Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    පිඟානක් තුළ දඟලමින් චලනය වන KFC චිකන් ලෙස දැක්වෙන වීඩියෝවේ ඇත්ත කතාව!

    2024-11-21
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සත්ව කරුණාව , සත්ත්ව සුභ සාධනය ආදිය සමාජයේ බොහෝ අවස්ථාවල කතාබහට ලක්වෙන මාතෘකා වන අතර ඇතැම් අවස්ථාවලදී මෙවැනි උතුම් සංකල්ප ප්‍රචලිත කිරිමට, නොමඟයවන සුළු සමාජ ජාලා සටහන් යොදාගන්නා ආකාරය ද අ

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    සත්ව කරුණාව , සත්ත්ව සුභ සාධනය ආදිය සමාජයේ බොහෝ අවස්ථාවල කතාබහට ලක්වෙන මාතෘකා වන අතර ඇතැම් අවස්ථාවලදී මෙවැනි උතුම් සංකල්ප ප්‍රචලිත කිරිමට, නොමඟයවන සුළු සමාජ ජාලා සටහන් යොදාගන්නා ආකාරය ද අපට දැකගන්නට ලැබෙනවා. ලොවපුරා මෙලෙසින් හුවමාරු වී මේ වන විට ලංකාවේ ද හුවමාරු වන එවැනි වීඩියෝවක කරුණු අප විමසා බැලුවේ මෙලෙසින්.

    සමාජ ජාලා සටහන්  

    “සතා මරලා බැදලත්, ඒත් පනයි” ලෙස සඳහන් කරමින් කෙටි වීඩියෝවක් සමාජ ජාලාවල පැතිරෙන්නේ කුකුල් මස් කැබැල්ලක් පිගානක දඟලමින් චලනය වන පෙන්වමින්. මෙම වීඩියෝවේ පසෙකින් KFC බෑගයක් ද තබා ඒත්තු ගන්වන්නේ අදාළ පිගානේ ඇත්තේ ගෝලීය ආහාර අවන්හල් ජාලයක් වන කේ.එෆ්.සී හි චිකන් බවයි.

    FB | Archived

    මිලියන 4 කටත් වැඩි නැරඹුම් වාර ගණනක් ඉක්මවා තිබු මෙම වීඩියෝව පිළිබඳව කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා. 

    Fact Check ( සත්‍ය කරුණු විමසා බැලීම ) 

    KFC චිකන් සම්බන්ධ මෙවන් තත්ත්වයක් ඇතිව ඇති බවට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මගින් වාර්තා කර ඇතිද යන කාරණය අපි සොයා බැලුවා. නමුත් එවැන්නක් දක්නට ලැබුණේ නැහැ.

    ඉන් අනතුරුව අපි මෙහි මුල් වීඩියෝව කුමක්ද යන කාරණය සොයා බැලීමට උත්සුක වුණා. වඩාත් සුක්ෂමව පිලිබදව සොයා බැලීමේදී මෙහි මුල් වීඩියෝව කුමක්ද යන්න සොයා ගැනීමට අපට හැකිවුණා. 

    එහිදී අපට Maxim Verehin නම් පුද්ගලයෙක් විසින් සමාජ ජාලාවලට එකතුකරන ලද වීඩියෝවක් දක්නට ලැබුණා. 2021 නොවැම්බර් මාසයේදී ඔහු සිය ඉන්ස්ටා ගිණුමට එකතු කරන ලද වීඩියෝවට පිවිසිය හැකියි පහතින් 

    View this post on Instagram

    A post shared by VEREHIN (@maxverehin)

    Insta | Archived Link 

    ෆොටෝ ෂොප් ,කෘතීම බුද්ධිය (AI) ආදී විවිධ තාක්ෂනික ක්‍රමවේද භාවිතා කරමින් සිදු කරන ලද මෙවන් නිර්මාණ බොහොමයක් Maxim Verehinගේ ඉන්ස්ටා ගිණුමේ දක්නට ලැබෙනවා. කිසිම අවස්ථාවක ඔහු විසින් එම නිර්මාණ ස්වභාවික ඒවා ලෙස සදහන් කර නැහැ. ඔහුගේ ඉන්ස්ටා ගිණුමට පිවිසිය හැකියි මෙතනින්

    Concept Artist වරයෙක් ලෙස කටයුතු කරන Maximගේ රැකියාවේ ස්වභාවය වන්නේ විවිධ අදහස් පිලිබදව දෘශ්‍යමය නිරුපණය කිරීම් සිදු කිරීමට ඇති හැකියාවයි. පරිගණක ක්‍රීඩා ආදිය සදහා අදාළ වීඩියෝ, ඇනිමේෂන් නිර්මාණය කිරීම් ආදිය සදහා ඔවුන් දායකවෙනවා.

    A screenshot of a social media profile

Description automatically generated

    LinkedIn Profile | Archived Link

    KFC චිකන්

    KFC (Kentucky Fried Chicken) යනු 1952 වසරේ ආරම්භ කරන ලද දැනට ගෝලීය වශයෙන් රටවල් රැසක ව්‍යාප්ත පවතින සුප්‍රසිද්ධ ඇමරිකානු ක්ෂණික ආහාර අවන්හල් ජාලයකි. විශේෂයන්ම ෆ්රයිඩ් චිකන් සඳහා මෙම අවන්හල් ජාලය ප්‍රසිද්ධියක් දරන අතර ලංකාවේ ද ශාඛා ගණනාවක් ම පවතිනවා.

    එම වෙළදසැල් ජාලය සිය ආහාරවල ප්‍රමිතිය සහ සෞඛ්‍ය සම්බන්ධයෙන් වෙනත් එවැනිම ව්‍යාපාර අනුගමනය කරන නියාමනයන් අනුගමනය කරනවා. එම ව්‍යාපාර ජාලය විසින් අනුගමනය කරන ආහාරවල ගුණාත්මක බව සහ සනිපාරක්ෂක බව සදහා වන නියමයන් පිලිබදව කියවිය හැකියි මෙතනින් Archived 

    කෙසේවෙතත් KFC ආහාර අවන්හල් ජාලයේ ලංකාවේ මෙන්ම ලොව වෙනත් රටවල ද ඇතැම් අවස්ථාවල දී නිකුත්කරන ආහාර සම්බන්ධයෙන් ඇතැම් ගැටළුමය අවස්ථා ඇතිවී තිබෙනවා. 2023 දෙසැම්බර් මස ලංකාවේ ඇතිවූ එවැනි සිදුවීමක් පිලිබඳ වාර්තාවක් මෙතනින්. මෑතක දී ඉන්දියාවේ සිදුවීමක් මෙතනින්.

    Read in English: Here are the truth about video showing KFC’s fried chicken moving by themselves

    අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok 

    Conclusion:

    KFC චිකන් පිගානක් තුල ඒ මේ අතට චලනය වෙමින් දඟලන පණ තිබෙන පිසින ලද චිකන් බවට හුවමාරුවන සමාජ ජාලා සටහන් සාවද්‍ය යි. එය කෘතීම ලෙස තාක්ෂණික ක්‍රමවේද භාවිතයෙන් සකසන ලද වීඩියෝවක් වන අතර සත්‍ය වීඩියෝවක් නොවේ .

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PL

    Piumika Lakshani

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2024-11-21

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.