Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    කාලීන සිදුවීම් පදනම් කරගනිමින් නිර්මාණය වූ ජවිපෙ සම්බන්ධ නොමග යවන සුළු සටහන් පෙළක්!

    2022-03-06
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ජනතා විමුක්ති පෙරමුණ විසින් සිදු කළ බවට සඳහන් කරමින් මෑතකදී රටේ වූ කාලීන සිදුවීම් ඈදා ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ නොමග යවන සුළු සටහනක් කිහිපයක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : ජනතා විමුක්ති පෙරමුණ විසින් මාතර පරෙවි දූවට යන පාලම බි

    ජනතා විමුක්ති පෙරමුණ විසින් සිදු කළ බවට සඳහන් කරමින් මෑතකදී රටේ වූ කාලීන සිදුවීම් ඈදා ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ නොමග යවන සුළු සටහනක් කිහිපයක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ.

    සමාජ මාධ්‍ය සටහන් :

    ජනතා විමුක්ති පෙරමුණ විසින් මාතර පරෙවි දූවට යන පාලම බිමට සමතලා කළ බවට සඳන් කරමින් ෆේස්බුක් සටහනක් පළ වී තිබුණා.

    Facebook | Archived Link

    එමෙන්ම තවත් සටහනක දැක්වුණේ, ඉන්ධන හිඟයක් රටේ නොතිබුණු බවට හඟවමින් ඉන්ධන පිරවුම් අසල ඉන්ධන ලබා ගැනීමට සිටියේ  3% ජෙවිපෙ කාරයන් බව සඳහන් කරමින් සටහනක් ද ෆේස්බුක් හි පළ වී තිබුණේ මේ අයුරින්.

    Facebook | Archived Link

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    මාතර පිහිටි රන් දූපත හෙවත් පරෙවි දූපත වෙරළට ආසන්නව මුහුද මැද ඇති ගල් පරෙවියන් විසූ ස්ථානයක්. පසුව විවිධ කටයුතුවලට යොදාගත් මේ දූපත දැන් භාවිත කරන්නේ සියම් මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ උපෝසථාගාරය වශයෙන්.

    රෝහණ පාර්ශවයේ භික්‍ෂූන්ගේ උපසම්පදා විනයකර්ම මෙහිදී සිදුකෙරෙනවා.‍ දූපතට ගමන් කිරීමට අලංකාර කම්බි පාලමක් තනා තිබුණා. කෙසේවෙතත් පසුගිය මාර්තු  04 වන දා ඒ මතින් ගමන් කරමින් සිටි පිරිසකුත් සමගින් එම පාලම කඩා වැටී තිබුණා. එම අවස්ථාවේ පටිගත කළ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණේ මෙලෙසින්.

    https://www.facebook.com/100074193556054/videos/441576017707552

    මේ පිළිබඳ ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර තිබුණේ මෙලෙසින් සහ මෙලෙසින්.

    අබලන් තත්ත්වයේ පැවති එම පාලම වෙනුවට නව පාලමක් සෑදීමට අවශ්‍ය උපදෙස් එම පාලමේ නිරීක්ෂණ චාරිකාවට පැමිණි අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ලබා දුන් බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුන රණවක මහතා සිය නිල ෆේස්බුක් ගිණුමේ පළ කර තිබුණේ මෙලෙසින්.

    එහෙත් පාලම ප්‍රතිසංස්කරණයට නිසි පියවර ගෙන නොතිබුණු හේතුවෙන් එම අබලන් පාලම මතින් ගමන් කරමින් සිටි හතළිහක පමණ පිරිසක සමගින් පාලම මැදින් කඩා වැටුණු බවත් අනතුරින් කිහිප දෙනෙක්ට සුළු තුවාල පමණක් ඇති වූ බවත් පරෙවි දූපතේ උපෝසථාගාර විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය විටියල ඉන්දරතන හිමියන් පැවසූහ. එම වීඩියෝව මෙතනින්. නව පාලමක් ඉදි කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්.ආර්. පේමසිරි මහතාට උපදෙස් දුන් බවට ජනාධිපති ජනපතිගේ නිල ෆේස්බුක් ගිණුමේ සඳහන් කර තිබුණේ මෙලෙසින්.

    ඒ අනුව පාලම අබලන් තත්ත්වයෙන් පසුවීම හේතුවෙන් මෙලෙස පාලම කඩා වැටී තිබුණා.

    එමෙන්ම ඉන්ධන අර්බුදය දිවයින පුරා පසුගිය මස සිට මේ දක්වාත් ඉන්ධන පිරවුම් හලවල් වල දිගු පෝලීම් දක්නට ලැබුණා. ඉන්ධන හිඟය හේතුවෙන් විදුලි බලයද ඇණ හිටවූ අතර ජනතාවට සිය ප්‍රවාහන කටයුතු සහ රැකියා කටයුතු සිදුකර ගැනීමට නොහැකි තත්ත්වයක් මතුවී ඇති බව ජනතාව චෝදනා කරන ආකාරයත් ප්‍රධාන මාධ්‍ය ධාරා ඔස්සේ අපට දක්නට ලැබුණා. මේ හේතුවෙන් ක්ෂේත්‍ර රැසකට බලපෑ අයුරු සම්බන්ධ පළ වූ ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින්.

    බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ‘ඩීසල් නැත’ ලෙස පුවරු ප්‍රදර්ශනය කර තිබූ අයුරුද සුලබව දක්නට ලැබුණා. ඒ පිළිබඳ සඳහන් පුවතක් මෙතනින්. ඉන්ධන පොලිම් වල වීඩියෝවක් මෙතනින්.

    ඩොලර් නිකුත් කිරීමේ ප්‍රමුඛතාව නිසි ලෙස හඳුනා නොගැනීම වත්මන් ඉන්ධන අර්බුදයට හේතුවී ඇතැයි හිටපු බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ද සඳහන් කර තිබුණේ මෙලෙසින්.

    ඒ අනුව ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ සඳහන් වූ ලෙස ඉන්ධන හිඟයක් නොමැති බවට හැඟවීමට උත්සහ කළ සටහන් අසත්‍ය හා නොමග යවන සුළුයි. එය රටේ 3%ක පිරිසක් විසින් ඇති කළ අර්බුදයක් නොව මුළු මහත් දිවයිනටම බලපා ඇති අර්බුදයක් වනවා.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ, ජනතා විමුක්ති පෙරමුණ විසින් මාතර පරෙවි දූවට යන පාලම බිමට සමතලා කළ බවට සඳන් කරමින් උපාහාසාත්මක කෝණයෙන් පළ කළ ෆේස්බුක් සටහන සහ ඉන්ධන හිඟයක් රටේ නොතිබුණු බවට හඟවමින් ඉන්ධන පිරවුම් අසල ඉන්ධන ලබා ගැනීමට සිටියේ  3% ජෙවිපෙ කාරයන් බව සඳහන් කරමින් පළ වූ සටහනද අසත්‍ය හා නොමග යවන සුළුයි. අබලන් තත්ත්වයේ පසුවූ මෙම පාලම ප්‍රතිසංස්කරණය කටයුතු සිදු නොකිරීම හේතුවෙන් කඩා වැටී අතර මුළු දිවයින පුරාම ජනතාව ඉන්ධන අර්බුදයට මුහුණ පා තිබුණා.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-03-06

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.