Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    අධිවේගී මාර්ගවල අංක තහඩු හොරු සම්බන්ධ සිදුවීමේ ඇත්ත නැත්ත!

    2023-10-10
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ඇතැම් අවස්ථා වලදී සමාජ මාධ්‍යයේ දැනුවත් කිරීම් කරමින් සිදු කරන පළ කිරීම් ඔස්සේ සමාජය නොමග යන අවස්ථා දැක ගන්නට පුළුවන් වනවා. මතු ආරක්ෂාව සම්බන්ධයෙන් ඇතැම් දැනුවත් කිරීම් සිදු කළ ද, එ් ඔස්ස

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    ඇතැම් අවස්ථා වලදී සමාජ මාධ්‍යයේ දැනුවත් කිරීම් කරමින් සිදු කරන පළ කිරීම් ඔස්සේ සමාජය නොමග යන අවස්ථා දැක ගන්නට පුළුවන් වනවා. මතු ආරක්ෂාව සම්බන්ධයෙන් ඇතැම් දැනුවත් කිරීම් සිදු කළ ද, එ් ඔස්සේ අසත්‍ය තොරතුරු පතුරා සමාජයේ අනිසි බියක් ඇති කිරීම මෙමගින් සිදු වන හෙයින් ජනතාව නොමග යා හැකි ලෙස පළ කළ සමාජ මාධ්‍ය සටහනක නිරවද්‍යතාව සොයා අප විමර්ශනයක් සිදු කළේ මෙලෙසින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    “Alert 🚨 ‼️

    *අංක තහඩු හොරු* 

     අධිවේගී මාර්ගවල නව කොල්ලකෑමේ විලාසය: අංක තහඩු කොල්ලය:

     නව අංක තහඩු පැහැර ගැනීමේ ප්‍රවණතාවක් තිබේ.  Hi-jackers ඔබ වාහන නැවැත්වීමේ ස්ථානය follw කරයි, ඔබ ඔබේ වාහනයෙන් බැස ගිය පසු, ඔවුන් ඔබේ අංක තහඩුව ගලවා බලා සිටියි.  ඔබ ආපසු පැමිණ රිය අධිවේගී මාර්ගය පදවන විට, ඔවුන් ඔබ පසුපස එයි.  එවිට ඔවුන් ඔබව අභිබවා යන අතර, ඔබේ අංක තහඩුව ඔවුන් අහුලාගත්තා  මෙන් ඔවුන්ගේ ජනේලයෙන් පිටත ප්‍රදර්ශනය කරමින් ඔවුන්ට එය ඔබට නැවත ලබා දීමට අවශ්‍ය වේ.

     >>>>>>> ඔබ ඔබේ අංක තහඩුව නැවත ලබා ගැනීමට නතර වූ විට, තුවක්කු එළියට පැමිණ ඔවුන් මෝටර් රථය රැගෙන යයි.  සමහර විට ඔබ සහ ඔබේ මෝටර් රථය රැගෙන යයි.  එය ඉතා හොඳින් පෙරහුරු කරන ලද සහ සංවිධානාත්මක සැලැස්මක් වන අතර සෑම දෙයක්ම ඉතා ඉක්මනින් සිදු වේ.  ඔබ විසින්ම මෝටර් රථය නැවැත්වීම නිසා සිදුවන්නේ කුමක්ද යන්න වෙනත් මෝටර් රථ හිමියන් නොදැන සිටිය හැකිය.  කරුණාකර මෙම අනතුර ගැන අන් අය දැනුවත් කරන්න !!!  මේ නිව්ස් එක තියාගන්න එපා.  එය පැතිරෙන්න.  මෙය මීට දින කිහිපයකට පෙර සිදුවූයේ සපුගස්කන්ද පොලිස් බල ප්‍රදේශයේදීය.”

    Facebook | Archived Link

    මෙම සටහන් ෆේස්බුක් ඔස්සේ බහුලව සංසරණය වී තිබුණේ මෙලෙසින්.

    මෙම සටහන් WhatsApp ඔස්සේ ද, බහුලව සංසරණය වී තිබුණා.

    මෙරට සිදවීමක් බවට අඟවමින් තව ත් වීඩියෝවක් සංසරණය වූයේ මෙලෙසින්.

    Facebook

    මෙහි නිරවද්‍යතාවය විමසා බැලීමට අප කටයුතු කළේ මෙලෙසින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    අධිවේගී මාර්ගය තුළ මෙවැනි සිදුවීම් වාර්තා වී ඇති බවට ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර ඇත්දැයි යන්න පරීක්ෂා කළා. නමුත් එවැනි සිදුවීමක් මෑතකදී වාර්තා නොවූ බව අපට දැක ගන්නට නොලැබුණි.

    ඒ අනුව අප ඉහත සටහන් වල දක්වා තිබුණු ලෙස සපුගස්කන්ද පොලිස් බල ප්‍රදේශයේ මෙවැනි වාහන මංකොල්ල සිදුවී ඇති බවට වාර්තා වී ඇත්දැයි යන්න හෝ පොලීසියට පැමිණිලි ලැබී ඇත්දැයි යන්න පිළිබඳ අප සපුගස්කන්ද පොලීසියෙන් අපරාධ අංශයෙන් ද, විමසීමක් කළා.

    ඔවුන් සඳහන් කළේ, එවැනි පැමිණිලි හෝ සිදුවීම් පිළිබඳ වාර්තා වී නොමැති බවයි.

    ඉන්පසුව අප අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාශයෙන් ද, මේ සම්බන්ධයෙන් විමසීමක් කළ අතර, අංක තහඩු සොරකම් කර වාහන නවත්වා එම වාහක මංකොල්ල කෑම් සිද්ධි වාර්තා නොවූ බව ත්, එවැනි දර්ශන හෝ දැක ගැනීමට නොහැකි බව ත්, සඳහන් කළා. එමෙන් ම අධිවේගී මාර්ගය තුළ වාහන නවැත්වීමේ ස්ථාන වලින් පිටත වාහන නැවැත්වීමට නොහැකි බව ත්, ආරක්ෂක ක්‍රම සහිත මාර්ගෝපදේශ ඇතුළත් කරමින් ඒ පිළිබඳ නිරන්තරයෙන් අධිවේගී මාර්ගය භාවිත කරන රියැදුරන් අත්පත්‍රිකා මගින් ද, දැනුවත් කරන බව ත්, ඔවුන් වැඩි දුරටත් සඳහන් කළා. එමෙන් මඅධිවේගී මාර්ගයෙන් කුමන හෝ ගැටලුවක් පැන නගින්නේ නම් 1969 ඇමතුම් ගාස්තු නොමැති දුරකතන අංකය අමතා සහය පතන ලෙස ද, ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

    එමෙන් ම ඉහත දෙවන වීඩියෝව මෙරට සිදුවීමක් නොව කොලොම්බියාවේ Cali ප්‍රදේශයේ වූ සිදුවීමක් වන අතර මෙරටින් එවැනි සිදුවීම් මෑතකදී වාර්තා නොවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළා.

    කෙසේ වෙතත් මෙම සටහන් සමාජ මාධ්‍ය ඔස්සේමීට පෙර වසරවල සිට ම වරින් වර සංසරණය වූ අතර මෙවැනි දෑ ඉදිරියේදී සිදු වන්නේ නම් ඒ පිළිබඳ දැනුවත් වෙමින් අදාළ අංශ දැනුවත් කරමින් නියමිත මාර්ගෝපදේශ පිළිපදිමින් ආරක්ෂා වීමට වගබලා ගත යුතු වේ.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Also Read : වින්ඩ් ස්ක්‍රීන් එකට බිත්තරයකින් දමා ගැසුවොත්, පෙනීම 92.5% දක්වා අවහිර වෙනවා ද ?

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, සපුගස්කන්ද පොලිස් බල ප්‍රදේශයේ අධිවේගී මාර්ගයේදී අංක තහඩු සොරකම් කරමින් වාහන මංකෝලල කන බවට පැතිරෙන පුවතේ සත්‍යතාවයක් නොමැති බවයි. මෙතෙක් එවැනි පැමිණිලි හෝ සිදුවීම් වාර්තා වී නොමැති බව ට, සපුගස්කන්ද පොලිස් අපරාධ අංශය මෙන් ම, අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාශය ද, තහවුරු කළා.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2023-10-10

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.