Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    Fact Check : කොළඹ 46 °C සහ ගම්පහ 41 °C දක්වා උෂ්ණත්වය ඉහළ ගියේද ?

    2020-03-02
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේ සාමාන්‍ය උෂ්ණත්වය ඉහළ ගොස් තිබෙනවා.  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් මිනිස් සිරුරට ඇතිවිය හැකි බලපෑම පිලිබඳ අවවාදාත්මක නිවේදනයක් ද නිකුත් කර තිබු අතර දිවයිනේ ඇතැම් ප්‍රදේශයන්හි උෂ්ණත්වය සෙල

    පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේ සාමාන්‍ය උෂ්ණත්වය ඉහළ ගොස් තිබෙනවා.  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් මිනිස් සිරුරට ඇතිවිය හැකි බලපෑම පිලිබඳ අවවාදාත්මක නිවේදනයක් ද නිකුත් කර තිබු අතර දිවයිනේ ඇතැම් ප්‍රදේශයන්හි උෂ්ණත්වය සෙල්සියස් අංශක කිහිපයකින් ඉහළ යා හැකි බවද දන්වා තිබෙනවා.  පවත්නා උණුසුම් කාලගුණයෙන් වියහැකි අයහපත් ශාරීරික බලපෑම් අවම කරගැනීමට වැඩියෙන් ජලය පානය කිරීම සුදුසු බව එහි තවදුරටත් දක්වා තිබේ.

    මෙවන් වාතාවරණයක් තුල  කොළඹ නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 46 ත්, ගම්පහ නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 41ක් දක්වාත් ඉහළ ගොස් ඇතිබවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් හුවමාරු වෙනු මෙලෙසින් දක්නට ලැබුණි.

    Facebook LinkArchived Link

    සමාජ මාධ්‍ය තුල හුවමාරුවන මෝටර් රථයක උෂ්ණත්ව මාපකය සෙල්සියස් 46 ලෙසින් පෙන්වන සටහනක් පහතින්.

    Facebook LinkArchived Link

    “අද දහවල් වන විට ශ්‍රී ලංකාව තුල උෂ්ණත්වය ඉතාම ඉහළ අගයක තිබ්බා. නුවරඑළිය 21°c, කොළඹ 46°c (not sure), මහනුවර 34°c, ගම්පහ 41°c, අනුරාධපුරය 33°c, මාතර 34°c, ඇඹිලිපිටිය 37°c  එන්න තව ගස් කපමු අපි” යනුවෙන් සමාජ මාධ්‍ය තුල හුවමාරුවන තවත් සටහන් කිහිපයක් මෙලෙසින්

    Twitter LinkArchived LinkTwitter Link 2Archived Link

    2019 වසරේ ද උෂ්ණත්වය වැඩි වීම සම්බන්ධයෙන් විවිධ ආකාරයේ නොමග යවනසුලු සටහන් මාරු වී තිබූ බව අපට පෙනී ගියා. “අධික උෂ්ණත්වය නිසා කොළඹ Color Lights උණුවී යයි” යන තේමාව යටතේ පසුගිය වසරේ අප්‍රේල් මාසයේ ඡායාරූපයක් සහිතව සටහන් පෙළක් හුවමාරු තිබූ අයුරු ද අපට දැකගන්නට ලැබුණි

    Facebook LinkArchived Link

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    සමාජ මාධ්‍ය තුල හුවමාරු වන මෙම  සටහන් සම්බන්ධයෙන් අපි ගූගල් නිව්ස් හරහා සොයා බැලීමක් සිදු කලා. එහිදී අපට දක්නට ලැබුනේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ශ්‍රී ලංකාවේ සාමාන්‍ය උෂ්ණත්වය ඉහළ යාම සම්බන්ධයෙන් පුවත් පළකර තිබුනත්, කොළඹ නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 46, ගම්පහ නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 41  දක්වා ඉහළ ගොස් ඇති බවට සමාජ මාධ්‍ය තුල හුවමාරු වන සටහන් සම්බන්ධයෙන් කිසිවක් පළකර නොමැති බවයි.

    සමාජ මාධ්‍ය තුල හුවමාරු වන මෙම  සටහන්හි පෙබරවාරි 27 දින කොළඹ නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 46, ගම්පහ නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 41 දක්වා ඉහළ ගොස් තිබු බවට පළවූ නිසා අපි පසු දින (පෙබරවාරි 28) කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් පලකරනු ලබන නිවේදනය නිරීක්ෂණය කළෙමු. එහි උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 37ක් ලෙස කටුනායක ප්‍රදේශයෙන් වාර්තාවී තිබිණ.

    Facebook LinkArchived Link

    අප විසින් පසුගිය සති කිහිපය තුල පළවූ එබඳු වාර්තා නිරීක්ෂණය කල අතර, ශ්‍රී ලංකාවේ කිසිදු ප්‍රදේශයක  උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 දක්වා වාර්තා වී නොතිබිණ.  

    මේ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු දැනගැනීම සදහා අප කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීවරයෙකු සමඟ සම්බන්ධ වුවා. එහිදී අප සමග පවසා සිටියේ, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දත්ත ලබාගන්නා මධ්‍යස්ථානවල දත්ත අනුව පසුගිය මාසය තුළ සෙල්සියස් අංශක 40 ඉක්මවා උෂ්ණත්වයක් වාර්තා වී නොමැති බවයි. ශ්‍රී ලංකාවේ දැනට වාර්තා වී ඇති ඉහලම උෂ්ණත්වය 1983 වසරේ වවුනියාව ප්‍රදේශයෙන් වාර්තා වූ සෙල්සියස් අංශක 40.1 බවද දන්වා සිටියා 

    තවදුරටත් දන්වා සිටියේ උෂ්ණත්වමානය අව්වේ හෝ උණුසුම ඉහළ ස්ථානයක තබා ලබාගන්නා පාඨාන්කයන්හි උෂ්ණත්වය ඉහල අගයක් ලබා ගත හැකි බවයි. උෂ්ණත්වය මැනීමේ නිවැරදි ක්‍රමය වන්නේ උෂ්ණත්වමානය සෙවනේ තබා ලබා ගැනීමයි ද යනුවෙනි.

    ඉහත සටහනේ පෙබරවාරි මස 27 වැනි දින එක් එක් නගර වල උපරිම උෂ්ණත්වය දක්වා තිබූ බැවින් එම නගරවල උපරිම උෂ්ණත්වය ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ලබාගන්නා ලද දත්ත සමග සංසන්දනය කිරීමක් සිදු කළා


    Social Media Post Data (°C)Actual Data – Met Dept. (°C)
    Colombo4632.7
    Gampaha41No Station
    Anuradhapura3332.3
    Matara34Galle 32.9
    Nuwaraeliya2121.4
    Kandy3432.5
    Ambilipitiya37No Station

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිල දත්තයන් සමග ඉහත පරිදි සැසඳීමේදී අපට පෙනී ගියේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයන් හැර ඉතිරි ප්‍රදේශයන්හි අගයන් බොහෝදුරට නිල උපරිම උෂ්ණත්වයට ආසන්න අගයක් ගන්නා බවයි

    තවදුරටත් කරුණු පරීක්ෂා කිරීමේදී අපට පෙනී ගියේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ දිනවල පවතින උණුසුම් උෂ්ණත්වය පිළිබඳව අවිවාදාත්මකව නිවේදනයක් පහත පරිදි පල කර තිබූ බවයි. 

    FB Link (Sinhala) FB Link (English)
    Heat-Index

    අප සමඟ දුරකථනයෙන් සම්බන්ධ වූ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරියා පවසා සිටියේ මෙහි සඳහන්ව ඇත්තේ අධික උෂ්ණත්ව දර්ශකය නැතහොත් (Heat Index) මිනුමක් සම්බන්ධයෙන් බවත් බොහෝදෙනා විසින් පරිසර උෂ්ණත්වය ලෙස වරදවා තේරුම් ගෙන ඇති එම දර්ශකයෙන් ඇත්ත වශයෙන්ම අදහස් කෙරෙන්නේ සාපේක්ෂ ආර්ද්‍රතාවය, වාතයේ උෂ්ණත්වය සමඟ සංයෝජනය වන විට උෂ්ණත්වය මිනිස් සිරුරට දැනෙන අපහසුතාවයේ මිනුම් දණ්ඩක් බවත්ය.

    වාතයේ උෂ්ණත්වය, සාපේක්ෂ ආර්ද්‍රතාවය මෙන්ම සුළඟේ වේගය යන කරුණුද මෙයට බලපාන බව පැවසු එතුමා තවදුරටත් පැහැදිලි කරමින් සඳහන් කළේ ඉදිරි සති කීපයේ දී සුළඟේ වේගයේ අඩුවීමක් අපේක්ෂා කරන අතර ඒ හා සමග මෙම දර්ශකය තවදුරටත් තීව්‍ර වීමේ ඉඩකඩක් ද ඇති බවය

    එසේම සමාජ මාධ්‍ය ජාලා හරහා පළවී තිබු මෝටර් රථයක ඉදිරි පුවරුවේ (dashboard) සඳහන් වී ඇති උෂ්ණත්ව කියවීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේ දී මෙතුමා කරුණු පැහැදිලි කරමින් අපට පවසා සිටියේ මෝටර් රථයක ඉදිරි ග්‍රිල් එක පිටුපස පිහිටා ඇති Thermistor යන උපකරණයකින් බොහෝවිට මෙම උෂ්ණත්ව මිනුම ලැබෙන බැවින් එහි නිරවද්‍යතාවය සෑම අවස්ථාවන්හිදීම නියම පරිසර උෂ්ණත්වය නොවන බවයි.

    Washington Post

    එසේම 2019 වසරේ අප්‍රේල් මස “අධික උෂ්ණත්වය නිසා කොළඹ Color Lights උණුවී යයි” යන තේමාව ඉහත පෙන්වා තිබු සටහන් පිලිබඳ  විමර්ෂණය කිරීමේදී අපට පෙනී ගියේ ඇත්ත වශයෙන්ම 2013 කුවේට්හි ඇතිවූ වහනයක් ගිනිගනීමකදී ඇතිවූ සිද්ධියක් මෙයට මුල්වී ඇති බවය. මේ පිළිබඳ කරුණු විමර්ශනන් කිහිපයක්ම සිදුව ඇති අයුරුද දැකගැනීමට හැකිවිය

    FB LinkSnopes

    අවසාන නිගමනය

    අපගේ කරුණු විමර්ශණයෙන් පැහැදිලි වූයේ “.කොළඹ නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 46 යි, ගම්පහ නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 41 යි..” යන තේමාව යටතේ ඉදරිපත් කර ඇති සමාජ මාධ්‍ය සටහන් පාඨකයා නොමඟ යවන සුළු සටහන්  බවයි.

    ශ්‍රී ලංකාවේ පරිසර උෂ්ණත්වය පසුගිය දින කිහිපයේදී වැඩිවී ඇති අතර සාපේක්ෂ ආර්ද්‍රතාවය, වාතයේ උෂ්ණත්වය සමඟ සංයෝජනය වන විට උෂ්ණත්වය මිනිස් සිරුරට දැනෙන අපහසුතාවයේ ඉහළ යාමක් පෙන්නුම් කිරීම හේතුවෙන් නිකුත් කරන ලද නිවේදනයන් වැරදි ලෙස බොහෝ පිරිස් විසින් වැරදි අර්ථකතනයන් දෙමින් හුවමාරු කරගෙන ඇත. කොළඹ නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 46 යි, ගම්පහ නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 41 යි යන අගයන් අසත්‍ය වේ. 

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-03-02

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.