Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK: රංගන ශිල්පිනී දුලීකා මාරපන මියගොස් ඇති බවට නොමඟ යවන සුළු ආකාරයෙන් පළවූ ව්‍යාජ පුවතක්!

    2021-04-21
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    රංගන ශිල්පිනී දුලීකා මාරපන මහත්මිය මිය ගිය බවට ව්‍යාජ පුවතක්, විශේෂ උණුසුම් පුවතක් (breaking news) ආකාරයෙන් යූටූබ් වල පලව තිබෙනවා. මෙම වීඩියෝ සටහන බොහෝ දෙනෙක් නරඹා ඇති අතර එම නොමඟ යවන සුළු ව්‍යාජ පුවතේ දක්වා තිබුනේ දුලීකා මාරපනගේ මළ සිරුර ප්‍රසිද්ධ ස්ථානය

    රංගන ශිල්පිනී දුලීකා මාරපන මහත්මිය මිය ගිය බවට ව්‍යාජ පුවතක්, විශේෂ උණුසුම් පුවතක් (breaking news) ආකාරයෙන් යූටූබ් වල පලව තිබෙනවා. මෙම වීඩියෝ සටහන බොහෝ දෙනෙක් නරඹා ඇති අතර එම නොමඟ යවන සුළු ව්‍යාජ පුවතේ දක්වා තිබුනේ දුලීකා මාරපනගේ මළ සිරුර ප්‍රසිද්ධ ස්ථානයක තිබී හමුව ඇති බවක් හැඟවෙන ආකාරයේ පුවතක්.

    සමාජ මාධ්‍ය සටහන්:

    Vishwa Derana නමින් හැඳින්වෙන යූටූබ් නාලිකාවක් විසින් මෙම වීඩියෝ පටය යූටූබ් වෙත එකතු කර තිබුනේ “Breaking Duleeka දූලිකා මාරපන ගැන මේ දැන් උණුසුම් පුවතක් මළ සිරුර ප්‍රසිද්ධ ස්ථානයක තිබී හමුවෙයි” යන සිරස්තලයෙන්. එම වීඩියෝව පහතින්

    YouTube  Archived

    දුලීකා මාරපන රංගන ශිල්පිනියගේ ඡායාරුප කිහිපයක් සමගින් සකස් කර තිබු එම වීඩියෝ පටය සඳහා යොදාගෙන තිබු පසුබිම් නිවේදනයේ මුලින්ම දුලීකා මාරපන සම්බන්ධයෙන් උණුසුම් පුවතක් යනුවෙන් සඳහන් කරමින් මළ සිරුර සිරුර ප්‍රසිද්ධ ස්ථානයක තිබී හමුවීම පිළිබඳව පැවසෙනවා.

    එසේම එහි thumbnail සඳහා යොදාගෙන තිබෙන ඡායරුපයේ සඳහන් වන්නේ “ඔබට නිවන් සුව ලැබේවා…එකවරම සියදිවි නසාගනී..දුලීකා මාරපන ගැන මේ දැන් ලැබුණු උණුසුම් පුවත මෙනන් යනුවෙන්..”

    කෙසේනමුත් සම්පුර්ණ විස්තරය යයි දක්වමින් එම වීඩියෝවේ දුලීකා මාරපන පිලිබඳ විස්තරයක් ලබාදෙමින් පසුව පැවසෙන්නේ ඉන්ටNational නම් නාට්‍යයේ දෙවන කොටසේ මුහුරත් උළෙල, දුලීකා මුල්කරගනිමින් උත්සවශ්‍රීයෙන් සමරනු ලැබූ බවක්. එසේම ගසක එල්ලී සියදිවි හානි කරගත් වයස අවුරුදු 45ක පමණ පුද්ගලයකුගේ මළ සිරුරක් කැලණිය රජ මහා විහාරය අසළ එම විහාරයට අයත් භූමියකින් හමුවූ බවක් එහි අවසානයේ සඳහන්.

    කෙසේනමුත් සිරස්තලය සහ ආරම්භයේ දුලීකා සම්බන්ධයෙන් විශේෂ පුවතක් යනුවෙන් මළ සිරුරක් හමුවීම දක්වා තිබු බවින් බොහෝ දෙනෙක් මේ පිලිබඳ විමසා තිබුණා

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

    අප සමඟ දුරකතනයෙන් සම්බන්ධ වූ දුලීකා මාරපන රංගන ශිල්පිනියව ප්‍රකාශ කලේ එම පුවත සම්පූර්නයෙන් අසත්‍ය එකක් බවයි. මෙම යූටූබ් නාලිකාව Views වැඩි කර ගැනීමේ අරමුනෙන් මේ ආකාරයේ ව්‍යාජ පුවතක් තමාව ඉලක්ක කරගනිමින් නොමඟ යවන සුළු ආකාරයෙන් සකස් කර ඇතැයි ඇය වැඩි දුරටත් අප වෙත පවසා සිටියා.

    තමා මියගිය බවට පල වන පුවත බොරුවක් බවත් මේ ආකාරයට හුවමාරු වන පුවතට අදාල යූටූබ් වීඩියෝව වාර්තා (report) කරන ලෙසත් ඉල්ලා ඇය ෆේස්බුක් වෙත  සටහන් එකතු කර ඇති බවත් අපට නිරීක්ෂණය වුණා. එම ෆේස්බුක් සටහන් පහතින්

    Facebook  Archived     Facebook  Archived

    එම වීඩියෝවේ දක්වා තිබු පරිදි මේ දිනවල දුලීකා මාරපන රංගන ශිල්පිනිය ඉන්ටNational නම් නාට්‍යයේ දෙවන අදියර සඳහා සූදානම් වන බව පෙනී ගියා. එම ඡායායාරූප ඇයගේ ෆේස්බුක් නිල පි‍ටුවේ ප්‍රදර්ශනය කර ඇති ආකාරය අපට පහත පරිදි දැකගන්නට ලැබුනා.

    Facebook    Archived

    ගසක එල්ලී සිය දිවි හානි කරගත් පුද්ගලයෙකුගේ මල සිරුරක් කැලණිය රජ මහා විහාරය අසළ එම විහාරයට අයත් භූමියක තිබී ඊයේ ( අප්‍රේල් 20) උදෑසන සොයාගෙන තිබු බවට හිරු පුවත් වාර්තා කර තිබුනේ මෙලෙසින්.

    එම පුවත යොදාගනිමින් මෙසේ නොමඟ යවන සුළු ආකාරයේ වීඩියෝව නිර්මාණය කර තිබෙන අබව පෙනී යනවා.

    මීට පෙර ද මේ ආකාරයේම ව්‍යාජ පුවත් සහිත වීඩියෝ මෙම “Vishwa Derana”(විශ්ව දෙරණ)නම් යුටියුබ් නාලිකාව හරහා වාර්තා වී තිබු අතර අප ඒ සම්බන්ධයෙන් සිදුකළ කරුණු අනාවරණයක් මෙතනින්

    Conclusion (අවසාන නිගමනය)

    ඉහත කරුනු අනුව සලකා බැලීමේදී දුලීකා මාරපන කලාකාරිනියගේ මල සිරුර ප්‍රසිද්ධ ස්ථානයක තිබී හමුව ඇති බව හැඟවෙන පරිදි පළ කර තිබු නොමඟ යවන සුළු යූටූබ් වීඩියෝ පටයේ කිසිඳු සත්‍යතාවයක් නොමැති බව අපට තහවුරු කල හැකියි.

    සිය දිවි හානි කරගත් පුද්ගලයෙකුගේ මල සිරුරක් කැලණිය රජ මහා විහාරය අසළ එම විහාරයට අයත් භූමියක තිබී හමුවූ පුවතක් සහ ඉන්ටNational නම් නාට්‍යයේ දෙවන අදියර සඳහා සූදානම් වන අවස්ථාව පිලිබඳ පුවත් එකතු කරමින්, දුලීකා මාරපන රංගන ශිල්පිනිය මිය ගොස් ඇති බව හඟවමින් මෙම නොමඟ යවන සුළු ව්‍යාජ වීඩියෝව නිර්මාණය කර තිබුණි.

    .container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
    Avatar

    Title:රංගන ශිල්පිනී දුලීකා මාරපන මියගොස් ඇති බවට නොමඟ යවන සුළු ආකාරයෙන් පළවූ ව්‍යාජ පුවතක්!

    Fact Check By: Sahan Perera 

    Result: Misleading

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-04-21

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.