
රටේ ආර්ථිකයට ද බලපෑම් ඇතිකරමින් කොරෝනා ව්යවසනයේ දෙවන රැල්ල සීග්රයෙන් ව්යාප්ත වීමත් සමඟම දෛනික රැකියාවල යෙදෙන්නන් ඇතුළු බොහෝ පිරිසක් දැඩි දුෂ්කර තත්වයකට මුහුණ පා ඇති බවට වාර්තා දැකගනන්ට පුළුවන්. මෙවන් පසුබිමක පාර්ලිමේන්තු මන්ත්රී දීමනා වැඩි කිරීම වෙනුවෙන් විපක්ෂයෙන් ඉල්ලීමක් කළ බවට හුවමාරු වී තිබු පුවත් පිලිබඳව බොහෝ දෙනා අප්රසාදය පළකර තිබුණා.
නමුත් මේ පිළිබඳව අප සිදුකල විමර්ශනයේදී අපට අනාවරණය වුයේ එය විපක්ෂයේ ප්රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් සිදුකල ප්රකාශයක් නොමඟ යවන සුළු ආකාරයෙන් උපුටා දැක්වූ අවස්ථාවක් බවයි.
සමාජ මාධ්ය සටහන්:
“මන්ත්රී වැටුප් වැඩි කරන්න යැයි විපක්ෂයේ සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ලගෙන් ඉල්ලීමක්” යනුවෙන් Thi Li Na Godevitharana යන අයෙක් විසින් ඉදිරිපත් කල සටහනක් අපට දැකගනන්ට ලැබුනේ මෙලෙසින්.

මේ ආකාරයෙන්ම සටහන් රැසක් හුවමාරු වී තිබු අතර අරුණ පුවත්පතේ මුල් පිටුවේ පළවූ වාර්තාවක් ද උපුටා දක්වමින්ද බොහෝ පිරිස් මෙබඳු අදහසක් ලබාදෙන ආකාරයේ පුවත් පළකර තිබෙනු අපට දැකගනන්ට ලැබුනා.
Fact Check (සත්ය තොරතුරු විමර්ශනය කිරීම)
මෙහි සඳහන් කරුණ සොයා බැලීම සඳහා අප නොවැම්බර් 13 වන දින පාර්ලිමේන්තු සැසිවාරයේ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කල ආරම්භක කරුණු දැක්වීම වෙත අවධානය යොමු කලා. එහිදී ඔහු පැහැදිලි කර සිටියේ මන්ත්රී දීමනා වැඩි කර ගැනීමට ඔහු හෝ වෙනත් කිසිඳු මන්ත්රීවරයෙකු ඉල්ලීම් කර නොමැති බවයි. පක්ෂ නායක රැස්වීමේදී මේ හා සම්බන්ධ කරුණක් සාකච්ඡා වී ඇති බවත් එහිදී 2006 වසරේ නොවැම්බර් මස 11 වන දින ජේරාජ් ප්රනාන්දු පුල්ලේ මහතා විසින් ඉදිරිපත් කර පසුව සම්මත වූ යෝජනාව තමා විසින් ඉදිරිපත් කල බව කිරිඇල්ල මහතා සඳහන් කර සිටියා
“පාර්ලිමේන්තු මන්ත්රි දිමනා වැඩිකිරිම සම්බන්ධයෙන් මා විසින් හෝ වෙනත් කිසිදු මන්ත්රිවරයකු යොජනාවක් ඉදිරිපත් කර නොමැත” යන තේමාව යටතේ එම කරුණු ඇතුළත් පාර්ලිමේන්තුවේදී සිදුකළ කරුණු දැක්වීම ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සිය ෆේස්බුක් පිටුවේ පළකර තිබුණි.
කතානායක තුමාගේ ප්රදානත්වයෙන් රැස්වෙන පාරිලිමේන්තු කටයුතු පිලිබඳ කාරක සභාවේදී මන්ත්රීවරුන්ගේ පහසුකම් පිළිබඳව නිරතුරුවම සාකච්ඡා වන බවත්, මන්ත්රීවරුන්ට මුහුණ පෑමට සිදුවන අමාරුකම් පිලිබඳ සාමුහිකව කරන ලද සාකච්ඡාවේදී එසේ ජේරාජ් ප්රනාන්දු පුල්ලේ මහතා විසින් ඉදිරිපත් කර සම්මත වූ යෝජනාව පිලිබඳව තමා විසින් අවධානය යොමු කල බවද ලක්ශ්මන් කිරිඇල්ල මහතා පවසා සිටියා.
අවසානයේදී මෙම අවස්ථාවේදී පඩි වැඩි කිරීම කාලෝචිත නොවන බව කාරක සභාව තීරණය කල බවත් පවසා සිටි අතර ජේරාජ් ප්රනාන්දු පුල්ලේ මහතා විසින් ඉදිරිපත් කර සම්මත වූ යෝජනාව සභාගත කරන බවත් කිරිඇල්ල මන්ත්රීතුමා පවසා තිබුණා
පාර්ලිමේන්තු සජීවී විකාශයේ ආරම්භක කරුණු දැක්වීමේදී ම මෙම ප්රකාශය අපට දැකගනන්ට ලැබුණු අතර පාලිමේන්තු නිල Twitter ගිනුමේද මෙම කරුණ පිලිබඳ සටහනක් දක්වා තිබුනා .එහිදී ද ඉහත කරුණු දැක්වුණු අතර පක්ෂ විපක්ෂ සියලු දෙනා මන්ත්රී දීමනා මේ මොහොතේ වැඩි කර නොගැනීමට ඒකමතිකව එකඟතාවයකට පැමිණ ඇති බව දක්වා තිබුනේ මෙලෙසින්.
Hon. Chief Opposition Whip Lakshman Kiriella further stated that the Committee on Parliamentary Business mutually agreed that making decisions on increasing Member allowances is not expedient at the moment.#9thparliament #SLparliament #LKA https://t.co/n338Zvex17
— Parliament of Sri Lanka (@ParliamentLK) November 13, 2020
අප මේ පිලිබඳව පාර්ලිමේන්තු මාධ්ය අංශයෙන්ද විමසීමක් සිදුකළා. එහිදී ඔහු සඳහන් කලේ ශ්රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ වැටුප් ප්රතිශෝධනවලට සමගාමීව පාර්ලිමේන්තුවේ මන්ත්රී වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් 2006 වසරේ ඉදිරිපත් ව කැබිනට් අනුමැතියක් ද ලැබී තිබු එහෙත් මෙතෙක් ක්රියාත්මක නොවූ කරුණක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කමිටු සාකච්ඡාවේදී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මතක් කර තිබු බවත් එය ක්රියාත්මක කිරීමට මෙය සුදුසු කාලය නොවන බව පක්ෂ නායක රැස්වීමේදී සියලු පාර්ශවයන් ඒකමතිකව තීරණය කල බවත්ය. කිරිඇල්ල මහතා විසින් සිදුකල ප්රකාශය නොමඟ යවන සුළු ආකාරයෙන් වැටුප් වැඩිකිරීමට සිදුකළ ඉල්ලීමක් ලෙස ඇතැම් සටහන් මඟින් පළකර තිබු බවත් දන්වා සිටියා.
2018 වසරේ පලවී තිබු පුවත් වර්තාවක ද අපට දැකගනන්ට ලැබුනේ එම අවධියේ ද මන්ත්රී වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් යෝජනා වී තිබු බවයි. 2006 නොවැම්බර් මස හිටපු අමාත්ය ජෙයරාජ් ප්රනාන්දු පුල්ලේ මහතා විසින් ඉදිරිපත් කරන ලද පාර්ලිමේන්තු යෝජනාවකට අනුකූලව වැටුප් වැඩිකිරීමේ යෝජනාව එවකටද යෝජනා කර තිබු බව සඳහන්.අවසන් වරට පාර්ලිමේන්තු මන්ත්රී වැටුප් සංශෝදනයක් සිදුවී තිබෙන්නේ 2006 වසරේ බවත් එහි දක්වා තිබුණා Daily News | Archived
මන්ත්රීවරයෙකුට හිමි දීමනා හා වරප්රසාද පිළිබඳව පාර්ලිමේන්තු වෙබ් අඩවියේ මෙසේ සඳහන් වී තිබු අතර “1931 වසරේ සිට මන්ත්රී වැටුප් සහ දීමනා වැඩිවුණු හැටි” යනුවෙන් පසුගිය දා Roar media මඟින් පළවූ මෙම ලිපියේ ද දක්වා තිබුනේ 2007 වසරෙන් පසුව අද දක්වා වැටුප් වැඩිවීමක් සිදුවී නැති බවයි.
Conclusion (අවසාන නිගමනය)
ඉහත කරුණු සලකා බලන කල විපක්ෂ ප්රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් මන්ත්රී වැටුප් වැඩි කර ගැනීමට ඉල්ලීමක් සිදුකළ බවට හුවමාරු වන්නේ නොමඟ යවන සුළු ආකාරයෙන් උපුටා දැක්වූ පුවතක් බව අපට පැහැදිලි වුනා.
කෙසේවෙතත්, 2006 වසරේ ඉදිරිපත් ව කැබිනට් අනුමැතියක් ද ලැබී තිබු එහෙත් මෙතෙක් ක්රියාත්මක නොවූ වැටුප් ප්රතිශෝධන සම්බන්ධයෙන් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මතක් කර දීමක් සිදුකර තිබු අතර මේ මොහොතේ එය සලකා බැලීම සුදුසු නොවන බව පක්ෂ නායක රැස්වීමේදී සියලු පාර්ශවයන් ඒකමතිකව තීරණය කර තිබේ.



