Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    සනත් නිශාන්ත ජීවතුන් අතර බවට දැක්වෙන වීඩියෝවේ සිටින පුද්ගලයා කවුරුන් ද?

    2024-03-07
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය භාවිත කරන ඇතැම් පිරිස්, හුදෙක් උපහාසාත්මක කෝණයෙන් නොමග යවන සුළු හෝ අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරනු ලබනවා. නමුත් මෙවැනි තොරතුරුවල සත්‍ය අසත්‍යතාවය තෝරා බේරා ගැනීමට අසම

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    සමාජ මාධ්‍ය භාවිත කරන ඇතැම් පිරිස්, හුදෙක් උපහාසාත්මක කෝණයෙන් නොමග යවන සුළු හෝ අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරනු ලබනවා. නමුත් මෙවැනි තොරතුරුවල සත්‍ය අසත්‍යතාවය තෝරා බේරා ගැනීමට අසමත් වන ඇතැම් පිරිස් මේ පිළිබඳව නොමඟ යනු ලබනවා. එලෙසින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ එවැනි වීඩියෝවක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    “කවුද කියන්නේ සනත් නිශාන්ත මැරිලා කියලා” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ කෙටි වීඩියෝවකින් පෙන්වා දීමට උත්සහ කර තිබුනේ, සනත් නිශාන්ත මියගොස් නැති බවත්, කායවර්ධන මධ්‍යස්ථානයක ව්‍යායාම්වල නිරත වී සිටින්නේ මෝටර් රථ අනතුරකින් ජීවිතයක්ෂයට පත් හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා බවක්.

    Facebook

    Tiktok ඔස්සේ මෙම වීඩියෝව සංසරණය වී තිබුණේ මේ අයුරින්.

    TikTok

    මෙම වීඩියෝවට දක්වා තිබූ ප්‍රතිචාර වලින් පෙනී ගියේ මේ ඔස්සේ බොහෝ දෙනෙකු නොමග ගොස් ඇති බවයි.

    මෙම වීඩියෝව සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු අපගෙන් විමසීමක් කළ අතර, මෙහි සැබවින්ම සිටින්නේ කවුද යන්න ද පිලිබඳව බොහෝ දෙනෙක් විමසිලිමත් වී තිබු බැවින් මෙහි සත්‍ය කරුණු සොයා කරුණු විමර්ශනයක් කිරීමට අප පියවර ගත්තේ මෙලෙසින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    කටුනායක අධිවේගි මාර්ග‍යේ පසුගිය ජනවාරි 25 වන දා අලුයම සිදුවූ රිය අනතුරකින් පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්ත්‍රී හා රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ජීවිතක්ෂයට පත් වුණා.

    එවන් තත්ත්වයක් යටතේ සනත් නිශාන්ත මහතා මියගිය නොමැති බවට හඟවමන්, සනත් නිශාන්ත මහතාගේ හැඩරුවට සමාන බවක් දැක ගන්නට ලැබෙන එම වීඩියෝවේ සිටින්නේ කවුරුන්ද යන්න පරීක්ෂා කිරීමට අප එහි රූප රාමු Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා.

    එහිදී දැක ගන්නට ලැබුණේ, මෙහි මුල්ප වීඩියෝව පළ කර තිබෙන්නේ, දැනට එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ වෙසෙන ක්‍රිශාන්ත ගිහාන් පෙරේරා නමැති පුද්ගලයෙකුගේ ෆේස්බුක් ගිණුමකින් බවයි.

    Facebook

    මෙම වීඩියෝවේ සටහන සඳහා දක්වා ඇති ප්‍රතිචාර වලින් ද, පෙනී යන්නේ, මෙය උපහාසාත්මක කෝණයෙන් පළ කරන ලද වීඩියෝවක් බවයි.

    අප මේ පිළිබඳව මෙම වීඩියෝව වීඩියෝගත කර තිබූ ක්‍රිශාන්ත ගිහාන් පෙරේරාගෙන් විමසූවත් ඔහු මේ සඳහා ප්‍රතිචාර දැක්වීමෙන් වැළකී සිටි අතර ඒ අනුව අප ඔහුගේ මිතුරෙකුගෙන් මේ පිළිබඳව විමසා සිටියා.

    එම මිතුරා සඳහන් කළේ, එම වීඩියෝව ක්‍රිශාන්ත ගිහාන් පෙරේරා විසින් හුදෙක් විනෝදාස්වාදය සඳහා පළ කරන ලද්දක් බවත්, සනත් නිශාන්ත බවට දැක්වූ පුද්ගලයා ලාංකිකයෙකු හෝ නොවන බවත්, වෙනත් රටක පුද්ගලයෙක් බවත්, මෙය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉහළ පන්තියේ (VIP) කාර්ය වර්ධන මධ්‍යස්ථානයක දී ලබා ගත් වීඩියෝවක් බවයි.

    Also Read : සනත් නිශාන්තගේ අභාවයෙන් පසු බොරැල්ලේ ජනතාව සතුට සැමරූ අවස්ථාවක ඡායාරූපයක් නොවේ!

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News | TikTok| WhatsApp

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2024-03-07

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.