Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    අඹ ආහාරයට ගත් පසු සීතල පානවර්ග පානය, මිනිසුන්ට මාරාන්තික විෂක් නිපදවන බවට දැක්වෙන නොමඟ යවන සුළු සටහන්වල ඇත්ත නැත්ත

    2024-05-20
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. විවිධ ආහාරවර්ගවල ඇති ආසාත්මිකතා ඇතිකිරීමේ හැකියාව සහ අහිතකර බලපෑම් පිළිබඳව සැලකිලිමත් වීම යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගැනීමේදී වැදගත් වෙනවා. කෙසේනමුත්, අන්තර්ජාලයේ ඇති ආහාර ආසාත්මිකතා ස

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    විවිධ ආහාරවර්ගවල ඇති ආසාත්මිකතා ඇතිකිරීමේ හැකියාව සහ අහිතකර බලපෑම් පිළිබඳව සැලකිලිමත් වීම යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගැනීමේදී වැදගත් වෙනවා. කෙසේනමුත්, අන්තර්ජාලයේ ඇති ආහාර ආසාත්මිකතා සහ අනතුරුදායක තත්ත්ව ඇතිකළ හැකි ආහාරවර්ග පිළිබඳව තොරතුරු, ඇතැම් අවස්ථාවලදී නොමඟ යවනසුළු කරුණු වීමේ හැකියාවක් පවතිනවා. ඒ නිසා මෙවැනි ආකර්ෂණීය, සංවේදී ප්‍රකාශවලට මුලා නොවී,  ඒ පිළිබඳව ඇති විද්‍යාත්මක තොරතුරු සහ අදාල ක්ෂේත්‍රවල සෞඛ්‍ය විශේෂඥයින්ගෙන් තහවුරු කරගත් දත්ත සහ උපදෙස් ලබාගැනීම ඉතාමත් වැදගත්. මෙවැනි නොමඟයවනසුළු දත්ත, සමාජය තුළ අනවශ්‍ය බියක් සහ සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර රටාවක් ඇතිකිරීමට හේතු විය හැකියි. 

    Social Media Posts

    අඹ ආහාරයට ගැනීමෙන් පසු සිසිල් බීම පානය කිරීම මාරාන්තික විය හැකිබවට දක්වමින් සිංහල භාෂාවෙන් ෆේස්බුක් ඔස්සේ පලවූ සටහන, ශ්‍රී ලංකාව පුරා විශාල වශයෙන් ප්‍රචාරයට ලක්වුණා. මෙම සටහනේ දැක්වෙන පරිදි ඉන්දියාවේ, චන්දිගාර් ප්‍රදේශයේ සංචාරකයින් පිරිසක් මෙවැනි සිදුවීමකින් පසු මියගොස් තිබෙනවා. 

    FB|Archived 

    මෙම සටහනෙන් කියවෙන්නේ,

    “ඔබත් අඹ කෑමට කැමතිද?

    අඹ කෑමෙන් පසු සහ ඒවා කෑ විගස සිසිල් බීම බොන්න එපා!

    මීට දින කිහිපයකට පෙර සංචාරකයින් පිරිසක් ඉන්දියාවේ චන්දිනගර් වෙත ගියහ. එහිදී ඔවුන්ට ලැබුණු අඹ කෑ සැනින් ඔවුන් සිසිල් බීම පානය කලහ. ඔවුන් සියල්ලෝම අසනීම වී ක්ලාන්ත විය. ඔවුන් සියල්ලන්ම රෝහලට ඇතුලත් කරන විටත් මිය ගියහ. 

    අඹ ආහාරයට ගැනීමෙන් පසු සිසිල් බීම හෝ සිසිල් කාබනික බීම පානය නොකළ යුතු බව වෛද්‍යවරු පවසති. අඹවල ඇති සිට්‍රික් අම්ලය සහ සිසිල් බීමවලට ඇති කාබනික අම්ල එකහු වී විෂ සෑදේ. 

    කරුණාකර මෙම පණිවිඩය ඔබගේ සියලු ආදරණීයයන් වෙත යොමු කරන්න. 

    දැනටමත් අඹ වාරය ආරම්භ වී ඇත.”

    මෙය වට්ස් ඇප් පණිවිඩයක් ලෙසද විශාල වශයෙන් හුවමාරු වී තිබුණා. 

    මේ පිළිබඳව කරුණු විමර්ශනය සිදුකිරීමට අපි තීරණය කළා. 

    Fact Check (කරුණු විමර්ශනය):

    නිල වාර්තා සහ සිදුවීම් පිළිබඳව විමර්ශනය: 

    චන්දිගාර්හි සිදුවූවා යැයි කියන, අඹ ආහාරයට ගැනීමෙන් පසු සිසිල් බීම පානය නිසා සිදුවූ මරණයන් පිලිබඳව පැවසෙන සිදුවීම සම්බන්ධ කිසිඳු නිල වාර්තාවක් සොයා ගැනීමට Fact Crescendoහට නොහැකි වුණා.  

    මෙම සිදුවීම පිළිබඳව දැක්වෙන සටහන් මීට පෙරත් බංග්ලාදේශය සහ ඉන්දියාව වැනි රටවල හුවමාරු වී තිබුණා. තවදුරටත් විමසා බැලීමේදී පෙනී ගියේ මෙම කරුණු ජාත්‍යන්තර කරුණු තහවුරු කිරීමේ අංශ හරහා අසත්‍යබවට තහවුරු කර ඇති බවයි.  

    වෙනත් රටවල විශේෂඥයන් මේ පිළිබඳව පලකර තිබූ අදහස් – 

    බංගලාදේශයේ, මහජන සෞඛ්‍ය පදනමේ උප සභාපති වෛද්‍ය තවුෆීක් ජෝර්දර් මහතා AFP වෙත පවසා තිබුණේ, මෙම ප්‍රකාශය ‘පදනම් විරහිත’ බවයි. යම්කිසි විෂක් මෙම ආහාරවලට මුසු වී නොතිබුණා නම් මිස, වෙනත් හේතුවක් නිසා මෙලෙස මාරන්තික ආහාර විෂ වීමක් මෙම ආහාර හේතුවෙන් ඇතිවීමට ඉඩක් නොමැති බවයි. 

    ඩකා විශ්ව විද්‍යාලයේ පෝෂණ සහ ආහාර විද්‍යාව පිළිබඳ මහාචාර්‍ය නස්මා ශහීන් AFP වෙතට තහවුරු කර සිටියේ අඹ සහ සිසිල් බීම එක්වීම නිසා ඇතිවන එවැනි භයානක මට්ටමේ ප්‍රතික්‍රියාවක් පිළිබදව කිසිදු සාක්ෂියක් නොමැති බවයි. මේ සම්බන්ධව AFP විසින් සිදුකළ කරුණු තහවුරු කිරීම මෙතනින්.Archived 

    ඉන්දියන් එක්ස්ප්‍රස්හි ලිපියක, සමෝධානික පෝෂණවේදිනියෙකු සහ සෞඛ්‍ය පුහුණුකාරියක වන කරිශ්මා ශාහ් පැහැදිළි කර තිබුණේ, පළතුරු අනුභව කළ වහාම, කාබනීකෘත  පාන වර්ග ලබාගැනීම ආහාර ජීර්ණයේ අපහසුතා ඇතිවීමට හේතු විය හැකි නමුත්, එම තත්ත්ව මාරාන්තික නොවන බවයි. ආමාශයික අපහසුතා ඇතිවීම වළක්වා ගැනීම සඳහා ආහාර ගැනීමෙන් පසුව, වාතනය(කාබන් ඩයොක්සයිඩ් දිය කර ඇති ) කළ පානවර්ග ලබාගැනීමෙන් වැලකීමේ වැදගත්කම ඇය අවධාරණය කළ නමුත්, මේ හේතුවෙන් මාරාන්තික බලපෑම් ඇතිවිය හැකිබවට දැක්වීම ප්‍රතික්ෂේප කළා. ඉන්දියන් එක්ස්ප්‍රස් ලිපිය මෙතනින්. Archived

    වෛද්‍ය ඩේමියන් ද සිල්වා – SLMNA (Sri Lanka Medical Nutrition Association) හි ආරම්භක ලේකම්

    Sri Lanka Medical Nutrition Association හි ආරම්භක ලේකම් වෛද්‍ය ඩේමියන් ද සිල්වා මහතා පෙන්වා දුන්නේ මෙය කිසිදු විද්‍යාත්මක පදනමකින් තොර සටහනක් බවයි. මේ මතය සඳහා කිසිඳු විද්‍යාත්මක පසුබිමක් හෝ අධ්‍යනයක් නොමැති බව එතුමා තහවුරු කළා. 

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok 

    Conclusion (අවසන් නිගමනය):

    අඹ ආහාරයට ගැනීමෙන් පසු සිසිල් බීමවර්ග පානය කිරීම මාරාන්තික විය හැකි බවට දැක්වෙන සමාජ මාද්‍ය සටහන් කිසිඳු විද්‍යාත්මක පදනමකින් තොර අතර, කිසිඳු විද්‍යාත්මක සාක්ෂිවලින් තොරයි. මෙම ආහාර දෙකේ එකතුව ඇතැමුන්ට ආහාර ජීරණයේ යම් යම්, සුළු අපහසුතා ඇති කිරීමට හේතු වුණත්, මෙය මාරාන්තික නොවන බව පෙනී යනවා. මෙම සාවද්‍ය තොරතුරු කිසිඳු විශ්වසනීය පිටුබලයකින් තොරව ජාත්‍යන්තරය තුළ පවා විශාල වශයෙන් හුවමාරු වී තිබෙනවා. මෙවැනි සිදුවීමක් ඉන්දියාවේ චන්දිගර් තුළ සිදුවූ බවටත් කිසිඳු විශ්වසනීය වාර්තාවක්වත් පවතින්නේ නැහැ.   

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    FCT

    Fact Crescendo Team

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2024-05-20

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.