Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ලංකාවේ වයඹ පළාතේ පිපිරීමක් සිදුවූ බව හඟවමින් වාර්තා වුයේ පකිස්ථානයේ සිදුවීමකි!

    2023-04-26
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මාධ්‍ය ආයතන විසින් ඇතැම් අවස්ථාන්හිදී පාඨකයින් ඇඳබැඳ තබා ගැනීම සඳහා නොමග යන සුළු අන්දැමේ සිරස්තල සමඟින් පුවත් ඉදිරිපත් කිරීම අපට දැක ගන්නට ලැබෙනවා. එසේම ඇතැම්විට සමාජ මාධ්‍ය ඔස්සේ ඔවුන්ගේ

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    මාධ්‍ය ආයතන විසින් ඇතැම් අවස්ථාන්හිදී පාඨකයින් ඇඳබැඳ තබා ගැනීම සඳහා නොමග යන සුළු අන්දැමේ සිරස්තල සමඟින් පුවත් ඉදිරිපත් කිරීම අපට දැක ගන්නට ලැබෙනවා. එසේම ඇතැම්විට සමාජ මාධ්‍ය ඔස්සේ ඔවුන්ගේ නිල ගිණුම් ඔස්සේ පළ වන පුවත්, නොමග යන අයුරින් පළ කිරීම තුළින්, පරිශීලකයින් බහුලව නොමග ගිය අවස්ථා අපට සුලබව දැක ගන්නට ලැබෙනවා. 

    මෙසේ බොහෝවිට සිදුවන්නේ විදෙස් රටක සිදුවන සිදුවීමක්, ඒ බව හැඟවෙන්නේ නැති පරිදි සිරස්තලයට යොදාගැනීම හේතුවෙන් බොහෝ පාඨකයින් එය මෙරට සිදුවීමක් ලෙස උපකල්පනය කරමින් කලබලයට පත්වන බැවින්. එලෙස පළ වූ පුවතක් සම්බන්ධයෙන් එහි නිරවද්‍යතාව සොයා අප සිදු කරන ලද විමර්ශනයක් මේ.

    සමාජ මාධ්‍ය සටහන් :

    “පිරිසක් මරා වයඹ පුපුරයි” යනුවෙන් සඳහන් කරමින් ‘හිරු පුවත්’ හි නිල Twitter ගිණු‍ම ඔස්සේ පළ කර තිබුණා.

    Twitter | Archived Link

    මෙහි දක්වා ඇති පුවත් වෙබ් අඩවියේ සබැඳිය ද, මේ වන විට ඉවත්කර ඇති හෙයින් මෙයින් හැඟවෙන්නේ මෙරට වයඹ පළාතේ සිදුවූ යම් පිපිරීමකින් පුද්ගලයින් ජීවිතක්ෂයට පත් වී ඇති බවයි. 

    එසේම මෙම සටහනට ලැබී ඇති ප්‍රතිචාර පරික්ෂා කිරීමේ දී ද බොහෝ දෙනෙක් මෙවැනි පුවත් පළකිරීම හෙළා දකිමින් ද අදහස් පළකර තිබුණා. එවැනි සටහනක් මෙතනින් | Archived

    මෙහි නිරවද්‍යතාව විමසා බලන ලෙස අපට ලැබුණු ඉල්ලීම් කිහිපයක් ද මුල් කර ගනිමින් මේ පිළිබඳව වැඩිදුර තොරතුරු සොයා බැලීමට අප පියවර ගත්තා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

    මෙරට වයඹ පළාත ආශ්‍රිතව ඊයේ(25) දින සිදුවූ යම් පිපිරීමක් සිදු වූ බවට හෝ ඒ හේතුවෙන් පිරිසක් ජීවිතක්ෂයට පත් වූ බවට ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර තිබුණා ද, යන්න අප ප්‍රථමයෙන් ම පරීක්ෂා කළා. නමුත් එවැනි පුවතක් වාර්තා වී නොතිබුණු බව අපට නිරීක්ෂණය වුණා.

    ඉන්පසු අප ඉහත ඡායාරූපය Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා. එහිදී අපට දැක ගන්නට ලැබුණේ, පසුගිය අප්‍රේල් 24 වන දින පාකිස්ථානයේ ස්වාත් නිම්නයේ කබල් හි පොලිස් ස්ථානයක යුද උපකරණ ගබඩාවක ඇති වූ ගින්නකින් ඇති වූ පිපිරීම් වලින් අවම වශයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මිය ගොස් ඇති බවයි.

    එම ඡායාරූපයේ දැක්වෙන්නේ එම පිපිරීමෙන් පසු ආරක්ෂක නිලධාරීන් එම ස්ථානයට රැස් ව සිටි අයුරුයි.

    AFP | Archived Link

    වයඹදිග පකිස්ථානයේ ත්‍රස්ත මර්දන කාර්යාලයේ සිදුවූ පිපිරීම් දෙකකින් පුද්ගලයන් 17 දෙනෙකු මේ වන විට ජීවිතක්ෂයට පත්වූවන් අතර වැඩි දෙනෙක් පොලිස් ත්‍රස්ත මර්දන නිලධාරීන් වන අතර, 50කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව එරට පොලීසිය සඳහන් කරනවා.

    වයඹදිග ස්වාත් නිම්නයේ සඳුදා පිපිරීමට හේතුව කුමක්ද යන්න තවමත් පැහැදිලි නැති බවත්, කාර්යාලයේ පැරණි පතොරම් ගබඩාවක් තිබූ බවත්, එය පිපිරීමට හේතු වූයේද නැතහොත් එය සටන්කාමී ප්‍රහාරයක්ද යන්න පිළිබඳව පොලිසිය පරීක්‍ෂණ කරමින් සිටින බවයි එරට පළාත් පොලිස් ප්‍රධානී අක්තාර් හයාත් පවසා තිබුණේ. ඒ සම්බන්ධයෙන් පළ වූ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්. Archived Link

    ඒ අනුව පැහැදිලි වන්නේ, වයඹදිග පකිස්ථානයේ සිදුවූ මෙම පිපිරීම සම්බන්ධයෙන් ‘හිරු’ සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා කිරීමේදී එහි විස්තර ලබා නොදීම හේතුවෙන්, එය මෙරට සිදුවූ පිපිරීමක් ලෙස හැඟවෙන බැවින්, ඒ ඔස්සේ බොහෝ පිරිසක් නොමග ගොස් තිබු බවයි.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, මෙරට වයඹ පළාතේ වූ පිපිරීමක් ලෙස ට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් නොමග යන සුළු බවයි. පසුගිය 24 වන දා වයඹදිග පාකිස්ථානයේ ත්‍රස්ත මර්දන කාර්යාලයේ සිදුවූ පිපිරීම් සම්බන්ධයෙන්, සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා කිරීමේදී එහි විස්තර ලබා නොදීම හේතුවෙන්, මෙරට ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණේ, මෙරට වූ සිදුවීමක් ලෙසයි. ඒ හේතුවෙන් ජනතාව නොමග ගොස් තිබුණා.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2023-04-26

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.