Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ලියුකේමියා තත්ත්වයක් හේතුවෙන් ආධාර ලබාදෙන ලෙසට හුවමාරු වන සටහනේ දැක්වෙන වෛද්‍යවරයා මීට වසර 4 කට පෙර ජීවිතක්ෂයට පත්වී ඇත!

    2023-08-07
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. නොයෙකුත් අරමුණු හේතුවෙන් සමාජය දැනුවත් කරමින් උදව් උපකාර ලබා ගැනීම ට සමාජ මාධ්‍ය බොහෝ පිටුවහලක් වෙනවා. නමුත්, එවැනි සටහනක් හේතුවෙන් නොමග ගොස් ඇති අවස්ථාවක් සම්බන්ධයෙන් අප සිදු කළ විමර්ශනය

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    නොයෙකුත් අරමුණු හේතුවෙන් සමාජය දැනුවත් කරමින් උදව් උපකාර ලබා ගැනීම ට සමාජ මාධ්‍ය බොහෝ පිටුවහලක් වෙනවා. නමුත්, එවැනි සටහනක් හේතුවෙන් නොමග ගොස් ඇති අවස්ථාවක් සම්බන්ධයෙන් අප සිදු කළ විමර්ශනයක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    රිජ්වේ ආර්යා රෝහලේ  සේවය කරන කුමුදු වික්‍රමසිංහ නමැති වෛද්‍යවරයෙකු ඉතා දුර්ලභ වර්ගයේ ලියුකේමියා තත්ත්වයකින් පෙළෙන බව හඳුනා ගෙන ඇති බවත්, එම වෛද්‍යවරයා නවලෝක රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඉදිරි සති දෙක සඳහා ඔහුගේ පවුලට ඔහු සඳහා දිනකට B- (ඝෘණ) රුධිර කාණ්ඩය ඇති රුධිර පරිත්‍යාගශීලීන් 6 දෙනෙකු සොයා ගැනීමට අවශ්‍ය බැවින් හා එම රුධිර කාණ්ඩය දුර්ලභ බැවින් ඔහුගේ පවුලට දිනපතා පරිත්‍යාගශීලීන් සොයා ගැනීමට අපහසු වීම හේතුකොට ගෙන එවැනි පරිත්‍යාගශීලීන් සොයා දෙන ලෙස ඉල්ලමින් ෆේස්බුක් පණිවිඩයක් සමාජ මාධ්‍ය ඔස්සේ ඉංග්‍රී බසින් මෑතකදී සංසරණය වුණා. එම සටහන පහතින්.

    Facebook | Archived Link

    මෙම සටහන 2022 වසරේ ජනවාරි මස සිංහල භාෂාවෙන් ද, සංසරණය වී තිබුණේ මෙලෙසින්.

    මේ හේතුවෙන් මෙහි නිරවද්‍යතාව සොයා අප විමර්ශනයක් සිදු කිරීමට පියවර ගත්තේ මෙලෙසින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    අප ප්‍රථමයෙන් ම මෙම සටහනේ සඳහන් දුරකතන අංක වලට ඇමතුම් ලබා ගත් අතර එක් දුරකතන අංකයක් ක්‍රියා විරහිත ව පැවතුන අතර අනෙක් දුරකතන අංකය ඇමතුම හා සම්බන්ධ නොවීය.

    ඒ අනුව අප ඉහත සටහනේ දැක්වෙන කරුණු ඔස්සේ අප සමාජ මාධ්‍ය හරහා සිදු කළ විමර්ශනයේදී දැක ගන්නට ලැබුණේ, කුමුදු වික්‍රමසිංහ වෛද්‍යවරයා 2019 වසරේ අප්‍රේල් මස 23 වන දා ජීවිතක්ෂයට පත් වී ඇති බවයි.

    එම වෛද්‍යවරයා වෙනුවෙන් ඇටමිදුළු බද්ධ කිරීමේ ප්‍රතිකාර සඳහා අරමුදල් රැස් කිරීම සඳහා නිර්මාණය කර තිබූ ෆේස්බුක් පිටුවේ ඒ පිළිබඳව සටහනක් පළ වී තිබුණේ මෙලෙසින්.

    Facebook | Archived Link

    අප මේ පිළිබඳව තහවුරු කර ගැනීම සඳහා කුමුදු වික්‍රමසිංහ වෛද්‍යවරයා සේවයේ නිරත වී සිටි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ කළමණාකාරීත්වයෙන් ද, විමසීම ක් කළ අතර ඔවුන් සඳහන් කළේ 2019 වසරේ වෛද්‍ය  කුමුදු වික්‍රමසිංහ මහතා ජීවිතක්ෂයට පත්වූ බවයි.

    ඒ අනුව ඉහත සටහන නැවත වරක් සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල සංසරණය වන බැවින් ෆේස්බුක් පරිශීලකයින් නොමග යෑම තුළින් එම සටහන් නැවත වරක් ෆේස්බුක් ඔස්සේ සංසරණය කරගෙන තිබේ.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, රිජ්වේ ආර්යා ළමා රෝහලේ  සේවය කළ කුමුදු වික්‍රමසිංහ නමැති වෛද්‍යවරයා ට ඇති ව තිබූ ලියුකේමියා තත්ත්වයකට රුධිර පරිත්‍යාග ලබා ගැනීමට පළ කර තිබූ සටහන් මේ දිනවල නැවත වරක් ෆේස්බුක් ඔස්සේ පළ වීම තුළින් ෆේස්බුක් පරිශීලකයින් නොමග ගොස් ඇති බවයි.

    එම වෛද්‍යවරයා 2019 අප්‍රේල් මස මිය ගොස් ඇති බවට කොළඹ, රිජ්වේ ආර්යා ළමා රෝහලේ කළමණාකාරීත්වය තහවුරු කළා.  

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2023-08-07

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.