Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    රොබෝවෙක් මිනිසෙකු සමඟ බැඩ්මින්ටන් ක්‍රීඩා කරන වීඩියෝව සත්‍යයක් ද?

    2023-09-26
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. රොබෝවෙකු සහ මිනිස් ක්‍රීඩකයින් දෙදෙනෙකු අතර පැවති බැඩ්මින්ටන් තරඟයක් අතරතුර රොබෝවරයෙකු අපූරු චලනයන් සිදු කරන වීඩියෝවක් මේ දින වල සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්ව ඇත. මේ පිළිබඳව අප විසින් සිදු

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    රොබෝවෙකු සහ මිනිස් ක්‍රීඩකයින් දෙදෙනෙකු අතර පැවති බැඩ්මින්ටන් තරඟයක් අතරතුර රොබෝවරයෙකු අපූරු චලනයන් සිදු කරන වීඩියෝවක් මේ දින වල සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්ව ඇත. මේ පිළිබඳව අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමයි මේ.

    සමාජ මාධ්‍ය පළ කිරීම් 

    රොබෝවෙක් සහ ක්‍රීඩකයන් දෙදෙනෙක් බැඩ්මින්ටන් ක්‍රීඩාවේ නිරතවන අයුරු සමාජ ජාලා සටහන්වල දැක්වෙනවා .

     Facebook| Archived 

    මේ සම්බන්ධව කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.

    Fact Check ( සත්‍ය කරුණු විමසා බැලීම) 

    කෙසේ වෙතත්, Fact Crescendo කණ්ඩායම විසින් මෙම වීඩියෝව AI  මගින් සංස්කරණය කර ඇති බව සොයා ගන්නා ලදී. මෙහිදී බොහෝ මාධ්‍ය ආයතන සහ වෙබ් අඩවි විසින් පළ කරන ලද ඉහත බැඩ්මින්ටන් ක්‍රීඩාවක දර්ශනය පෙන්වන ඊට සමාන වීඩියෝ දර්ශන කිහිපයක් අපට හමු විය. 

    2021 ඔක්තෝම්බර් 21 දින මෙම වීඩියෝව ‘phalore Bedmation Club’ නම් ෆේස්බුක් සමූහයේ පළ කර ඇති අතර, මෙහිදී බැඩ්මින්ටන් තරඟයට මිනිස් ක්‍රීඩකයින් තිදෙනෙකු ඇතුළත් සහභාගී වී ඇත, ක්‍රීඩකයින් යුවලකට එරෙහිව තනි ක්‍රීඩකයෙකු ක්‍රීඩා කරන අතර මෙම වීඩියෝවේ කිසිසේත්ම රොබෝවරු නොමැත.

    Archived

    Read also:  A Video Of A Robot Playing A Badminton Game With A Human Is Edited! Know The Truth…

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    අවසාන නිගමනය(Conclusion)

    Fact Crescendo කණ්ඩායම විසින් බැඩ්මින්ටන් තරගාවලියකදී රොබෝවෙකු මිනිස් ක්‍රීඩකයින් දෙදෙනෙකු සමග ක්‍රීඩා කරන ආකාරය දැක්වෙන වීඩියෝ පටය AI තාක්ශනය මගින් සංස්කරණය කර ඇති බව සොයා ගන්නා ලදී. තාක්ශණය සමග අලුත් වන ලෝකයේ ඔබට ලැබෙන පුවත් පිළිබදව විමසිලිවත් වීම ඉතා වැදගත් වේ. 

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    FCT

    Fact Crescendo Team

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2023-09-26

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.