Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    <strong>නවසීලන්ත අගමැති ජසින්ඩා, ඉල්ලා අස්වීමෙන් පසු DJ වෘත්තියට පිවිසුණු අවස්ථාවක්ද? (PHOTO) </strong>

    2023-01-31
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. 2017 වසරේ සිට නවසීලන්ත අගමැතිනි ලෙස කටයුතු කළ ජසින්ඩා ආඩෙන්(Jacinda Ardern)  සිය ධුරයෙන් ඉල්ලා අස්වීම මීට දින කිහිපයකට කිහිපයකට පෙර ප්‍රකාශ කළා. ජාත්‍යන්තර වශයෙන් කීර්තියක් දිනාගෙන සිටින

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    2017 වසරේ සිට නවසීලන්ත අගමැතිනි ලෙස කටයුතු කළ ජසින්ඩා ආඩෙන්(Jacinda Ardern)  සිය ධුරයෙන් ඉල්ලා අස්වීම මීට දින කිහිපයකට කිහිපයකට පෙර ප්‍රකාශ කළා. ජාත්‍යන්තර වශයෙන් කීර්තියක් දිනාගෙන සිටින ජසින්ඩාගේ මෙම ඉල්ලා අස්වීමේ තීරණය සම්බන්ධයෙන් ලංකාවේ ද ඇතුළු ලොව පුරා නායකයන්ට ලබාගත හැකි ආදර්ශ රැසක් තිබෙන බව ද වාර්තා රැසකින් පෙන්වා දුන්නා.

    මේ අතර, ජසින්ඩා තමන් අගමැති වීමට පෙර රැකියාව වූ DJ ශිල්පිනියක් ලෙස ප්‍රසංගවල සංගීතය සැපයීමේ ඩී.ජේ. වෘත්තියට නැවත වරක් පිවිසුණු බවක් දක්වන සටහනක් පිලිබඳ අප සිදුකල කරුණු විමසා බැලීමක් මේ .

    සමාජ ජාලා සටහන් 

    අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟම, සුපුරුදු පරිදි DJ ශිල්පිනියක් ලෙස ප්‍රසංග වලට සම්බන්ධ වෙමින් ජසින්ඩා ජනතාව අතරට ගිය බවක් හඟවමින්, ඒ බව ඒත්තු ගන්වන සේයාරුවක්ද සහිතව සටහනක් පළව තිබුණා. ඒ මඟින් ඇයගේ අව්‍යාජ කම මනාව පෙන්නුම් කරන බවත් සිය දරුවා සහ සැමියා සමඟ වැඩිපුර කාලය ඉදිරියේ දී කාල‍ය ගතකිරීමට බලාපොරොත්තු වන බවත් පවසා තිබුනේ මෙලෙසින්.

    Facebook | Archived

    ඒ සම්බන්ධයෙන් පැතිර තිබුණු අදහස් කිහිපයක් පහතින්. 

    මේ සම්බන්ධයෙන් කරුණු විමසා බැලීමක් කිරීමට අප තීරණය කළා.

    Fact Check ( සත්‍ය කරුණු විමසා බැලීම ) 

    අප මුලින්ම සමාජ ජාලාවල වේගයෙන් පැතිරෙන මෙම සේයාරුව රිවර්ස් ඉමේජ් සෙවුමකට ලක්කළා .

    එහිදී අපට දැකගන්නට ලැබුණේ මෙය 2014 වසරේ ජනවාරි මස ලබාගෙන තිබු ඡායාරුපයක් බවයි. එම අවධියේ දී ජසින්ඩා, නවසීලන්තයේ කම්කරු පක්ෂයේ මන්ත්‍රීවරියක් ලෙස  කටයුතු කර තිබුණා. නවසීලන්තයේ ඕක්ලන්ඩ්හිදී පැවති Laneway Festival නම් ප්‍රසංගයකට සම්බන්ධවුණු අවස්ථාවකදී, ඇය විසින් DJ වරියක් ලෙස සින්දු කිහිපයක් ඉදිරිපත් කළ අවස්ථාවක දී එම ඡායාරුපය ලබාගෙන තිබෙනවා. මෙම සංගීත උළෙලේ ඊට පසු 2018 වසරේ දී අගමැති වීමෙන් පසුව ද ඇය මේ ආකාරයට DJ වරියක් ලෙස ඉදිරිපත් කිරීමක් සිදුකර තිබුණා.

    2014 වසරේ Laneway Festival හි දී ලබාගත් ඡායාරුප කිහිපයක් පහතින්

    GettyImages

    මේ පිලිබඳ පළවූ නවසීලන්ත හෙරාල්ඩ් පුවත්පත් වාර්තාවක සඳහන්ව ඇත්තේ ඩි.ජේ වරියක් ලෙස ලද විවිධ අවස්ථාවන්හිදී කටයතු කිරීමට ඇය කැමැත්තක් දක්වන බවක්. ඒ සම්බන්ධ විස්තර කියවිය හැකියි මෙතනින්. Archived

    ඉන්පසුව අප සොයා බැලුවේ  ජසින්ඩා DJ වරියක් ලෙස මීට පෙර කටයුතු කර තිබුනේ ද යන්න පිලිබඳවයි. ඒ පිලිබඳ පළවූ වාර්තාවක් මෙතනින්. Spotify හි තිබෙන ජසින්ඩාගේ DJ Set එකක් පහතින්.

    කෙසේනමුත් දිගුකාලීනව DJ වරියක් ලෙස ඇය කටයුතු කර තිබෙන බවට වාර්තා වන්නේ නැති අතර ආධුනික ශිල්පිනියක් ලෙස අවස්ථා කිහිපක දී ඉදිරිපත් කිරීම් සිදුකර තිබෙනවා. 2013 සහ 2014 අවධියේ ජසින්ඩා DJ වරියක් ලෙස සිදුකර තිබු ඉදිරිපත් කිරීම් ද අළලා විශේෂයෙන්ම දේශපාලන වේදිකාවේ දී කතිකාවත් ද විටින් විට ඇති වී තිබෙනවා. එවැනි වාර්තාවක් මෙතනින්

    වයිකොටෝ විශ්ව විද්‍යාලයේ සන්නිවේදනය සම්බන්ධ උපාධියක් හිමි ඇය දශක දෙකක පමණ කාලයක් දේශපාලන සහ රාජ්‍යතාන්ත්‍රික රැකියා සිදු කර තිබෙන, ඒ සම්බන්ධ පළපුරුදු කාන්තාවක්. ඒ සම්බන්ධ විස්තර මෙතනින්. Archived

    එමෙන්ම ඇය අගමැති ධුරයෙන් ඉවත්වීම සිදු වුවත් ඇය සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත්වීමක් සිදුවන්නේද නැති අතර අප්‍රේල් දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ලෙස කටයුතු කරන බව දන්වා තිබෙනවා. 

    එසේම ඉහත සටහනේ දක්වා තිබු ලෙස තම දරුවා සහ සැමියා සමඟ වැඩිපුරකාලයක් ගත කිරීමට ඉදිරියේ දී බලාපොරොත්තු වන බවත් ජසින්ඩා පවසනවා. ඒ සම්බන්ධ විස්තර කියවිය හැකියි මෙතනින්. Archived

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය):

    අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීම අනුව තහවුරු වන්නේ ජසින්ඩා ආඩන් අගමැති ධුරයෙන් අස්වීම නිවේදනය කිරීම හා සමගම සිය සුපුරුදු රැකියාව වූ DJ වරියක් ලෙස ජනතාව අතරට ගිය බවට පැවසෙන සමාජ ජාලා සටහන් නොමගයවන සුලු සහ වැරදි සහගත බවයි. එසේම මෙම සමජා මාධ්‍ය සටහන් නිර්මාණය වී තිබුනේ 2014 වසරේදී ලබාගත් ඒ සදහා ලබාගත් සේයාරුවක් ද සමඟින්.

    ආධුනික DJ වරියක් ලෙස ජසින්ඩා මීට වසර කිහිපයකට පෙර කටයුතු කර තිබු අතර ඉන්පසුව ද විවිධ ප්‍රසංගවල දී ඉදිරිපත්කිරීම් කර තිබුණ ද වෘත්තීමය වශයෙන් දිගුකාලීන DJ වරියක් ලෙස ඇය කටයුතු කර තිබුනේ නැහැ. එසේම අප්‍රේල් දක්වා ඇය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ලෙස කටයුතු කරන බවත් නිවේදනය කර තිබෙනවා.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2023-01-31

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.