Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    පසුගිය අවුරුදු දෙක තුළ ශ්‍රී ලංකා රජය විදෙස් ණය ලබා ගත්තේ නැත්ද?

    2022-01-11
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දේශපාලන වේදිකාවේදී බොහෝ අවස්ථාවන් වලදී දේශපාලඥයින් විසින් සිදු කරනු ලබන ප්‍රකාශයන් නොමග යවන සුළුයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදු කළ ප්‍රකාශයක නිරවද්‍යතාව සෙවීම සඳහා අප කළ කරුණු විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “අපි ප්‍රර්ථනා කරනවා මීට පස්සේ

    දේශපාලන වේදිකාවේදී බොහෝ අවස්ථාවන් වලදී දේශපාලඥයින් විසින් සිදු කරනු ලබන ප්‍රකාශයන් නොමග යවන සුළුයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදු කළ ප්‍රකාශයක නිරවද්‍යතාව සෙවීම සඳහා අප කළ කරුණු විමර්ශනයයි මේ.

    සමාජ මාධ්‍ය සටහන් :

    “අපි ප්‍රර්ථනා කරනවා මීට පස්සේ මේ රට වහන්න අවස්ථාවක් එළඹ නොවේවා!”. විපක්ෂය ඇත්ත තොරතුරු ජනතාවට ලබා දෙන්නෙ නෑ. මම සතයක් වත් ණ්‍ය අරගෙන නෑ. විදේශ ණය. මගේ අවුරුදු දෙක තුළ. ඩොලර් බිලියන 6.3ක් අපි හැම අවුරුද්දෙ ම ණය ගෙවන්න ඕන. මේව පසුගිය රජයන් ගත්තේ. සංවර්ධනයට වෙන්න පුලුවන්” යනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසූ බවට ප්‍රධාන මාධ්‍ය ධාරා ෆේස්බුක් පිටුවක පළ කර තිබුණා.

    Facebook | Archived Link

    එම අවස්ථාව සම්බන්ධයෙන් පළ වූ වීඩියෝව පහතින්.

    https://youtu.be/y8_dFYTc7Xo?t=81

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගිය අවුරුදු දෙක තුළ සිය රජය විසින් විදෙස් ණය නොගත් බවට කළ ප්‍රකාශය ඔස්සේ පළ වූ සටහන් සමාජ මාධ්‍ය තුළ සංසරණය වී තිබුණේ මෙලෙසින්.

    මෙම ප්‍රකාශයේ නිරවද්‍යතාවය පිළිබඳ විමර්ශනයක් කිරීමට අප පියවර ගනු ලැබුවේ මෙලෙසින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

    පාසල් දහසක් ජාතික පාසල් බවට පත් කිරීමේ වැඩසටහනට සමගාමීව  එහි සමාරම්භය සනිටුහන් කරමින් මොනරාගල – සියඹලාණ්ඩුව මහා විද්‍යාලය ජාතික පාසලක් ලෙස සිසු අයිතියට පත් කිරීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 07 වන දා සිදු කෙරිණි.

    එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉහත සටහන් සඳහා පාදක වී තිබු තමන් ජනාධිපතිත්වය දරමින් සිටි පසුගිය අවුරුදු දෙකක කාලය තුළ විදේශ ණය ලබාගෙන නොමැති බවට සඳහන් කරනු ලැබුවා.

    මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කිරීම සඳහා අප ප්‍රථමයෙන්ම විදේශ ණය පිලිබඳ සඳහන් වන රජයේ මුලාශ්‍ර පරීක්ෂා කර බැලුවා.

    ඒ අනුව, හිටපු මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් නිකුත් කරන ලද 2020-2021 රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාව පිරික්සීමේදී 2020 ජනවාරි මස 01 වන දා සිට අගොස්තු 31 වන දක්වා ඇමරිකානු ඩොලර් මිලියන 1,320.90 ක ණය ප්‍රමාණයක් ලබා ගෙන ඇති බවට සඳහන් කර තිබුණා. එම දත්තයන් සඳහා මූලාශ්‍රය විදේශ සම්පත් දෙපාර්තමේන්තුව විසින් ලබා ගත් බවට එහි සඳහන් කර තිබේ. 

    Treasury Report | Archived Link

    මෙම ණය තුළින් ඉහළම ප්‍රමාණය චීනය සමග අත්සන් කරන ලද ණය ගිවිසුම් මගින් ලබා ගත් අතර, එය සමස්තයෙන් ආසන්න වශයෙන් 50%ක් ද, අනතුරුව ඉහළ ප්‍රමාණයක් ලෝක බැංකුව 15%ක් ද, ආසියානු සංවර්ධන බැංකුව 14%ක් සහ ජපානය 09%ක් අත්සන් කරන ලද ණය බවට එහි දක්වා තිබුණි.

    එම කාලය තුළ චීනය ඇතුළු රටවල් 12 කින් ලබා ගත් ණය වලට අමතරව බහුපාර්ශ්වීය, ආසියානු සංවර්ධන බැංකුව, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඔපෙක් අරමුදල, කෘෂිකාර්මික සංවර්ධනව සඳහා වූ ජාත්‍යන්තර අරමුදල, ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව, ලෝක ආහාර වැඩසටහන, ආහාර හා කෘෂිකර්ම සංවිධානය, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල ද අයත් වේ.

    2020 වර්ෂයේ ලබා ගත් ණය සම්බන්ධයෙන් සහ ඒ සඳහා ගිවිසුම්ගත වූ දිනයන් සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විදේශ සම්පත් දෙපාර්තමේන්තුව වෙබ් අඩවියේ දක්වා තිබුණේ මෙලෙසින්. Archived Link

    විදේශ සම්පත් දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ දක්වා ඇති පරිදි කොන්දේසි සහිත විදේශ මූල්‍ය බැඳීම් යටතේ, 2021 ජනවාරි 01 වන දා සිට ජූලි 31 වන දක්වා ලබා ගත් ණය අමෙරකානු ඩොලර් මිලියන 1,130ක් පමණ වේ. ඒ පිළිබඳව මෙතනින්. Archived Link

    2021 මුල් මාස අට තුළ රජය ඩොලර් මිලියන 1,710 ක විදේශ ණය ලබාගෙන ඇති බව ඉන් ඩොලර් මිලියන 901.9 ක නිල සංවර්ධන ආධාර (ODA) වලින් සමන්විත වන අතර, එයින් ඩොලර් මිලියන 28.6 ක් ප්‍රදානයන් සහ ඉතිරි මුදල ලබා දී තිබෙන බවත්, ඩොලර් මිලියන 873.3ක් ණය වශයෙන් ලබා දුන් බවත්, තවත් අමෙරිකානු ඩොලර් මිලියන 500ක් සහ තවත් RMB මිලියන 2,000ක් විදේශ මුදල් කාලීන මූල්‍ය පහසුකම් ලෙස චීන සංවර්ධන බැංකුවෙන් වෙළඳපල මිලට සාපේක්ෂව ඉතා තරඟකාරී කොන්දේසි යටතේ ලබා ගත් බවට එම වෙබ් අඩවියේ සඳහන් කර තිබෙන්නේ මෙලෙසින්.

    Department of External Resources | Archived Link

    2021 වසරේ ජනවාරි සිට අගෝස්තු කාලය තුළ ,ලබා දුන් ණය පිළිබඳව 2022 රාජ්‍ය මුල්‍ය කළමනාකරණ වාර්තාවේ සඳහන් වී තිබුණේ මෙලෙසින්

    Treasury Report

    ග්‍රාමීය සහ පළාත් මාර්ග කිලෝමීටර් 3,000ක් වැඩි දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාව ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 500ක ණයක් ලබා දී ඇති බව මුදල් අමාත්‍යාංශය පැවසු බවට පළවූ පුවත් වාර්තාවක් පහතින්

    economynext | Archived Link.

    එසේම රට මුහුණපා සිටින විදේශ විනිමය අර්බුදය හමුවේ ඩොලර් මිලියන 500ක ණයක් ලබාදීමට දකුණු කොරියාව එකඟ වූ බවට 2021 මැයි මස පළවූ පුවත් වාර්තාවක් මෙතනින් Archived

    දීර්ඝ කාලීන ණය පහසුකමක් යටතේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් බොරතෙල් ලංකාවට ලබා ගැනීම පිළ්බඳ සාකච්ඡා ද අමාත්‍ය උදය ගම්මන්පිල මහතා 2021 වසරේ සිදුකල බවට වාර්තාවක් මෙතනින්

    එසේම විදේශ විනිමය අර්බුදය විසඳීමට ඇඩො මි. 2000ක පමණ ණයක් ලබාගැනීමට බලාපොරොත්තු වන බවට මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාර්ඩ් කබ්රාල් මහතා 2021 වසරේ ජුලි මස අදහස් දැක්වූ අවස්ථාවක් මෙතනින්.

    දේශීය වෙළඳපොළේ විදේශ මුදල් ද්‍රවශීලතාවය පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතාගේ ලිපියක දැක්වෙන්නේ, පසුගිය වර්ෂයේ එනම්, ශ්‍රී ලංකා රජය 2021 ජූලි මාසයේදී බංග්ලාදේශ මහ බැංකුවෙන් ලබා ගැනීමට සැලසුම් කර ඇති එ.ජ. ඩොලර් මිලියන 250ක මුදල, 2021 අගෝස්තු මාසයේදී ඉන්දියානු සංචිත බැංකුව සමඟ එළැඹීමට නියමිත එ.ජ. ඩොලර් මිලියන 400ක දකුණු ආසියානු කලාපීය සහයෝගිතා මූල්‍ය සංවිධාන මුදල සහ ඉන්දියාව සමඟ දැනට සාකච්ඡා මට්ටමේ පවතින එ.ජ. ඩොලර් මිලියන 1,000ක විශේෂ මුදල,  මුදල් හුවමාරු පහසුකම (currency swap,FX swap) යටතේ ලැබුණ බවයි. එම ලිපිය මෙතනින්.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News 

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-01-11

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.