
දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.
සුපිරි පාපන්දු තරු ලියොනල් මෙසීගේ නායකත්වය යටතේ, තියුණු තරඟයකින් පසුව, 2022 ලෝක කුසලාන පාපන්දු කිරුළ ආජන්ටිනාව දිනා ගත්තේ පසුගිය වතාවේ ශුරයන් වූ ප්රංශ කාණ්ඩයම පරාජයට පත්කරමින්. මේ සමඟ ලියොනල් මෙසී සම්බන්ධව වීඩියෝ මෙන්ම ලිපි රැසක් පළවූ අතර, ඔහු හා සම්බන්ධව හුවමාරු වූ එක් වීඩියෝ පටයක් මඟින් දක්වා තිබුනේ මෙසී සිය මව වැලඳගත් අවස්ථාවේ වීඩියෝ දර්ශන පෙළක් බවයි. නමුත් අප කල ගවේෂණයේදී පැහැදිලි වුවේ එම සමාජ ජාලා සටහන් නොමගයවන සුලු බවයි.
සමාජ ජාලා සටහන්
ලියොනල් මෙසී සිය මව වැළදගෙන සිටි අවස්ථාව ලෙස සමාජ ජාලා හරහා හුවමාරු වන්නේ පහත වීඩියෝවයි.
ඒ සම්බන්ධයෙන් පළව තිබුණු අදහස් කිහිපයක් පහතින්.

මේ පිලිබදව කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.
Fact Check ( සත්ය තොරතුරු විමසා බැලීම )
සමාජ මාධ්ය ඔස්සේ හුවමාරු වන වීඩියෝවේ, මෙසී බදාගෙන සිටින කාන්තාව , නිල් සහ සුදු ජාතික ජර්සියක් හැද සිටින අතර අතර ඇගේ වම් අතෙහි ඉදිරි කොටසෙහි පච්චයක් කොටා ඇත, දුඹුරු හිසකෙස් සහිතයි.
FactCrescendo අප කාණ්ඩයම විසින් මෙසේ සිටින්නේ මෙසිගේ සැබෑ මව ද යන්න පරික්ෂා කළා. එහිදී දැක ගන්නට ලැබුනේ පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරඟය නැරඹීම සඳහා මෙසීගේ සැබෑ මව වන Celia María Cuccittini පැමිණ සිටියත් එදින ඇය දම් පැහැති ආජන්ටිනාවේ ජර්සියකින් සැරසී සිටින බව දැක ගන්නට ලැබෙන බවයි.
ලයනල් මෙසිගේ මව තරගය පවතින අවස්ථාවේදී එය නැරබීම සදහා දම් පැහැති ජර්සියකින් සැරසී පැමිණ සිටි ආකාරය මෙන්ම ඇය ආර්ජන්ටිනා ජයග්රහනයෙන් පසුවමෙසිව වැළදගෙන සුභ පැතූ ආකාරය ජාත්යන්තර මාධ්යවල වාර්තා අතර පහත පරිදි දැක්වුණා.

මුලාශ්රය : FootwearNews | Archived
මේ මෙසී ගේ මව විසින් මෙසිව වැලදගත් අවස්ථාවේ ගන්නා ලද සේයාරුයි.

මෙසී තරග ජයග්රහණයෙන් පසු සිය මව වැළද ගන්නා ආකාරය සහ අනෙක් කාන්තාව වැලදගන්නා ආකාරය දැක්වෙන සේයාරූ සැසදීමක් පහතින්.

මෙසීගේ මව දම් පැහැති උඩුකය ඇදුමකින් සැරසී සිටින අතර සමාජ ජාලාවල සදහන් වීඩියෝවේ මෙසිව වැළඳ ගන්නා කාන්තාව නිල් සහ සුදු ඇදුමකින් සැරසී සිටින ආකාරය ඉහත සේයාරූ සැසදීම අනුව දැකගන්නට ලැබෙනවා.
එසේම මෙසිගේ සැබෑ මවගේ ද හිසකෙස් දුඹුරු පැහැයක් ගත්ත ද ඇගේ අත්වල පච්ච කොටා නොමැති බව පැහැදිලිවම දැක ගන්නට ලැබෙනවා. වීඩියෝවේ දැක්වෙන කාන්තාවගේ අත්වල පැහැදිලිවම පච්චා කොටා තිබෙනවා.
සමාජ මාධ්ය ඔස්සේ හුවමාරු වන වීඩියෝවේ සිටින කාන්තාව කවුද?
වීඩියෝවේ දැක්වෙන කාන්තාව පිලිබඳ ආජන්ටිනා මාධ්ය ඇතුළු ආජන්ටිනා කණ්ඩායම පිලිබඳ තොරතුරු දන්නා පිරිස් අදහස් කිහිපයක් ම දක්වා තිබුණා.
අප විසින් keyword search කිරීමක් සිදුකල අතර එහිදී ආර්ජන්ටිනාවේ බහුලව භාවිතා වන බස වන ස්පාඤ්ඤ භාෂාවෙන් කටයතු කරන ආර්ජන්ටිනා මාධ්ය විසින් දක්වා තිබුනේ වීඩියෝවේ සිටින කාන්තාව ආර්ජන්ටිනා පාපන්දු කණ්ඩායම සමග කටයුතු කරන කෝකිවරියක් බවයි. ඇයගේ නම ඇන්ටෝනියා ෆාරියාස්.ඒ සම්බන්ධ මාධ්ය වාර්තාවකට පිවිසිය හැකියි මෙතනින්. Archived.
මේ ස්පාඤ්ඤ බසින් ඇය සම්බන්ධ විස්තර ඇතුලත් කොට ලතින් ඇමෙරිකානු කලාපීය රූපවාහිනී ආයතනයක් විසින් පලකරන ලද ට්විටර් පණිවිඩයක්.
En este momento muchos pensamos que era la mama de Messi que se venia a fundir en un abrazo, pero no, en realidad es aún más importante…
— elGourmet (@elgourmet) December 19, 2022
Es la encargada de cocinar las milanesas napolitanas a toda la selección Argentina.
🇦🇷🏆👩🍳Antonia Farías, campeona y cocinera.#Quatar2022 pic.twitter.com/ipyE5auKAh
තවත් සමහර ආර්ජන්ටිනා මාධ්ය මගින් වාර්තා කර තිබුණේ ඇය ආර්ජන්ටිනා පාපන්දු කණ්ඩායම සමග වසර 10 ක පමණ සිට මෙම කාන්තාව කටයුතු කරන බවත් ,කණ්ඩායම සමග විදෙස් සංචාර වල නිරතවන බවත් සහ ආහාර සම්බන්ධ සියලු කටයුතු බාරව සිටින්නේ ඇය බවයි.එම වාර්තාවකට පිවිසිය හැකියි මෙතනින්. Archived එවැනි තවත් මාධ්ය වාර්තා මෙතනින් සහ මෙතනින්.
මේ ආර්ජන්ටිනා පාපන්දු සම්මේලනය විසින් 2018 වසරේ රුසියාවේ පැවති ලෝක කුසලනයටද මෙම සූපවේදනිය සම්බන්ධවූ අවස්ථාවේ ගන්නා ලද සේයාරූ ඇතුලත් කර පලකරන ලද ට්විටර් පණිවිඩයක් මෙතනින්
එසේම එහි සිටින්නේ මෙසිගේ සමීපතම ආජන්ටිනා පිලේ ක්රීඩකයෙකු වන Sergio Agüero. (Kun) ගේ මව බව ද ඇතැම් පිරිස් දක්වා තිබුනේ මෙලෙසින් වීඩියෝවේ සිටින කාන්තාව Sergio Agüero (Kun) ගේ මවට යම් සමානකමක් දැක්වෙන අබව අපට ද දැක ගන්නට ලැබුණා
මේ අනුව වීඩියෝවේ සිටියේ ආජන්ටිනා පිලේ කොකිවරිය ද Sergio Agüero (Kun) ගේ මව ද නැතහොත් වෙනත් කාන්තාවක් දැයි අපට නිත්ය වශයෙන්ම දැනට සොයාගත් තොරතුරු මත හඳුනාගැනීමට ලැබුනේ නැහැ.
නමුත් සමාජ ජාලා වීඩියෝවේ කාන්තාව මෙසිගේ මව නොවන බව පැහැදිලියි.
අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion ( අවසාන නිගමනය )
අප විසින් සිදු කරන ලද කරුණු විමසීමේදී තහවුරු වූ කාරණය නම් සමාජ ජාලාවල බහුලව සංසරණය වන වීඩියෝවේ දැක්වෙන පරිදි පිටියේදී මෙසී බදා ගැනීමට දිව ගිය නිල්-සුදු ජර්සියෙන් සැරසී සිටි කාන්තාව මෙසීගේ මව නොවන බවයි. කෙසේ වෙතත්, මෙසීගේම මව වන Celia Maria Cuccittini ද ජයග්රහණයෙන් පසු දම් පැහැති ආර්ජන්ටිනා කණ්ඩායමේ ජර්සියෙන් සැරසී ඔහුව උණුසුම් ලෙස වැළඳ ගන්නා අයුරු දක්නට ලැබේ.


