Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    NPP මැති ඇමතිවරුන් සම්බන්ධ කරගනිමින් නන්දා මාලිනීගේ අභාවය ගැන හුවමාරු වූ අසත්‍ය ප්‍රකාශ !

    කරුණු විමර්ශනය කිරීම
    2026-08-22
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ප්‍රවීණ ගායන ශිල්පීණී  ආචාර්ය නන්දා මාලිනී මහත්මියගේ අභාවයත් සමග ජාතික ජන බලවේගයේ මැති ඇමතිවරුන් විසින් ඇයගේ අභාවය සම්බන්ධයෙන් සිදුකරන ලද ප්‍රකාශ ලෙස දක්වමින් අසත්‍ය සහ නොමග යවන සුළු සටහන

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    ප්‍රවීණ ගායන ශිල්පීණී  ආචාර්ය නන්දා මාලිනී මහත්මියගේ අභාවයත් සමග ජාතික ජන බලවේගයේ මැති ඇමතිවරුන් විසින් ඇයගේ අභාවය සම්බන්ධයෙන් සිදුකරන ලද ප්‍රකාශ ලෙස දක්වමින් අසත්‍ය සහ නොමග යවන සුළු සටහන් රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණි. එවැනි සටහන් කිහිපයක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    Claim :

    ඡායාරූප සටහනින් සඳහන් වන්නේ, ආචාර්ය නන්දා මාලිනියගේ අවමංගල්‍යය වෙනුවෙන් දින තුනක ජාතික ශෝක කාලයක් ප්‍රකාශ කරමින් විප්ලවීය අවමංගල්‍ය උත්සවයක් පවත්වන බවත්, ඊට එරෙහි වීමට සුනිල් ආරියරත්න මහතාට අයිතියක් නැති බවත් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළ බවයි.

    Facebook | Archived Link

    Fact-Check:

    සෞඛ්‍ය අමාත්‍ය, එමෙන්ම කැබිනට් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් ඉහත සඳහන් ලෙස ප්‍රකාශයක් කර ඇත්දැයි යන්න අප ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා හරහා පරීක්ෂා කළ ත්, එවැනි ප්‍රකාශයක් කළ බවට වාර්තා කර ඇති කිසිදු වාර්තාවක් දැක ගන්නට නොලැබුණි. මාධ්‍ය සාකච්ඡාවකදී හෝ වෙනත් ස්ථානයකදී හෝ අමාත්‍යවරයා විසින් මේ ආකාරයෙන් කිසිදු ප්‍රකාශයක් කර නොතිබුණි.

    අමාත්‍ය නලින්ද ජයතිස්ස

    අප මේ පිළිබඳ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ මාධ්‍ය ලේකම්ගෙන් ද, විමසීමක් කළ අතර ඔහු තහවුරු කළේ, මෙය ව්‍යාජ සටහනක් බව ත්, මෙවැනි ප්‍රකාශයක් අමාත්‍යවරයා විසින් සිදු කර නොමැති බවයි.

    මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා නිල වශයෙන් ප්‍රකාශ කළේ නන්දා මාලිනී මහත්මියගේ අවසන් කැමති පත්‍රයේ සඳහන් පරිදි අවමංගල්‍ය කටයුතු අතිශය චාම් අයුරින්, කිසිදු නිල අවමංගල්‍ය සභාවක් හෝ ශෝක ප්‍රකාශ කිරීම් රහිතව ඇයගේ නිවසේ සිට බොරැල්ල කනත්ත වෙත ගෙන ගොස් සිදු කරන බවයි. රජය විසින් අගෝස්තු 21, 22 සහ 23 දින තුන ජාතික ශෝක දින ලෙස ප්‍රකාශයට පත් කළද, ඇයගේ අවසන් කැමැත්තට ගරු කරමින් කිසිදු නිල රාජ්‍ය උත්සවයක් පවත්වා නැත.

    Claim 2

    “මාලනී ෆොන්සේකා මිය ගිය වෙලාවේ පූර්ණ රාජ්‍ය ගෞරව ලබා නොදුන්නේ ඇය පොහොට්ටුවේ හිටපු මන්ත්‍රීවරියක් නිසා..නමුත් අපේ පක්ෂය වෙනුවෙන් සිංදු කියපු නිසා නන්දා මාලනියගේ මරණයට පූර්ණ රාජ්‍ය ගෞරව දෙනවා..” යනුවෙන් නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර විසින් ප්‍රකාශ කල බවට දක්වමින් සටහනක් සංසරණය වුණා.

    Facebook | Archived Link

    Fact-Check:

    සිංහල සිනමාවේ රැජින ලෙස සැලකෙන මාලිනී ෆොන්සේකා මහත්මිය පොහොට්ටු පක්ෂයේ හිටපු මන්ත්‍රීවරියක් නිසා ඇයට පූර්ණ රාජ්‍ය ගෞරව ලබා නොදුන් බව මෙහි සඳහන් වේ. නමුත් 2025 මැයි 24 වන දින ඇය අභාවප්‍රාප්ත වූ අතර, කොළඹ නිදහස් චතුරශ්‍රයේදී ඇයගේ දේහය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහ ගෞරව සහිතව මිහිදන් කෙරුණි. ඒ සම්බන්ධ වැඩිදුර තොරතුරු මෙතනින් සහ මෙතනින්.

    අවමංගල්‍යයේදී රාජ්‍ය ගෞරවය සහ රාජ්‍ය අනුග්‍රහය ලබා දීමේ නිර්ණායක පිළිබඳව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න හමුවේ, කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා රජයේ නිල ස්ථාවරයද පැහැදිලි කර තිබුණි.

    ප්‍රමුඛ පෙළේ පුද්ගලයින්ගේ අවසන් කටයුතු සිදු කිරීමේදී පූර්ණ රාජ්‍ය අනුග්‍රහය හෝ වෙනත් ගෞරව සම්මාන ලබා දෙන්නේ කෙසේද යන්න පිළිබඳව රජය සතුව නිශ්චිත ක්‍රමවේද සහ නිර්ණායක පවතින බව ඔහු ප්‍රකාශ කළේය. මාලිනී ෆොන්සේකා මහත්මිය වෙනුවෙන් ද එම රාජ්‍ය ප්‍රතිපත්තියට අනුකූලව අවශ්‍ය සියලුම පහසුකම්, උත්සව විධිවිධාන සහ සහයෝගය උපරිමයෙන්ම ලබා දුන් බව ඔහු අවධාරණය කළේය. එහිදී වඩාත්ම වැදගත් වූයේ මාලිනී ෆොන්සේකා මහත්මියගේ පවුලේ සාමාජිකයන්ගේ කැමැත්ත සහ අදහස් බවත් ඇමැතිවරයා පැවසීය. පවුලේ උදවිය සමඟ සාකච්ඡා කර, ඔවුන්ගේ ද කැමැත්ත සහ තේරීම් මත පදනම්ව රජය විසින් ඇයට දිය හැකි ඉහළම ගෞරවය සහිතව අවසන් කටයුතු සංවිධානය කළ බවත්, ඒ පිළිබඳව පවුලේ සාමාජිකයන් සෑහීමකට පත්ව ඇති බවත් ඔහු සඳහන් කළේය. ඒ සම්බන්ධ වැඩිදුර තොරතුරු මෙතනින්

    ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය නන්දා මාලිනී මහත්මියගේ අභාවය වෙනුවෙන් පූර්ණ රාජ්‍ය ගෞරව දෙන බව මෙම සටහනේ දැක්වේ. ඇයගේ අභාවය වෙනුවෙන් රජය විසින් තෙදිනක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කළද, ඇයගේ අවසන් කටයුතු බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරුණේ රාජ්‍ය උත්සවයකින් තොරවය. ඒ ඇයගේම අවසාන කැමැත්ත සහ ඉල්ලීම පරිදි ය.

    තරුණ කටයුතු සහ නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා විසින් ඉහත සඳහන් ලෙස ප්‍රකාශයක් කර ඇත්දැයි යන්න අප ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා හරහා පරීක්ෂා කළත්, එවැනි ප්‍රකාශයක් කළ බවට වාර්තා කර ඇති කිසිදු වාර්තාවක් දැක ගන්නට නොලැබුණි. 

    නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර

    අප විසින් මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමේදී නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ මාධ්‍ය ලේකම් විසින් ද සඳහන් කළේ නියෝජ්‍ය අමාත්‍යවරයා මෙවැනි ප්‍රකාශයක් සිදු කර නොමැති බවත් අදාළ සටහන සම්පූර්ණයෙන්ම අසත්‍ය සටහනක් බවත්ය.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ කරුණු විමර්ෂණයෙන් පෙන්වා දෙන්නේ NPP මැති ඇමතිවරුන් සම්බන්ධ කර ගනිමින් ප්‍රවීණ ගායන ශිල්පිනී නන්දා මාලනී මහත්මියගේ අභාවය සම්බන්ධයෙන් හුවමාරු වන ඉහත සමාජ මාධ්‍ය සටහන් නොමග යවන සුළු බවයි. අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් සහ නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා විසින් ඉහත දැක්වෙන ආකාරයේ ප්‍රකාශයන් සිදුකර නොමැත.

    Result Stamp

    Title: NPP මැති ඇමතිවරුන් සම්බන්ධ කරගනිමින් නන්දා මාලිනීගේ අභාවය සම්බන්ධයෙන් හුවමාරු වූ නොමග යවන සුළු සටහන්!

    Written By: Pavithra Sandamali

    Result: False

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2026-08-22

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.