Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ෆ්ලයිඩුබායි ගුවන් යානා සිදුවීමට අදාළ වීඩියෝ ද ?

    කරුණු විමර්ශනය කිරීම
    2026-10-06
    7 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 2026 සැප්තැම්බර් 30 වනදා ඩුබායි සිට ඊශ්‍රායලයේ ටෙල් අවිව් බලා මගීන් සහ කාර්ය මණ්ඩලය ඇතුළු 170 කට අධික පිරිසක් රැගෙන පියාසර කළ ෆ්ලයිඩුබායි (Flydubai) සමාගමට අයත් FZ1073 ගුවන් යානය තුළ, සහය

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    2026 සැප්තැම්බර් 30 වනදා ඩුබායි සිට ඊශ්‍රායලයේ ටෙල් අවිව් බලා මගීන් සහ කාර්ය මණ්ඩලය ඇතුළු 170 කට අධික පිරිසක් රැගෙන පියාසර කළ ෆ්ලයිඩුබායි (Flydubai) සමාගමට අයත් FZ1073 ගුවන් යානය තුළ, සහයක නියමුවා විසින් යානය කඩා වැටීමට සැලසුම් කර පැහැරගැනීමේ උත්සාහයක් මගීන් සහ ප්‍රධාන නියමුවාගේ මැදිහත්වීමෙන් ව්‍යර්ථ කර තිබේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ද කතාබහක් නිර්මාණය වී තිබුණි. එවැනි පසුබිමකදී අදාල සිදුවීමේ දර්ශන ලෙස දක්වමින් පැරණි සිදුවීම් වලට අදාළ වීඩියෝ පට කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබේ. එවැනි වීඩියෝ පට කිහිපයක් සම්බන්ධයෙන් අප විසින් සිදු කරන කරුණු පරීක්ෂාව පහතින්.

    Claim 1

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    ඉහළ අහසේ සිට ගුවන් යානයක් පහළට කඩා වැටෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් දක්වමින් එය මෙම ෆ්ලයිඩුබායි සිදුවීමෙහි දර්ශනයක් ලෙසට හුවමාරු කරගෙන තිබුණේ මෙලෙසින්.

    Facebook

    ඒ අනුව මෙහි සත්‍ය අසත්‍ය භාවය සොයාබැලීමට අප විසින් කටයුතු කළා.

    Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

    ඉහත වීඩියෝ එක් දර්ශනයක දැක්වෙන්නේ ගුවන් යානයක් වේගයෙන් පහළට කඩා වැටෙන ආකාරයයි. ජාත්‍යන්තර නිල මූලාශ්‍ර සහ ප්‍රවෘත්ති ආයතන තහවුරු කරන පරිදි මෙම සිදුවීමට ලක්වූ FZ1073 ගුවන් යානය සෞදි අරාබියේ ටැබුක් ගුවන් තොටුපොළ වෙත ආරක්ෂිතව ගොඩබස්වනු ලැබීය. යානය තුළ සිටි මගීන් විසින් ජංගම දුරකථන මඟින් පටිගත කරන ලද සැබෑ වීඩියෝ දර්ශන කිහිපයක් ජාත්‍යන්තර මාධ්‍ය මඟින් විකාශය කර ඇත. නමුත් ජාත්‍යන්තර මාධ්‍ය කිසිවක් විසින් ඉහත වීඩියෝව මෙම සිදුවීමට අදාළ වීඩියෝවක් ලෙස තහවුරු කර පළ කර නැත.

    වීඩියෝව වඩාත් සමීපව නිරීක්ෂණය කිරීමේදී වීඩියෝවේ දැක්වෙන ගුවන් යානය FlyDubai ගුවන් යානයක් නොවන බව හඳුනා ගත හැකිය. එය Azul නම් බ්‍රසීලියානු ගුවන් සේවය මඟින් ක්‍රියාත්මක කරන ගුවන් යානයක් බව හඳුනා ගත හැකිය.

    වයිරල් වීඩියෝවේ කඩා වැටෙන ගුවන් යානයක රාමුවක්; යානයේ “FZ 103” ලෙස සලකුණු කර ඇත

    ඉහත වීඩියෝවේ දැක්වෙන ගුවන් යානය සහ FlyDubai ගුවන් යානාවක් අතර ඡායාරූප සංසන්දනයක් පහතින්. FlyDubai ගුවන් යානා Azul යානාවලට වඩා වෙනස් වර්ණ සංයෝජනයක් සහිත බව නිරීක්ෂණය කළ හැකිය.

    වයිරල් වීඩියෝවේ රාමුව සහ ෆ්ලයිඩුබායි ගුවන් යානයක් සංසන්දනය කරන Fact Crescendo ග්‍රැෆික් රූපය

    අප විසින් සිදු කළ Reverse Image පරීක්ෂාවේදී ඉහත දැක්වෙන ගුවන් යානය කඩා වැටෙන වීඩියෝවේ FlyDubai යානය අනතුරට ලක්වීමට දින 15 කට පෙර, එනම් 2026 සැප්තැම්බර් 15 වන දින YouTube හි පළ කර ඇති බව නිරීක්ෂණය විය.

    YouTube

    2026 සැප්තැම්බර් 18 වන දින ද අදාළ වීඩියෝව යූ ටියුබ් හි පළ කර තිබුණේ මෙලෙසින්.

    YouTube

    මෙම වීඩියෝව 2026 සැප්තැම්බර් 19 දිනද පළ කර ඇත. එය තිරස් අතට වීඩියෝ කර උඩුගත කරන ලද සාමාන්‍ය ගොඩබෑමක් සිදු කරන Azul ගුවන් යානයක වීඩියෝවකි.

    YouTube

    මෙම වීඩියෝව අංශක 90 කින් භ්‍රමණය කර සිරස් අතට හරවා සමාජ මාධ්‍ය ඔස්සේ ගුවන් යානයක් කඩා වැටෙන දර්ශනයක් ලෙස හුවමාරු කරගෙන තිබේ.

    Claim 2

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    ෆ්ලයි ඩුබායි ගුවන් යානයේ, මගීන් හදිසි පිටවීම් මාර්ගයෙන් ඉවත් වන වීඩියෝවක් ලෙස දක්වමින් වීඩියෝවක් ද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

    Facebook

    TikTok

    ඒ අනුව මෙහි සත්‍ය අසත්‍ය භාවය සොයාබැලීමට අප විසින් කටයුතු කළා.

    Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

    හුවමාරු වන වීඩියෝවේ දැක්වෙන්නේ පුද්ගලයන් පිරිසක් ගුවන් යානයක හදිසි පිටවීම් දොරටුවෙන් පිටතට දිව යන ආකාරයයි. අප මෙම වෛරල් වීඩියෝවේ දර්ශන Reverse Image යෙදුමක් ඔස්සේ පරීක්ෂා කළ අතර, එහිදී මෙම වෛරල් වීඩියෝව 2025 ජූලි 28 වන දින Associated Press හි YouTube නාලිකාවේ පළ කර ඇති බව නිරීක්ෂණය කළ හැකි විය.

    YouTube

    එම වීඩියෝව පළ කරමින් එහි දක්වා ඇත්තේ

    “බලධාරීන් පවසන පරිදි, ඩෙන්වර් ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී ගුවන් යානයක ඇති වූ ගැටළුවක් නිසා එහි මගීන් හදිසි පිටවීමේ පථයක් හරහා පහළට පැමිණ ඇත. සෙනසුරාදා දහවල් ඩෙන්වර් සිට පිටත්ව යාමේදී American Airlines හි 3023 දරන ගුවන් යානය ගොඩබෑමේ යාන්ත්‍රණයට අදාළ සිද්ධියකට‘ මුහුණ දී ඇති බව ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය (FAA) ප්‍රකාශ කළේය. මෙම ගැටළුව ගුවන් යානයේ ටයරයකට සම්බන්ධ බව ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.” යනුවෙනි.

    2025 ජූලි 27 දිනැති “Forbes Breaking News” නාලිකාවේ ද මෙම වීඩියෝව පළ කර තිබේ. එහි ද සඳහන් කර ඇත්තේ ඩෙන්වර් ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී ගොඩබෑමේ යාන්ත්‍රණයේ ගැටළුවක් හේතුවෙන් ඇති වූ ගින්නක් නිසා මගීන්ට American Airlines ගුවන් යානයකින් මෙලෙස හදිසියේ ඉවත් වීමට සිදු වී ඇති බවයි.

    YouTube

    2025 ජූලි 27 දින CNN US වෙබ් අඩවියේ පළ වූ වාර්තාවකින් ද පෙන්වා දී ඇත්තේ ඩෙන්වර් ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් මියාමි බලා පිටත්ව යාමට තිබූ American Airlines ගුවන් යානයක සිටි මගීන් 150 කට අධික පිරිසක්, ගොඩබෑමේ යාන්ත්‍රණයේ ගැටළුවක් නිසා එක් අයෙකු තුවාල ලබා ගින්නක් හටගැනීමත් සමඟ ධාවන පථයට ඉවත් කර ඇති බවයි. ගුවන්ගත වීමට පෙර මෙම Boeing 737 MAX 8 ගුවන් යානයේ ගුවන් යානා ටයරයක් සම්බන්ධ ගැටළුවක් ඇති වී තිබේ. ගුවන් තොටුපළේ හදිසි අවස්ථා අංශ සහ ඩෙන්වර් ගිනි නිවීම් දෙපාර්තමේන්තුව ඊට ප්‍රතිචාර දැක්වූ බව American Airlines සහ ඩෙන්වර් ජාත්‍යන්තර ගුවන් තොටුපළ දක්වා තිබේ.

    මෙයින් පැහැදිලි වන්නේ මෙම වෛරල් වීඩියෝව පැරණි සිදුවීමකට අදාළ එකක් බවත්, මෑතකදී සිදුවූ Flydubai සිද්ධියට එය කිසිදු සම්බන්ධයක් නැති බවත්ය.

    Claim 3

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    මෙම ගුවන් යානය ටැබුක් ගුවන්තොටුපලට ගොඩ බැස්සවීමෙන් පසු එහි ගමන් කළ මගීන් උද්දාමයෙන් සතුට සමරන ආකාරය දැක්වෙන වීඩියෝවක් ලෙස පවසමින් පහත වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබේ.

    Facebook

    Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

    අනතුරට පත් ෆ්ලයිඩුබායි ගුවන් යානය ආරක්ෂිතව ගොඩ බැස්සවීමෙන් පසු එහි මගීන් සතුට සමරන ආකාරය දැක්වෙන වීඩියෝවක් ලෙස කිසිඳු ජාත්‍යන්තර මාධ්‍ය විසින් ඉහත වීඩියෝව වාර්තාකර තිබුණේ නැත. ඒ හේතුවෙන් අප විසින් ඉහත වීඩියෝවේ දර්ශන Reverse Image යෙදුමක් ඔස්සේ පරීක්ෂාවට ලක් කළෙමු.

    එහිදී මෙම වීඩියෝව පසුගිය වසරේ අගෝස්තු මග 26 වන දින ෆේස්බුක් (Facebook) පිටුවක උඩුගත කර ඇති බව සොයා ගන්නට ලැබුණි.

    එහි තිබූ පුවත් වෙබ් අඩවි සබැඳිය පරීක්ෂා කිරීමේදී, එය ඊශ්‍රායල පැසිපන්දු ක්‍රීඩක යම් මඩාර් (Yam Madar) ගුවන් යානයක් තුළ අනෙකුත් මගීන් සමඟ සංගීතය වාදනය කරමින් සැමරුමක නිරත වූ අවස්ථාවක් ලෙස හඳුනාගැනීමට හැකි විය.

    Facebook

    මඩාර් යනු ඊශ්‍රායල පැසිපන්දු ක්‍රීඩකයෙකු වන අතර, ඔහු යුරෝලීගයේ (EuroLeague) ‘මැකබි රැපිඩ් ටෙල් අවීව්’ (Maccabi Rapyd Tel Aviv) කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරයි

    ඒ අනුව අප විසින් සිදු කරන ලද පරීක්ෂණයට අනුව, FlyDubai ගුවන් යානය ආරක්ෂිතව ගොඩබැස්සවීමෙන් පසු මගීන් සැමරූ ආකාරය ලෙස පැතිර යන වීඩියෝව, 2025 වසරේදී ඊශ්‍රායල පැසිපන්දු ක්‍රීඩක යම් මඩාර් (Yam Madar) ගුවන් යානයක් තුළ සෙසු මගීන් සමඟ සැමරුමක නිරත වූ අවස්ථාවක ලබාගත් පැරණි වීඩියෝවක් බව තහවුරු වේ.

    ෆ්ලයි ඩුබායි ගුවන් යානා සිදුවීමේ වත්මන් තත්වය

    ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා අනුව, පසුගිය සැප්තැම්බර් 30 වනදා ඩුබායි සිට ඊශ්‍රායලයේ ටෙල් අවීව් බලා පියාසර කළ ෆ්ලයි ඩුබායි FZ1073 ගුවන් යානය තුළ සිදු වූ පැහැරගැනීමේ උත්සාහය, අල් කයිඩා සංවිධානයෙන් ආභාෂය ලැබූ සහායක නියමුවා විසින් කලින් සැලසුම් කරන ලද්දක් බව විමර්ශනවලදී හෙළි වී තිබේ. අදාළ ගුවන් යානය ගුවන්ගත වී පැය දෙකහමාරකට පමණ පසු සෞදි අරාබි ගුවන් සීමාවේදී, ඕමාන් ජාතික සහායක නියමු හමාම් අල්-හමාමි විසින් නියමු කුටියේ තිබූ හදිසි අවස්ථා සඳහා භාවිත කරන ආයුධයකින් එහි ප්‍රධාන නියමුවා වූ ඉන්දීය ජාතික ස්මිත් මච්චාර් වෙත පිටුපසින් දරුණු ප්‍රහාරයක් එල්ල කර තිබේ. ප්‍රහාරයෙන් පසු සහායක නියමුවා යානයේ පාලන පුවරුව විනාශ කරමින් යානය බිමට හෙළීමට උත්සාහ කර ඇති අතර, ඒ හේතුවෙන් යානය අඩි 14,000 සිට 17,000 දක්වා වේගයකින් පහළට කඩාගෙන වැටීම ආරම්භ වී ඇත. කෙසේ වෙතත්, නියමුවන් එක්ව ප්‍රහාරකයා මෙල්ල කර යානය සෞදි අරාබියේ ටැබුක් ගුවන් තොටුපොළ වෙත ආරක්ෂිතව ගොඩබස්වා මගීන් 174 දෙනාගේ ජීවිත බේරාගෙන තිබේ. වත්මන් ජාත්‍යන්තර පරීක්ෂණවලට අනුව, මෙම සැකකරු මීට පෙර අන්තවාදී වෙබ් අඩවි ක්‍රියාකාරකම් හේතුවෙන් ඕමාන් එයාර් සේවයෙන් ද ඉවත් කර තිබූ අයෙකු වන අතර, ඔහුට ඔස්ට්‍රේලියාව සමඟ ඇති සබැඳියාවන් පිළිබඳව ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය ඇතුළු රටවල් හයක ආරක්ෂක අංශ මේ වන විට විශේෂ ඒකාබද්ධ විමර්ශනයක් අරඹා ඇත. සැකකරු මේ වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අත්අඩංගුවේ පසුවේ. වැඩිදුර තොරතුරු මෙතනින් සහ මෙතනින්.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ මෑතකදී සිදුවූ ෆ්ලයිඩුබායි ගුවන් යාන සිදුවීමට අදාළ වීඩියෝ ලෙස දක්වමින් හුවමාරුවන ඉහත වීඩියෝ නොමග යවන සුළු බවයි. FlyDubai ගුවන් යානය කඩා වැටෙන අයුරු දැක්වෙන වීඩියෝවක් ලෙස හුවමාරුවන වීඩියෝවෙන් දැක්වෙන්නේ FlyDubai සමාගමට අයත් යානයක් නොව, Azul බ්‍රසීලියානු ගුවන් සේවයට (Azul Brazilian Airlines) අයත් ගුවන් යානයකි.

    දෙවැනි වෛරල් වීඩියෝවෙන් දැක්වෙන්නේ ගොඩබෑමේ යාන්ත්‍රණයේ ගැටළුවකට මුහුණ දුන් American Airlines ගුවන් යානයක පැරණි වීඩියෝවකි.

    තුන්වැනි වෛරල් වීඩියෝවෙන් දැක්වෙන්නේ 2025 වසරේදී ඊශ්‍රායල පැසිපන්දු ක්‍රීඩක යම් මඩාර් (Yam Madar) ගුවන් යානයක් තුළ සෙසු මගීන් සමඟ සැමරුමක නිරත වූ අවස්ථාවක ලබාගත් පැරණි වීඩියෝවකි.

    Result Stamp

    Title: ෆ්ලයිඩුබායි ගුවන් යානා සිදුවීමට අදාළ වීඩියෝ ද ?

    Written By: B.P Hansani

    Result: Misleading

    සැක සහිත වීඩියෝ සහ රූප WhatsApp හරහා අපට එවා සත්‍යාපනය කරගන්න යැයි දැනුම් දෙන සටහන, Fact Crescendo ශ්‍රී ලංකා WhatsApp අංකය සහිතව
    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    BH

    BP Hansani

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2026-10-06

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.