබරවාරි 19 වන දින අනතුරක් සිදු වූ බවට දුරකතන ඇමතුමක් ලැබුණු බවත්, දක්ෂිණ අධිවේගි මාර්ගයේ සුනිල් හඳුන්නෙත්ති මහතා රැගෙන ධාවනය වෙමින් තිබූ වාහනයක එම මාර්ගයේ සිටි මොණරෙකු බේරා ගැනීමට යෑමේදී එහි තිබූ ආරක්ෂිත වැටේ වැදී අනතුරක් සිදුවූ බවට ඉන් ප්‍රකාශ වූ බවත්ය. 

    ඉන් පසුව එම අවස්ථාවේදී ක්‍රියාත්මක වූ අධිවේගි මාර්ග රථවාහන පාලන අංශය, අනතුර සිදුවූ ස්ථානයට ගොස් නිරීක්ෂණය කොට අවශ්‍ය ක්‍රියාපටිපාටිය සිදු කළ බවත්, අනතුරට ලක්වූ වාහනය ධාවනය කරමින් සිටි රියැදුරු හෝ සුනිල් හඳුන්නෙත්ති මහතා හෝ බීමත් ව නොසිටි බවත්, පොලීසිය විසින් තහවුරු කරනු ලැබුවා.

    සුනිල් හඳුන්නෙත්ති

    සුනිල් හඳුන්නෙත්ති මහතාගෙන් මේ අනතුර පිළිබඳව අප කළ විමසීමේදී පවසා සිටියේ, ඉහත සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන කරුණු වන දක්ෂිණ අධිවේගි මාර්ගයේ බද්දේගම පිවිසුම අසල තමන් ගමන් ගත් වාහනය සුළු අනතුරකට ලක් වූ බව සත්‍ය නමුත්, එම අවස්ථාවේ තමන් හෝ වාහනයේ රියැදුරු හෝ බීමත් ව සිටි බව ට දැක්වෙන තොරතුරු අසත්‍ය බවයි.

    දක්ෂිණ අධිවේගි මාර්ගයේ තමන් රැගත් වාහනය ධාවනය වෙමින් තිබූ අතර, 73 කිලෝමීටර් කණුව අසලදී හදිසියේ මාර්ගයට පැමිණි මොණරෙකු බේරා ගැනීමට තම රියැදුරු ගත් උත්සාහයේදී  ආරක්ෂිත වැටේ වැදී මෙම අනතුර සිදු වූ බවත්, තමන් එ් පිළිබඳ අධිවේගී මාර්ගයේ හදිසි ඇමතුම් අංකයට (1969) දැනුවත් කළ අතර ඉන්පසුව පැමිණි අධිවේගි මාර්ග පොලීසිය විසින් පරීක්ෂාවන් සිදු කළ අතර, සිදුව තිබු අලහභානියට අදාළ ගෙවීම් සිදු කළ බව ද, තමන් එම අවස්ථාවේ කුරුඳුගහ හන්දිය පොලීසිය වෙත ද අදාළ කටයුතු සඳහා ගිය බවත්, එම පොලීසිය විසින් පරික්ෂණ මෙහෙය වූ බවත්, සඳහන් කළා.

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok | WhatsApp

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, “දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයේ බද්දේගම පිවිසුම අසල සුනිල් හඳුන්නෙත්ති රිය අනතුරක. බීමත් ව සිටි බවට තොරතුරු” යනුවෙන් සිරස News1st නිල ෆේස්බුක් පිටුවේ පළ කර තිබුණු බවට පළ වන පුවත නොමග යවන සුළු බවයි. එම ෆේස්බුක් පිටුවේ එවැනි පුවතක් පළ කර නොතිබුණි.

    නමුත් පසුගිය පෙබරවාරි 19 වනදා, දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයේ 73 කිලෝමීටර කණුව අසල දී අධිවේගී මාර්ගයේ ආරක්ෂිත වැටේ ගැටී, සුනිල් හඳුන්නෙත්ති මහතා රැගෙන ධාවනය වෙමින් තිබූ වාහනය සුළු අනතුරකට ලක්වී තිබුණි. නමුත් එම වාහනයේ රියැදුරු හෝ සුනිල් හඳුන්නෙත්ති මහතා හෝ බීමත් ව නොසිටි බව, එම අනතුර පිලිබඳ පරීක්ෂණ සිදුකළ අධිවේගී මාර්ගයේ පොලිස් මූලස්ථානය විසින් තහවුරු කළා.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2024-02-22

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.