Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ජීවිතක්ෂයට පත් වූ තරුණියකට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්න ඉල්ලීමක්!

    2022-01-06
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ෆේස්බුක් පිටු ඔස්සේ බොහෝ නොදත් සත්‍ය කරුණු හුවමාරු වනවා සේම ඇතැම් ඇඩ්මින්වරු විසින් තම ෆේස්බුක් පිටු ජනතාව අතරට ගෙන යාම සඳහා අසත්‍ය කරුණුද සමාජගත කරනු ලබනවා. ඒ ඔස්සේ ජනතාව බොහෝ ලෙසින් නොමග යන අවස්ථාව අපට බහුලව දැක ගන්නට ලැබෙනවා. එවන් ඡායාරූප සටහනක් සම්බන්

    ෆේස්බුක් පිටු ඔස්සේ බොහෝ නොදත් සත්‍ය කරුණු හුවමාරු වනවා සේම ඇතැම් ඇඩ්මින්වරු විසින් තම ෆේස්බුක් පිටු ජනතාව අතරට ගෙන යාම සඳහා අසත්‍ය කරුණුද සමාජගත කරනු ලබනවා. ඒ ඔස්සේ ජනතාව බොහෝ ලෙසින් නොමග යන අවස්ථාව අපට බහුලව දැක ගන්නට ලැබෙනවා. එවන් ඡායාරූප සටහනක් සම්බන්ධයෙන් අප කළ කරුණු පරීක්ෂාව පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    “ජීවිතය.. අපිත් ඇයට ඉක්මන් සුවය පතමු. ඔබට දළඳා සමිදු පිහිටයි” යනුවෙන් තරුණියකගේ පැරණි සහ වර්තමාන ලෙස හැඟවෙන පරිදි ඡායාරූප ඇතුළත් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ දක්වා තිබුණා. කිසියම් රෝගයක් වැළඳීම හේතුවෙන් ඇයගේ ශරීරය දුබල බවට පත් වී ඇති ආකාරයක් ඇයට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරන ලෙසත් ඡායාරූප සටහනින් ෆේස්බුක් පරිශීලකයින්ගෙන් ඉල්ලා තිබුණේ මෙලෙසින්.

    Facebook | Archived Link

    මෙම ඡායාරූප සටහන ෆේස්බුක් පරිශීලිකයින් අතර සංසරණය වී තිබූ අයුරු

    එමෙන්ම මෙම ඡායාරූපය සිටින කාන්තාවට ඉක්මන් සුවය පතා බොහෝ දෙනෙකු ප්‍රතිචාර දක්වා තිබුණේ මෙලෙසින්.

    මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ සත්‍ය සිදුවීමට මුහුණ පා සිටින තරුණියගේ ඡායාරූපයක් ද යන්න සහ මෙම සිදුවීමේ සත්‍යතාවයක් ඇත්දැයි යන්නත් අප විමර්ශනය කිරීමට යෙදුණා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    අප ඉහත ඡායාරූප Reverse Image සෙවුමක් සඳහා යොමු කළ අතර ඇය ජනප්‍රිය නේපාලි, රංගන ශිල්පිනියක් මෙන්ම මෝස්තර නිරූපිකාවක් ද වන Nisha Ghimire බවට අනාවරණය වුණා.

    ඇය ඉන්දියාවේ රංගන ශිල්පය සහ නිරූපන ක්ෂේත්‍රය පිළිබඳව ඉගෙන ගනිමින් සිටියදී මීට වසර 3කට පෙර ඉන්දියාවේ Dehradunහි මාර්ග අනතුරකින් ඉතා අසාධ්‍ය තත්ත්වයට පත් වී තිබෙනවා.

    ඉන් අනතුරුව රෝහලේ ප්‍රතිකාර ගැනීමෙන් අනතුරුව මුදල් අසීරු තාවය මත සිය නිවසේ සිට ප්‍රතිකාර ලබා ගනිමින් සිටි අතර පසුගිය වසරේ ජූනි මස නැවත කත්මන්ඩු නගරයේ Thapathali-based Norvic රෝහල යටතේ මුදල් අය කරගැනීමකින් තොරව ප්‍රතිකාර කිරීමට එම රෝහල් අධ්‍යක්ෂක ක්‍රියාකර තිබෙනවා. ඒ බවට පළ වූ වාර්තා මෙතනින් සහ මෙතනින්. Archived Link

    ඇයගේ නිවසේ සිට ප්‍රතිකාර සඳහා ඇයව ගෙන ගිය අවස්ථාවේ සමාජ මාධ්‍ය වීඩියෝවක් පහතින්.

    @mega_star_anmolkc_fan

    #getwellsoon#nishaghimire 🙏🙏😢😢😢😢😢😢😢😢😢😢😢😢😢❤️❤️❤️❤️❤️

    ♬ original sound – PRECI💎US

    එම අනතුර හේතුව හිසට දැඩි ලෙස හානි වීමත්, අනතුරුව ආහාර ගැනීමට කතා බහ කිරීමට නොහැකි වන ලෙස ඉතාමත් අසාධ්‍ය තත්ත්වයට ඇය පත් වී ඇති අතර 2021 වර්ෂයේ සැප්තැම්බර් 01 වන දා ඇය මිය ගොස් ඇති බවට විදෙස් පුවත් වාර්තා පෙන්වා දෙනවා. මිය යනවිට ඇය 27 වන වියේ පසුවූවා. ඒ බවට පළ වූ වාර්තා මෙතනින් සහ මෙතනින්. සමාජ මාධ්‍ය සටහන් මෙතනින් සහ මෙතනින්.

    noidanewsindia.in| Archived Link

    චාරිත්‍රානුකූලව සිදුකළ ඇයගේ අවසන් කටයුතු පිළිබඳ පළ වූ වීඩියෝවක් පහතින්.

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයට අනුව පෙන්වා දිය හැක්කේ සමාජ මාධ්‍ය ඔස්සේ අසනීප තත්ත්වයෙන් පසුවන බවටත්,එම තරුණියට ඉක්මන් සුවය ප්‍රාර්ථානා කරන ලෙසටත් දක්වා තිබූ ඡායාරූප වල දැක්වූ තරුණිය මෙරට තරුණියක් නොවන බවත්, නේපාල ජාතික රංගන ශිල්පිණියක බවත් මේ වනවිටත් ඇය මිය ගොස් සිටින බවත්ය.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-01-06

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.