Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    පක්ෂයේ ආර්ථික ප්‍රථිපත්ති වලින් කොටසක් හඳුන්නෙත්ති උපුටා දැක්වූ අවස්ථාවක්ද?

    2024-06-18
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මැතිවරණ උණුසුමත් සමග පක්ෂ අතර නොමග යන සුළු සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වනවා. එලෙසින් මෑතකදී ජාතික ජන බලවේගයේ සාමාජිකයෙකු විසින් සිදු කළ ප්‍රකාශයක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    මැතිවරණ උණුසුමත් සමග පක්ෂ අතර නොමග යන සුළු සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වනවා. එලෙසින් මෑතකදී ජාතික ජන බලවේගයේ සාමාජිකයෙකු විසින් සිදු කළ ප්‍රකාශයක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් : 

    “අපිට අනිවාර්ය සිද්ධ වෙන දේ තමයි ඔය ති‍යෙන රාජ්‍ය ව්‍යාපාර, ආයතන වෙන්දේසි කරලා  වගේ විකුණන්න දාලා  තියෙන ඒවා  විකුණන්න  දාන. ඒක එක උත්තරයක්. නැත්තම් සල්ලි අච්චු ගහන්න වෙනවා. ඒ තව උත්තරයක්. බැංකුවල තියෙන තැන්පත්කරුවෙන්ගේ සල්ලි ඒවා  ගන්න වෙනවා  ආණ්ඩුවට වියදම් කරන්න. ඔය උත්තර 3 තමයි තියෙන්නේ මන් ඉගෙන ගත්ත දේ අනුව” යනුවෙන් ජාතික ජන බලවේගයේ විධායක සභික සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් සිදු කරන ප්‍රකාශයක් ඇතුළත් වීඩියෝවක් ෆේස්බුක් ඔස්සේ සංසරණය වී තිබුණේ මෙලෙසින්.

    Facebook | Archived 

    මෙම වීඩියෝව සඳහා දක්වා තිබූ ප්‍රතිචාර කිහිපයක් පහතින්.

    හඳුනෙත්ති මෙහිදී අදහස් දක්වා සිටින්නේ ජාජබ ආණ්ඩුවක දී සිය පක්ෂය ගෙන ඒමට බලාපොරොත්තු වන ප්‍රතිපත්ති බවට කිහිප දෙනෙක්ම අදහස් දක්වා තිබු බැවින්, මේ පිළිබඳ කරුණු පර‍ීක්ෂාවක් සිදු කිරීමට අප පියවර ගත්තේ මේ අයුරින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

    ජාතික ජන බලවේගයේ බලයට පත් වීමෙන් පසු රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලීකරණය කරනු ඇති බවත්, අධික මුදල් මුද්‍රණය සිදු කරන බවටත්, බැංකු තැන්පත්කරුවන්ගේ මුදල් ලබා ගන්නා බවටත් ඉහත වීඩියෝවෙන් ඒත්තු ගන්වා තිබුණා.

    ජාජබ විධායක සභික, ආර්ථික කවුන්සිල සාමාජික සුනිල් හඳුන්නෙත්ති විසින්, එවැනි ප්‍රකාශයක් සත්‍ය වශයෙන්ම සිදු කර ඇත් නම් එය ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර තිබිය යුතු බැවින් අප ප්‍රධාන මාධ්‍ය ධාරා හරහා ප්‍රථමයෙන් පරීක්ෂා කළා. නමුත් අපට ඔහු විසින් එවැනි ප්‍රකාශයක් සිදු කර ඇති කිසිදු සටහනක් හමු නොවුණි.

    ඉන් අනතුරුව අප එම සම්පූර්ණ වීඩියෝව පිළිබඳ අපගේ අවධානය යොමු වූ අතර එය 2023 වසරේ දෙසැම්බර් මස 21 වන දා Neth FM යූ ටියුබ් නාලිකාවේ සුනිල් හඳුන්නෙත්ති මහතා සහභාගී වූ සම්මුඛ සාකච්ඡාවක කොටසක්, නොමග යන සුළු අන්දමින් පළ කර ඇති අවස්ථාවක් බවට අපට අනාවරණ වුණා.

    ඒ අනුව, එම සම්මුඛ සාකච්ඡාවේදී එම වකවාණුවේදී පැනවීමට නියමිතව තිබූ වැට් බදු ප්‍රතිශතය ඉහළ නැංවීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන අතර නිවේදක විසින් විමසා සිටින්නේ, වත්මන් ආණ්ඩුවට වැට් බදු ප්‍රතිශතය ඉහළ නැංවීම හැර, විකල්ප පවතිනවාද යන්න මෙහිදී හඳුන්නෙත්ති මහතාට පැනයක් යොමු කරනු ලබයි. 

    එම වීඩියෝව පහතින්.

    එමෙන් ම මෙහිදි හඳුනෙත්ති තවදුරටත් ඔහු විසින් පෙන්වා දෙන්නේ, මෙවන් ආර්ථක අර්බුදකාරී අවස්ථාවකදී ආණ්ඩුවේ සාමාජිකයන්ට ආරක්ෂක වියදම්, නඩත්තු වියදම්, විශ්‍රාමික මුදල් වැනි අත්හැරීමට හැකි දේවල්, අනවශ්‍ය දේවල් කොටසක් හෝ කැපකිරීමට සිදු වන අතර එවැනි වැඩපිළිවෙළක් ජාතික ජන බලවේගයේ ආණ්ඩුව විසින් මෙවැනි අවස්ථාවලීදි සිදු කරනු ඇති බවයි. 

    කෙසේනමුත් ජාතික ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්තියක් මෙතෙක් සපයා නොමැත. සමගි ජන බලවේගයේ ආර්ථික කමිටුව හා ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුව අතර ආර්ථික ප්‍රතිපත්තිය සැකසිය යුත්තේ කෙසේද යන්න අරභයා විවාදයක් පැවැත්වීම පිළිබඳව ද නායකයින් දෙපළ අතර විවාදයක් පැවැත්වීම පිළිබඳව ද කතිකාවතක් නිර්මාණය වී තිබුණ ද මෙතෙක් එවැනි විවාදකට ද පක්ෂ දෙක අතර එකඟතාවයක් ඇතිවී නැහැ.

    අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok 

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ජාතික ජන බලවේගයේ සභික සුනිල් හඳුන්නෙත්ති මහතා විසින්, රටේ පවතින ආර්ථීක අර්බුදය හමුවේ තම පක්ෂය විසින් සිදුකරන අනිවාර්ය ආර්ථික සැලැස්මේ කරුණු ඉදිරිපත් කරන අවස්ථාවක් බවට පෙන්වා දීමට උත්සහ දරා තිබූ වීඩියෝව නොමග යන සුළු වීඩියෝවක් බවයි. සත්‍ය වශයෙන්ම එහි දැක්වෙන්නේ පවත්නා රජය විසින් ආර්ථික ගොඩනැගිීමට සිදු කිරීමට හැකිවන විකල්ප අවස්ථා සම්බන්ධයෙන් සම්මුඛ සාකච්ඡාවක සිදු කළ ප්‍රකාශයකින් කොටසකි. මෙහිදී ජාජබ ආණ්ඩුවක් යටතේ විදයම් කළමනාකරණ කිරීම ගැන ද මුල් වීඩියෝවේ සාකච්ඡා වෙනවා.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    FCT

    Fact Crescendo Team

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2024-06-18

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.