Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    රොනාල්ඩෝ විසින් සල්මන් ඛාන්ව නොසලකා හැරි අවස්ථාවක්ද ?

    2023-11-08
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. බොක්සිං තරගයක් නැරඹීම සදහා ලෝකප්‍රකට පාපන්දු තරුවක් වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සහ ප්‍රකට බොලිවුඩ් නළු සල්මන් කාන් සහභාගිවූ අවස්ථාවකදී, රොනාල්ඩෝ විසින් සල්මන් ඛාන් සමග කතාබහ හෝ නොකර ඔහුව නො

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    බොක්සිං තරගයක් නැරඹීම සදහා ලෝකප්‍රකට පාපන්දු තරුවක් වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සහ ප්‍රකට බොලිවුඩ් නළු සල්මන් කාන් සහභාගිවූ අවස්ථාවකදී, රොනාල්ඩෝ විසින් සල්මන් ඛාන් සමග කතාබහ හෝ නොකර ඔහුව නොසලකා හැරි බවට සමාජ මාධ්‍ය සටහන් පෙළක් හුවමාරු වෙනවා.ඒ සම්බන්ධයෙන් අප විසින් සිදුකරන කරුණු විමසා බැලීමක් මේ .

    සමාජ  ජාලා සටහන්  

    වීඩියෝවක් පාදක කරගත් සමාජ ජාලා සටහන්වලින් කියවුනේ රොනාල්ඩෝ විසින් බොක්සිං තරගයක් නැරඹීම සදහා පැමිණි අවස්ථාවකදී ,ඉන්දීය සුපිරි නළු සල්මන් ඛාන්ව නොසලකා හැරි බවක්.

    “සල්මාන්ව තඹේකට මායිම් නොකළ රොනාල්ඩෝ” යන තේමාව යටතේ හුවමාරු වූ තත්පර 30ක පමණ කෙටි වීඩියෝව පහතින්.

    Facebook  Facebook | Archived

    ඒ සම්බන්ධයෙන් කරුණු විමසා බැලීමක් කිරීමට අප තීරණය කළා.

    Fact Check( සත්‍ය තොරතුරු විමසා බැලීම ) 

    සවුදි අරාබියේ රියාද්හි මීට දින කිහිපයකට පෙර පවත්වන ලද බොක්සින් තරගයකදී රොනාල්ඩෝ විසින් සල්මන් ඛාන්ව නොසලකා හැර ඇති බවක් ජාත්‍යන්තර වශයෙන් ද මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුනේ මෙලෙසින්.

    මේ හේතුවෙන් මෙහි සත්‍ය තතු පිළිබඳව විශේෂයෙන්ම ඉන්දියාවේ සල්මන් ඛාන්ගේ රසිකයින් විමසිලිමත් වී තිබු අතර Tyson Fury සහ Francis Ngannou අතර සෞදි අරාබියේ දී මෙම බොක්සිං තරඟය පැවැත්වූ පරිශ්‍රයේදීම රොනාල්ඩෝ සමඟ  සල්මන් ඛාන් සුහද කතාබහක යෙදී සිටින ආකාරයේ සේයාරූ ඉන්දීය ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වල පළවුණා.

    India Today | Archived

    තවද සල්මන් ඛාන් , රොනාල්ඩෝ සහ ඔහුගේ පෙම්වතිය වන ජෝර්ජියානාට සමීප අසුනේ VVIP පුද්ගලයන් ලෙස වාඩිවී සිට එම බොක්සිං තරගය,  නරඹන අයුරු පහත වීඩියෝව මඟින් දැක්වෙනවා.

    එම අවස්ථාවේ දී ම ලබාගෙන තිබු රොනල්ඩෝ , ඔහුගේ පෙම්වතිය සහ සල්මන් සමීප අසුන්හි ඉඳගෙන බොක්සිං තරඟය නරඹන අවස්ථාවේ තවත් වීඩියෝවක් පහතින්.

    මේ අනුව සුපිරි පාපන්දු තරුව රොනල්ඩෝ, බොලිවුඩ් තරුවක් වන සල්මන් ඛාන්ව හඳුනන්නේ නැති බවට සහ හිතාමතාම මඟහැර ගිය බවට හුවමාරු වන වීඩියෝව නොමඟ යවන සුළු බව පැහැදිලියි.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion ( අවසාන නිගමනය )

    අප විසින් සිදු කරන ලද කරුණු විමසුමේදී තහවුරු වන්නේ සෞදියේ රියාද් නගරයේ පැවති බොක්සිං තරගයක් නැරඹීම සදහා සල්මන් ඛාන් සහ රොනාල්ඩෝ සහභාගිවූ අවස්ථාවේදී , රොනාල්ඩෝ විසින් සල්මන් ඛාන් සමඟ කතාබහ හෝ නොකර ඔහුව නොසලකා හැරි බවට සමාජ ජාලාවල පළවන සටහන් නොමගයවන සුලු ඒවා වන බවයි. සල්මන් ඛාන් සමග රොනාල්ඩෝ , සුහද කතාබහක යෙදෙන සේයාරූ ප්‍රධාන පෙලේ ඉන්දීය මාධ්‍ය මගින්ද වාර්තා කර තිබුණා.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    FCT

    Fact Crescendo Team

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2023-11-08

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.