Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    “අපි ආවත් පෝළිම් තියයි, හැබැයි මිනිස්සු පෝළිමේ ඉන්නේ සතුටින්” හඳුන්නෙත්තිගෙන් ප්‍රකාශයක්?

    2022-03-14
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    සමාජ මාධ්‍ය ඔස්සේ දේශපාලනඥයින් විසින් පළ කරන ඇතැම් සටහන් වෙනත් අර්ථකථනයකින් පළ කරමින් ජනතාව නොමග යවන අවස්ථා අපට බහුලව දැක ගන්නට ලැබෙනවා. ජනතා විමුක්ති පෙරමුණ සභික සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් පළ කරන ලද සටහනක් ඔස්සේ නොමග යැවූ සමාජ මාධ්‍ය සටහනක් සම්බන්ධයෙ

    සමාජ මාධ්‍ය ඔස්සේ දේශපාලනඥයින් විසින් පළ කරන ඇතැම් සටහන් වෙනත් අර්ථකථනයකින් පළ කරමින් ජනතාව නොමග යවන අවස්ථා අපට බහුලව දැක ගන්නට ලැබෙනවා. ජනතා විමුක්ති පෙරමුණ සභික සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් පළ කරන ලද සටහනක් ඔස්සේ නොමග යැවූ සමාජ මාධ්‍ය සටහනක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ.

    සමාජ මාධ්‍ය සටහන් :

    “අපි ආවත් පෝළිම් තියයි, හැබැයි මිනිස්සු පෝළිමේ ඉන්නේ සතුටින් කියලා විශ්වාසයි” යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ සභික සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් ප්‍රකාශ කළ බවට ෆේස්බුක් සටහනක පළ වී තිබුණා.

    Facebook | Archived Link

    සමාජ මාධ්‍ය ඔස්සේ මෙම සටහන සංසරණය වී තිබුණේ මෙලෙසින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    සැබවින්ම සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ එම ප්‍රකාශය හඳුන්නෙත්ති මහතා විසින් සඳහන් කළ බවට ප්‍රධාන මාධ්‍ය ධාරා ඔස්සේ නිරීක්ෂණය කරනු ලැබුවා. 

    එවන් ප්‍රකාශයක් කිසිදු වාර්තාවක නොවූ බැවින් හඳුන්නෙත්ති මහතාගේ මෙම ප්‍රකාශය රැගත් සටහන LankaTruth.com ෆේස්බුක් පිටුව මගින් ද, දක්වා නොතිබුණ බවට අපට නිරීක්ෂණය විය.

    ඒ හේතුවෙන් අප සුනිල් හඳුන්නෙත්ති මහතාගේ සමාජ මාධ්‍ය ගිණුම් පරීක්ෂා කළ අතර ඒ මහතා විසින් සටහන් කළ ෆේස්බුක් සටහනක් වෙත අපගේ අවධානය යොමු විය. එම සටහන පහතින්.

     “ කියුබාවේ පෝලිම් සහ ලංකාවේ පෝලිම් ! 

    කියුබානු ජනතාව දුක් විදිමින් පෝලිම් වල ලතවෙන බව ලංකාවේ පෝලිම් යුගය අවසන්

    කල ආර්ථික ඔස්තාද්ලා පහුගිය කාලයේ කම්පා විය.! 

    කියුබාව කස්ත්‍රෝ ගේ විප්ලවය නිසා පෝලිම් යුගයට ඇද වැටුනේය.. ! 

    ජේ ආර් ගේ ඕපන් ඉකොනොමි ආශ්චර්ය නිසා ලංකාව පෝලිම් යුගය අවසන් කොට ගොඩ ගියේය.. ! 

    ඒ කාලේ පෝලිම් ගැන විග්‍රහය එහෙම ය.

    ආර්ථිකය විවෘත කල නිසා වොෂිං මැෂින්.. ෆිජ් .. ටී වී .. තව බොහෝ දේ පහළ විය.. ! 

    ඒ කාලේ පලිගු මැනිකේ ටෙලි නාට්‍ය යේ සූරසේන ලා පට් පට් ගා සල්ලි හොයාගෙන පට් පට් ගා වියදම් කලේය… ! 

    දැන් ලංකාවේ ජනතාව ආයෙමත් පෝලිමේ ය. 

    කියුබාව ඒ කාලෙ වගේ ය. 

    නමුත් පැහැදිලි වෙනසක් ඇත්තේය. ! 

    ලංකාවේ ජනතාව පෝලිමේ ඉන්නේ තමන්ම පත් කළ නායකයා ගේ අම්මා මතක් කරමින්ය. 

    ඒ තමන් ගැසූ කතිරයට – තමන් ටම සාප කරගනිමින්ය . කියුබානු ජනතාව පෝලිමේ සිටියේ චේ ෆිදෙල් මතක් කරමින් ඔවුන් ගැන ආඩම්බරයෙන් ය. තමන් වෙනුවෙන් මෙන්ම ඇමරිකානු සම්බාධක වලට එරෙහිව ඔවුන් පෝලිමේ සිටියේ රට වෙනුවෙන් ය. ! 

    ලංකාවේ ජනතාව පෝලිමේ ඉන්නේ පොරකමින්ය ..අඩමින්ය .. එකිනෙකා ට ආඩපාලි කියමින්ය.. පාවාදෙමින්ය්… මරාගනිමින්ය. 

    කියුබානු ජනතාව පෝලිමේ සිටියේ ආඩම්බරයෙන් සිනාසෙමින්ය… සතුටින් ය. ! 

    විද්‍යාව.. අද්‍යාපන ය .. ක්‍රිඩාව .. සාමය .. යුද්ධය අල්ලස් .. දූෂණ.. නැති අවසානයේ විප්ලවයේ ප්‍රතිඵල දකිමින් පෝලිම් අවසන් වනු දකිමින් ය. 

    කියුබානු පෝලිම සම්බාධක වල ප්‍රතිඵල නිසා මිස කියුබානු ජනතාව තෝරාගත් නායකයින් වැරදි නිසා නොවේය. !

    ලංකාවේ පෝලිම සම්බාධක නිසා නොව ජනතාව තෝරාගත් නායකයින් හා ප්‍රතිපත්ති වැරදි නිසා මය.!

    අද කියුබානු පෝලිම් අවසන් වෙමින් තිබේ. පෝලිමේ සිටියත් ඔවුන් සතුටු සිනාවෙන්ය .

    ලංකාවේ පෝලිම් ආරම්භ වෙමින් තිබේ.. 

    සතුට වෙනුවට සතුට තිබූ මුහුණු වලින් ද 

    කදුළු වැගිරේ .. ! 

    පෝලිම් වල වෙනස ජනතාව තේරුම් ගත් දා ..

    ලංකාවේ ජනතාව දිනන දා ය.”
    Facebook | Archived Link


    නමුත් මෙම සටහනින් හෝ ජනතා විමුක්ති පෙරමුණ බලයට පැමිණියහොත් පෝලීම් ඇති විය හැකි බවක් ඔහු ප්‍රකාශ කර නොතිබුණි. 

    එහි සඳහන් කර තිබුණේ, කියුබාවේ පෝලිම් ඇති වී තිබුණේ, අමෙරිකානු සම්බාධක වලට එරෙහිව මිස තෝරාගත් ජනතාවගේ ප්‍රතිපත්තිමය තීරණ වල වැරැද්ද නිසා නොවන බවත් ඒ හේතුවෙන් තමන්ගේ රට වෙනුවෙන් කියුබානු වැසියන් සතුටින් සිටින බවත් පෝලිම් යුගය එම රටේ අවසන් වෙමින් පවතින බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර තිබුණේ.

    අප මේ සම්බන්ධයෙන් සුනිල් හඳුන්නෙත්ති මහතාගෙන් විමසීමක් සිදු කරනු ලැබුවා. ඔහු සඳහන් කළේ, තමන් ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් අදහස් නොකළ බවත්, වර්තමානයේ ලංකාව මුහුණ පා ඇති අර්බුදයට හේතුව පමණක් කියුබාව උදාහරණයට රැගෙන පැහැදිලි කළ බවයි.

    කෙසේ වෙතත් කියුබානු විපලවයේ  නායක ෆිදෙල් කස්ත්‍රෝ විප්ලවීය නායකයා ජනතා විමුක්ති පෙරමුණට ආදර්ශ කර ගනිමින් හඳුන්නෙත්ති මහතා විසින් සඳහන් කළ මෙම සටහන ඔස්සේ ඇතැම් පිරිසක් මෙලෙස නොමග යා හැකි සටහනක් නිර්මාණය කළ බව අනුමාන කළ හැක.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් වල දැක්වෙන පරිදි “අපි ආවත් පෝළිම් තියයි, හැබැයි මිනිස්සු පෝළිමේ ඉන්නේ සතුටින් කියලා විශ්වාසයි” යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ සභික සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් ප්‍රකාශ කළ බවට දැක්වෙන සටහන් අසත්‍ය බවයි. එවන් ප්‍රකාශයක් තමන් විසින් සිදු නොකළ බවට හඳුන්නෙත්ති මහතා සඳහන් කළ අතර ඔහුගේ නිල ෆෙස්බුක් පිටුවෙහි පළවූ සටහනක් මෙම සටහන් සඳහා මුල් වී තිබූ බව අනුමාන කළ හැක.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-03-14

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.