Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    මේ ගාසා වැසියන් තුවාල වුණු බවට බොරුවට රගපාන වීඩියෝවක්  නොවේ .

    2023-10-26
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ විදේශිය රටවල පළ වන වීඩියෝ නොමග යන සුළු වෙනත් අර්ථකථන ලබා දී හුවමාරු කර ගැනීම නිසා ඒ ඔස්සේ මෙරට සමාජ මාධ්‍ය භාවිත කරන්නන්ද නොමග යනු ලබයි. එවැනි වීඩියෝවක නිරවද්‍යතාව සොයා

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    සමාජ මාධ්‍ය ඔස්සේ විදේශිය රටවල පළ වන වීඩියෝ නොමග යන සුළු වෙනත් අර්ථකථන ලබා දී හුවමාරු කර ගැනීම නිසා ඒ ඔස්සේ මෙරට සමාජ මාධ්‍ය භාවිත කරන්නන්ද නොමග යනු ලබයි. එවැනි වීඩියෝවක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    “අසිරිමත් Gaza වැසියෝ….රඟපෑම අති විශිෂ්ඨයි…අපේ චැනල් වලට ඉතින් මේවා real acting තමයි” යනුවෙන් සඳහන් කරමින් වීඩියෝවක් සංසරණය වී තිබුණා. එහි ගාසා තීරයේ සිටින වැසියන් හමාස් සංවිධානයේ ප්‍රහාර වලට ලක් වූ බවට පෙන්වීමට වේශ නිරූපනය කරන බවට හඟවමින් මෙම වීඩියෝව හුවමාරු වූයේ.

    Facebook

    මෙම වීඩියෝව ෆේස්බුක් පරිශීලකයින් හාරදහස ඉක්මවූ ප්‍රමාණයක් නරඹා තිබුණා.

    මෙහි නිරවද්‍යතාවය විමසමින් අපට ලැබුණු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මේ පිළිබඳ විමර්ශනය කිරීමට අප පියවර ගත්තා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    මේ දිනවල මාධ්‍ය මගින් වාර්තා කෙරුණු ගාසා තීරයේ වත්මන් තත්ත්වයේ වීඩියෝ දර්ශන වල ඉහත සඳහන් ආකාරයේ වීඩියෝවක් පළ වී තිබුණාද, යන්න ප්‍රධාන මාධ්‍ය ධාරා හරහා අප ප්‍රථමයෙන් පරීක්ෂා කළ ත්, එවැනි වීඩියෝවක් අපට දැක ගන්නට නොලැබුණි.

    ඒ අනුව, පවතින ඊශ්‍රායල පලස්තීන ගැටුම මධ්‍යයේ පලස්තීනුවන් ව්‍යාජ තුවාල සිදු කරන බව පෙන්වන බවට සඳහන් කළ මෙම වීඩියෝවේ රූප රාමු අප ප්‍රථමයෙන් ම Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා. එහිදී මෙම වීඩියෝව 2019 වසරේ දී YouTube හි පළ වී ඇති බව ට දැක ගන්නට ලැබුණා.

    ඒ අනුව මෙය වර්තමාන ඊශ්‍රායල්- හමාස් ගැටුම් තත්ත්වයට සමගාමීව පටිගත කර ඇති වීඩියෝවක් නොවන බවට තහවුරු වේ.

    එමෙන් ම 2017 මාර්තු 2 වන දින තුර්කි ප්‍රවෘත්ති ආයතනයක් වන TRT World විසින් YouTube හි පළ කරන ලද පලස්තීන චිත්‍රපට කර්මාන්තය ගැන වාර්තා කරන ‘Showcase’ නම් වැඩසටහනේ ඉහත සඳහන් වීඩියෝ කොටස අඩංගු වී තිබෙනවා.(තත්පර 24 සිට තත්පර 50 දක්වා) 

    මෙහි දැක්වෙන්නේ, වේශ නිරූපණ ශිල්පිනී මාරියම් සලා විසින් එහි සිටින පිරිස මත බිහිසුණු පෙනුමක් ඇති තුවාල ඇති බවට වේශ නිරූපනය කරන බවයි. මෙම කලාකරුවන් ඩොක්ටර්ස් ඔෆ් ද වර්ල්ඩ් නම් ප්‍රංශ පුණ්‍යායතන ව්‍යාපෘතියකට සහභාගී වන බව ද, එහි සඳහන්.

    ‘ඩොක්ටර්ස් ඔෆ් ද වර්ල්ඩ්’ යනු අවදානමට ලක්විය හැකි පුද්ගලයින්ට හදිසි සහ දිගු කාලීන වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයකි.

    එමෙන්ම එම මාධ්‍ය ආයතනය විසින් පවසන්නේ, ගාසා වැසියන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් දැනුවත් කිරීම් සිදු කිරීම ඔවුන් මෙමගින් බලාපොරොත්තු වන බවයි. සලා විනාඩි දෙකේ සිට විස්සක් වැනි කාලයකදී ඇයගේ විශේෂ ප්‍රයෝ උපයෝගි කරගනිමින් මෙම ‍වේශ නිරූපන නිම කරන බවයි.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) : 

    ගාසා තීරයේ සිටින වැසියන් හමාස් සංවිධානයේ ප්‍රහාර වලට ලක් වූ බව ලොවට පෙන්වීමට ව්‍යාජ ලෙස වේශ නිරූපනය කරන බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝව නොමග යන සුළු වේ. එම වීඩියෝව 2017 වසරේ තුර්කියේ මාධ්‍ය ආයතනයක පළ වූ පලස්තීන චිත්‍රපට කර්මාන්තය ගැන වාර්තා කරන ‘Showcase’ නම් වැඩසටහනේ ගාසා වැසියන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් දැනුවත් කිරීම් සිදු කිරීමට නිර්මාණය කරන ලද වීඩියෝවකි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2023-10-26

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.