Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK: බහුතර මුස්ලිම් ඡන්ද නොතිබෙන්න මේ ආණ්ඩුවට දිනන්න බෑ යනුවෙන් අධිකරණ ඇමති අලි සබ්‍රි මහතා පැවසුවා ද?

    2021-02-02
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    වර්තමාන ආණ්ඩුවේ අධිකරණ ඇමැති ධුරය, මුස්ලම් සම්භවයක් ඇති අලි සබ්‍රි මහතාට හිමිවී ඇත. පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුල අලි සබ්‍රි මහතා පිළිබඳව සටහන් රැසක් ඉදිරිපත් වී තිබූ අතර අප සිදු කළ කරුණු විමර්ශනයේදී ඒවායින් කිහිපයක් ම අසත්‍ය සටහන් බව සනාථ විය. එම වාර්තා ම

    වර්තමාන ආණ්ඩුවේ අධිකරණ ඇමැති ධුරය, මුස්ලම් සම්භවයක් ඇති අලි සබ්‍රි මහතාට හිමිවී ඇත. පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුල අලි සබ්‍රි මහතා පිළිබඳව සටහන් රැසක් ඉදිරිපත් වී තිබූ අතර අප සිදු කළ කරුණු විමර්ශනයේදී ඒවායින් කිහිපයක් ම අසත්‍ය සටහන් බව සනාථ විය. එම වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින් බලන්න.

    මේ අතර “මේ ආණ්ඩුව තනි සිංහල ආණ්ඩුවක් නෙමෙයි. ඒක සිංහල බෞද්ධ අන්තවාදීන් අරං යන බොරු මතයක්. බහුතර මුස්ලිම් චන්ද නොතිබෙන්න මේ ආණ්ඩුවට දිනන්න බෑ” යනුවෙන් අධිකරණ ඇමති අලි සබ්‍රි මහතා පවසා තිබු බවට කිසිඳු මුලාශ්‍රයක් අපට හමු වුයේ ද නැත.

    සමාජ මාධ්‍ය සටහන්:

     “මේ ආණ්ඩුව තනි සිංහල ආණ්ඩුවක් නෙමෙයි. ඒක සිංහල බෞද්ධ අන්තවාදීන් අරං යන බොරු මතයක්. බහුතර මුස්ලිම් චන්ද නොතිබෙන්න මේ ආණ්ඩුවට දිනන්න බෑ” යනුවෙන් අධිකරණ ඇමති අලි සබ්‍රි මහතා පවසා ඇති අන්දමට සැකසුණු සටහනක් “පීචං මහත්තයා” නමැති ෆේස්බුක් පිටුවක් හර්හා ඉදිරිපත් වෙමින් ෆේස්බුක් පරිශීලනය කරන්නන් රාශියක් අතර සංසරණය වී තිබුණි.

    FacebookArchived Link

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    “මේ ආණ්ඩුව තනි සිංහල ආණ්ඩුවක් නෙමෙයි. ඒක සිංහල බෞද්ධ අන්තවාදීන් අරං යන බොරු මතයක්. බහුතර මුස්ලිම් චන්ද නොතිබෙන්න මේ ආණ්ඩුවට දිනන්න බෑ” යනුවෙන් අධිකරණ අමාත්‍යවරයා ප්‍රකාශ කර අත්දැයි ප්‍රධාන විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයන්හි වාර්තාවන ඇත්දැයි පරීක්ෂා කළ නමුත් එවැනි ප්‍රකාශයක් කළ බවට කිසිඳු වාර්තාවක් දක්නට නොතිබුණි.

    ෆේස්බුක් ජාලයේ ඉදිරිපත්ව ඇති ඉහත සඳහන් සටහන් අධිකරණ ඇමති අලි සබ්‍රි  මහතා වෙත යොමුකර ඒ පිළිබඳව විමසීමක් කළෙමු. “පීචං මහත්තයා” ෆේස්බුක් පිටුව ඉදිරිපත් කර ඇත්තේ තමා කිසිඳු දිනක පවසා නොමැති ප්‍රකාශයක් බව පැවසු අමාත්‍යවරයා, මින් දින කිහිපයකට පෙර නෙත් ප්‍රවෘත්ති සේවය වාර්තා කළ අන්දමට සාවද්‍ය සටහනක් ඉදිරිපත් කර තිබුණේද මෙම ෆේස්බුක් පිටුවේ ම බව ද සඳහන් කළේය. 

    අධිකරණ ඇමතිතුමාගේ නිල ෆේස්බුක් ගිණුම පරීක්ෂා කිරිමේදී “මම ඩබල් ගේම් කාරයෙක් නෙවෙයි – මට විරුද්ධ බොරු ප‍්‍රචාරය සංවිධානාත්මක ගේමක්”  ඉරිදා දිවයින සංග්‍රහය සමග කළ සංවාදයක් උපුටා ගනිමින් අපේරට නමැති වෙබ් අඩවියක පළකරන ලද ලිපියක් ඉදිරිපත් කර තිබුණි 

    https://www.facebook.com/sabryuvais/posts/10225653797997599

    එම සාකච්ඡාවේදී අලි සබ්රි අමාත්‍යවරයා පෙන්වා දී තිබුනේ පසුගිය මැතිවරණවලදී ක්‍රමයෙන් මුස්ලිම් ඡන්ද සංඛ්‍යාව වැඩි කරගැනීමට හැකි වීම යනාදී කරුණු හේතුවෙන් විපක්ෂය උපක්‍රමශීලීව තමා ඉලක්ක කරගමිනින් විවිධාකාරයේ අසත්‍ය චෝදනා නගන බවක්. එම සංවාදයේ කොටසක් පහතින්

    D:\AAA -Fact Checking\Completed\AAA-Publish\Sinhala\2021\Ali Sabry False\මම-ඩබල්-ගේම්-කාරයෙක්-නෙවෙයි-–-මට-විරුද්ධ-බොරු-ප_්_රචාරය-සංවිධානාත්මක-ගේමක්…-–-News-Sri-Lanka-Latest-News-Sri-Lanka-Gossip-News-Ape-Rata-Breaking-News.png

    Link  Article Archived

    කෙසේනමුත් “බහුතර මුස්ලිම් චන්ද නොතිබෙන්න මේ ආණ්ඩුවට දිනන්න බෑ” යනුවෙන් එම සංවාදයේ කියවෙන්නේ නැහැ.

    Conclusion (අවසාන නිගමනය)

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ “මේ ආණ්ඩුව තනි සිංහල ආණ්ඩුවක් නෙමෙයි. ඒක සිංහල බෞද්ධ අන්තවාදීන් අරං යන බොරු මතයක්. බහුතර මුස්ලිම් චන්ද නොතිබෙන්න මේ ආණ්ඩුවට දිනන්න බෑ” යනුවෙන් අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පවසා නොමැති බවයි.

    කෙසේවෙතත් පසුගිය මැතිවරණවලදී මුස්ලිම් ඡන්ද පදනම වර්ධනය කර ගැනීමට පොදු ජන පෙරමුණට හැකිවී තිබෙන බැවින් විපක්ෂය විසින් මෙබඳු අසත්‍ය ප්‍රකාශ තමා ඉලක්ක කරමින් පලකරන සිටින බවක් අලි සබ්රි අමාත්‍යවරයා පවසා සිටිනවා.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    NM

    Nelson Mani

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-02-02

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.