Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    FACT CHECK: එළු අසූචි වලින් චීනයේ ඉහළ ඉල්ලුමක් පවතින පානයක්?

    2021-12-08
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    අන්තර්ජාලය හරහා ප්‍රචාරය වන බොහෝ සිදුවීම්, තොරතුරු නිවැරදි නොවන අතර ඕනෑම තොරතුරක් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීමට පෙර එහි නිරවද්‍යතාවය සෑම විටම විමසා බැලිය යුත්තේ, ඒ ඔස්සේ සමාජය නොමග යවන බැවිනි. වයස් භේදයකින් තොරව අන්තර්ජාලය භාවිතා කිරීමට අවකාශය ලැබී ඇති

    අන්තර්ජාලය හරහා ප්‍රචාරය වන බොහෝ සිදුවීම්, තොරතුරු නිවැරදි නොවන අතර ඕනෑම තොරතුරක් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීමට පෙර එහි නිරවද්‍යතාවය සෑම විටම විමසා බැලිය යුත්තේ, ඒ ඔස්සේ සමාජය නොමග යවන බැවිනි. වයස් භේදයකින් තොරව අන්තර්ජාලය භාවිතා කිරීමට අවකාශය ලැබී ඇති බවන්. කුඩා දරුවන් පවා මෙම අසත්‍ය තොරතුරු හේතුවෙන් නොමග යා හැක. එවන් නොමග යවන සුළු සටහනක් සම්බන්ධයෙන් අප කළ කරුණු පරීක්ෂාවක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    “ මෙහෙමත් දේවල් ලෝකේ තියෙනවලු..🙈🤭😯👇

    එළු අසූචි ( ෂිට් / පුපු ) දැන් චීනයේ ඉහළ ඉල්ලුමක් පවතී .. එය ප්‍රෝටීන් වලින් පොහොසත් බව පැවසෙන අතර බොහෝ සෞඛ්‍ය ගැටළු වලට පිළියමක් වේ.. එය සෝයා කිරි සහ පළතුරු යුෂ සමඟ මිශ්‍ර කර ඇත ..” යනුවෙන් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.

    Facebook | Archived Link

    මෙම සටහන සඳහා දක්වා තිබූ ප්‍රතිචාර වලින්ද පෙනී ගියේ මෙය සත්‍ය සිදුවීමක් බවට බොහො දෙනෙකු උපකල්පනය කර ඇති බවයි.

    එමෙන්ම වෙනත් රටවල පිරිස ද මෙහි ඇත්තේ එළුවන්ගේ අසූචි වලින් සාදන ලද පානයක් දක්වා තිබුණේ මෙලෙසින්.  

    Facebook | Archived Link

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    මෙහි නිරවද්‍යතාවය සෙවීම සඳහා මෙවැනි පුවතක් ජාත්‍යන්තර මාධ්‍ය තුළ වාර්තා වී ඇත්දැයි නිරීක්ෂණය කරනු ලැබුවා.

    එහිදී සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඉහත සටහ‍නේ දැක්වෙන කරුණු ඇතුළත් වෙබ් වාර්තාවක් හමුවූයේ මෙලෙසින්. Archived Link

    මෙහි නිවැරදි තොරතුරු විමර්ශනය කිරීම සඳහා ඉහත ඡායාරූප අප Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබූ අතර එළු අසූචි ලෙස පෙන්වා දී තිබුණේ, Boba Tea / Bubble Tea සඳහා යොදා ගන්නා ප්‍රධාන අමුද්‍රව්‍යයක් වන Tapioca balls නැතහොත් Boba Pearls වේ.

    1980 ගණන්වල තායිවානයේ තායිචුන්ග් ප්‍රදේශයෙන් පැමිණි බොබා තේ/ බුබුලු තේ ලෙසද හැඳින්වේ, මේ වන විට ලෝකයේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන බීම වර්ගයක් බවට පත්ව ඇත. එය තේ සහ කිරි හෝ පළතුරු මිශ්‍රණයක් වන අතර, එයට ටැපියෝකා බෝල එකතු කරනු ලබයි. ඒ සම්බන්ධයෙන් පළ වූ සටහන් මෙතනින් සහ මෙතනින්. Archived Link| Archived Link

    ඉහත ෆේස්බුක් සටහන සඳහා යොදා ගත් Buble Tea සම්බන්ධ ඡායාරූප සියල්ල වියට්නාමයේ Ho Chi Minh නගරයේ Bungbuanno නමැති තේ සහ කෝපි අවන්හලක ලබා ගත් ඡායාරූපයි ඒ බවට ඔවුන්ගේ Instagram පිටුවේ දැක්වුණේ මෙලෙසින්.

    View this post on Instagram

    A post shared by Bungbuanno (@bungbuanno)

    Instagram | Archived Link

    එළුවා සම්බන්ධ ඡායාරූපය යූ ටියුබ්හි දක්වා ඇති වීඩියෝවකින් ලබා ගත් ඡායාරූපයක් බවට අපට නිරීක්ෂණය වුණා. එම වීඩියෝව පහතින්.

    එම ඡායාරූපය සංස්කරණය කරමින් ඉහත පළමු ඡායාරූපය නිර්මාණය කර ඇති බවට පැවසිය හැක.

    මේ පිළිබඳව වෙනත් ජාත්‍යන්තර කරුණු පරීක්ෂක කණ්ඩායම් සිදුකළ විමර්ශන මෙතනින් සහ මෙතනින්.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය) :අපගේ කරුණු විමර්ශනය අනුව පෙන්වා දිය හැක්කේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබූ, එළු අසූචි උපයෝගි කර ගෙන සෞඛ්‍ය ගැටළු වලට පිළියමක් ලෙස සෝයා කිරි සහ පළතුරු යුෂ සමඟ මිශ්‍ර කර චීනය පානය කරන බවට පළ වූ සටහන් අසත්‍ය බවයි. එහි දැක්වෙන්නේ, Buble Tea වන අතර එම ඡායාරූප සියල්ල චීනයේ නොව වියට්නාමයේ Ho Chi Minh නගරයේ Bungbuanno නමැති තේ සහ කෝපි අවන්හලක ලබා ගත් ඡායාරූප බවත් එහි එළූ අසූචි ලෙස පෙන්වා දී ඇත්තේ, Boba Tea / Bubble Tea සඳහා යොදා ගන්නා ප්‍රධාන අමුද්‍රව්‍යයක් වන Tapioca balls නැතහොත් Boba Pearls වේ.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2021-12-08

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.