Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    යාපනයේ දිස්වූ දර්ශන ලෙස හුවමාරු වන්නේ මේ වසර මුල හුවමාරු වූ ඡායාරුප පෙළක්!

    2024-11-28
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ලංකාවේ මේ දිනවල ඇත්තේ අයහපත් කාලගුණ තත්ත්වයක්. මෙවැනි තත්ත්වයක් යටතේ සමාජ ජාලවලද විවිධ නොමගයවන සුළු සටහන් දක්නට ලැබෙනවා. මේ එවන් සටහනක් පිලිබඳව අප විසින් සිදු කරන කරුණු විමසා බැලීමක්. සමා

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    ලංකාවේ මේ දිනවල ඇත්තේ අයහපත් කාලගුණ තත්ත්වයක්. මෙවැනි තත්ත්වයක් යටතේ සමාජ ජාලවලද විවිධ නොමගයවන සුළු සටහන් දක්නට ලැබෙනවා. මේ එවන් සටහනක් පිලිබඳව අප විසින් සිදු කරන කරුණු විමසා බැලීමක්.

    සමාජ ජාලා සටහන් 

    යාපනය ප්‍රදේශයේ අහස ආශ්‍රිතව දක්නට ලැබුණු දර්ශණයක් ලෙස සමාජ ජාලාවල පැතිරෙන විවිධ ආලෝකයන් සහිත සේයාරූ සංසරණය වෙනවා. පහත දැක්වෙන්නේ එවන් සමාජ ජාලා සටහනක්. යාපනය ප්‍රදේශයේ අහස ලෙස දක්නට ලැබෙන මෙම පොස්ටුවල අර්ධ චක්‍රාකාර ආලෝකයක් දක්නට ලැබෙන අතර එමෙන්ම වෙනත් සේයාරුවක කවාකාර ආලෝක තුනක් එක පෙලට තිබෙන ආකාරයක්ද දැකගන්නට ලැබෙනවා.

    A collage of images of a light beam in the sky

Description automatically generated

    FB | Archived 

    මේ පිලිබදව කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.

    සත්‍ය කරුණු විමසා බැලීම [Fact Check ]

    අප මුලින්ම සොයා බැලුවේ මෙවන් තත්ත්වයක් පිලිබදව ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මගින් කරුණු වාර්තා කර ඇතිද යන්නයි. නමුත් එවන් පුවත් දැකගන්නට ලැබුණේ නැහැ.

    ඉන් අනතුරුව අප මෙම සේයාරූ Revere Image සෙවුමකට ලක්කරනු ලැබුවා, එහිදී දැකගන්නට ලැබුණේ මෙම සේයාරූ, මේ වසර මුල දී, ඇමරිකාවේ ඇරිසෝනා ප්‍රාන්ත අහසේ දිස්වූ කිසියම් හදුනා නොගත් ආලෝකයනට සම්බන්ධ බවයි. 

    මෙම ඡායාරූප මුල්වරට 2024 පෙබරවාරි මස සමාජ මාධ්‍ය ඔස්සේ පළවී තිබුනේ මෙලෙසින්.

    ඉන්පසුව 2024 මාර්තු මාසයේ දී ද සමාජ ජාලාවල මෙම ඡායාරුප පෙළ අඩංගු සටහන් බහුලව ව්‍යාප්ත වීමත් සමඟ බොහෝ දෙනෙක් මෙහි දිස්වන්නේ කුමක් ද නැතිනම් කුමන ආකාරයේ සංසද්ධියක් ද යන්න පිලිබඳව විමසිලිමත් වී තිබුණා. ඒ සම්බන්ධයෙන් පලවූ වෙබ් පුවත් වාර්තාවකට පිවිසිය හැකියි මෙතනින් | Archived 

    මේ සම්බන්ධයෙන් සමාජ ජාලාවල කරුණු දැක්වූ පුද්ගලයන් විවිධ දේ පවසා තිබෙනවා.

    ඇතැමෙක් පවසන ආකාරයට මෙය පිටසක්වල ජීවින් සහ හදුනා නොගත් ආකාශ වස්තුන්ට සම්බන්ධයි. තවත් අය පවසන්නේ මෙය දෘෂ්ටි මායාවක් විය හැකි බවයි. තවත් අය පවසන්නේ මෙය කලාතුරකින් දැකගැනීමට හැකි කාලගුණ සංසිද්ධියක් වන බවයි.

    මෙවැනි සංසිද්ධීන් අමෙරිකා එක්සත් ජනපදය තුල මෙන්ම ලොව පුරා බොහෝ ප්‍රදේශවලින් වාර්තා වෙනවා. කෙසේ වෙතත් මෙම බොහෝ සන්සිද්ධින්ට නිසි ආකාර අර්ථ කථනයක් ලබාදීමට බොහෝ දෙනා අසමත්ව තිබෙනවා. 

    අභ්‍යවකාශ භෞතික විද්‍යාව (Astro Physics) පිලිබදව හදාරා ඇති විද්වතුන් අතර පවා මෙම සංසිද්ධීන් පිලිබදව මත දැක්වීමේදී එකිනෙකට වෙනස් විවිධ ආකාරයේ අදහස් දැකගත හැකියි.Reddit සමාජ ජාලයේ මේ සම්බන්ධව බොහෝ සේ කතාබහ ඇතිව තිබෙනවා.

    හදුනා නොගත් පියාඹන වස්තු ලෙස බොහෝ දුරට මේ ආකාරයෙන් අහසේ දිස්වන වස්තුන් හදුනා ගැනෙනවා. මේ පිළිබඳව විවිධාකාරයෙන් අදහස් සහ න්‍යායන් (Conspiracy Theories) ද සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන්ම කතාබහට ලක්වෙනවා.

    මේ ආකාරයෙන් ආර්ජන්ටිනාවෙන් වාර්තා වී තිබු තවත් සංසිද්ධියක් පිළිබඳව පුවතක් මෙතනින්.

    සේයාරූ වල පසුබිම  පිලිබදව සිදුකල විමසා බැලීම   

    GrayScale පරිවර්තනය   තුලින් ලබාගත් නිරීක්ෂණ

    අප මෙම ආලෝක වළලු  ඇතුලත් සේයාරූ Gray Scale images ලෙස පරිවර්තනයකට   ලක්කළ අතර එහිදී ලැබුණු සේයාරූ පුළුල් විමසුමකට ලක් කරන ලදී.

    ආලෝක වළලුවල අස්වාභාවික දීප්තියක් දක්නට ලැබෙන අතර එහි දාරවල සාමාන්‍ය තත්ත්වයන් තුල සිදුවිය නොහැකි ආකාරයේ තියුණු බවක් දක්නට ලැබේ .පසුබිමින් දක්නට ලැබෙන පතොක් ගස් ස්වභාවික තත්ත්ව යටතේ නම් මෙයට වඩා දීප්තිමත්ව දිස්විය යුතුය අතර ඒවා මගින් ආලෝක පරාවර්තනයක්ද සිදුවිය යුතුය.

    Fotoforensic වෙබ් අඩවිය භාවිතා කර Error Level Analysis තුලින් අප එය විශ්ලේෂණය කල විට ද මෙය ඩිජිටල් සංස්කරණයක් බව හදුනා ගත හැකි විය.

    සේයාරූ වල ඇති Compression Differences : ඉහත ELA අනුව අපට පැහැදිලි වන්නේ එහි දක්නට වළලු සහ ඒවායින් විහිදෙන කිරණ වල තිත් රටා නිරීක්ෂණය කිරීමේදී ඒවා වෙනස් ආකාරයන්ට පැතිරී ඇති බවයි.

    දීප්තිමත් ලප : සේයාරූ වල ඇති දීප්තිමත් ලප නිරීක්ෂණය කිරීමේදී පැහැදිලි වන්නේ ඒවායේ ඇති අස්වභාවික පැතිරීම් ස්වභාවයයි.

    භුමියේ සහ පැලෑටිවල ස්වභාවය : පොලොවට හෝ එහි දක්නට ලැබෙන පැළෑටි වලට ආලෝකයන්ගෙන් එතරම් බලපෑමක් නොමැති බව පෙනේ.ඒ අනුව පෙනෙන්නේ මුලින් එම සේයාරුව ගෙන පසුව එයට ආලෝක ලප එකතු කිරීමක් සිදු කර ඇති බවයි.

    අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News | TikTok 

    Conclusion 

    අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමේදී තහවුරු වන්නේ පසුගිය දා යාපනයේ ප්‍රදේශයේ දී දැක ගන්නට ලැබුණු සංසිද්ධියක් ලෙස හුවමාරු වන ඡායාරුප පෙළෙහි දක්නට ලැබෙන වස්තුන් / ආලෝක, ඇමරිකා එක්සත් ජනපදයේ ඇරිසෝනා ප්‍රාන්තයේදී මිට මාස ගණනාවකට පෙර (2024 වසරේ පෙබරවාරි මස) දිස්වූ ආලෝකයන් වන අතර ලංකාවේ මේ දිනවල පවතින අයහපත් කාලගුණ තත්ත්වයක් නිසා යාපනය ප්‍රදේශයේ දිස්වූ ඒවා නොවන බවයි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PL

    Piumika Lakshani

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2024-11-28

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.