Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    විපක්ෂ නායක විසින් ආරම්භ කළ “සදා අරගල වාදිනී දමිතා ගම්මානය”?

    2023-03-01
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ඇතැම් කාලීන සිදුවීම් සම්බන්ධයෙන් එල්ල වන විවේචනයන් මූලික කරගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ නොමග යවන සුළු සටහන් බහුලව නිර්මාණය වනවා. මේ අයුරින් රංගන ශිල්පී දමිතා අබේරත්න, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජන බලවේගය සමගින් එකතුවීම පිළිබඳ උපහාසාත්මක කෝණයෙන්

    ඇතැම් කාලීන සිදුවීම් සම්බන්ධයෙන් එල්ල වන විවේචනයන් මූලික කරගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ නොමග යවන සුළු සටහන් බහුලව නිර්මාණය වනවා. මේ අයුරින් රංගන ශිල්පී දමිතා අබේරත්න, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජන බලවේගය සමගින් එකතුවීම පිළිබඳ උපහාසාත්මක කෝණයෙන් පළ වූ ඡායාරූප සංස්කරණයක් පිළිබඳ අප කළ කරුණු පරීක්ෂාවක් මේ.

    සමාජ මාධ්‍ය සටහන් :

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සාදා නිම කළ ගම්මානයක් “සදා අර ගල වාදිනී දමිතා ගම්මානය” ලෙස නම් කර ඇති බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සටහනක් සංසරණය වුණා.

    Facebook | Archived Link

    මෙම ඡායාරූප සටහන ෆේස්බුක් ඔස්සේ බහුලව සංසරණය වී තිබුණේ මෙලෙසින්.

    මේ සඳහා දක්වා තිබූ ප්‍රතිචාර වලින් ද, පෙනී යන්නේ උපහාසාත්මක මෙන්ම අපහාසාත්මක ලෙස බොහෝ පිරිසක් මෙම සටහන් හුවමාරු කරගනිමින් ප්‍රතිචාර ද දක්වා තිබු බවයි.

    සමගි ජන බලවේගය යටතේ “ගම්උදාව” වැනි නිවාස ව්‍යාපෘතියක් වර්තමානයේ ක්‍රියාත්මක වන්නේ නැති අතර “සදා අරගල වාදිනී දමිතා ගම්මානය” යනුවෙන් ගම්මානයක් විවෘත කිරීම පිළිබඳව පළකර තිබෙන්නේ ඡායාරූප සංස්කරණයක් බව බොහෝ දෙනා හඳුනාගෙන තිබුණා.

    ගම්උදාව ව්‍යාපෘතිය යටතේ 2018 දෙසැම්බර් ලබාගත් ඡායාරූපයක උපහාසාත්මක සංස්කරණයක්!

    මෙහි මුල් ඡායාරුපය ලබා ගැනීමට අප එම සේයාරුව Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා. එහිදී අපට දැක ගන්නට ලැබුණේ, 2016 වසරේ දියත්කරන ලද ගම්උදාව ආදර්ශ ගම්මාන ව්‍යපෘතියේ “සැමට සෙවණ” තේමාව යටතේ ඉදිවූ 144වන ගම්මානය වූ පුත්තලමේ රන්වියන්පුර ආදර්ශ ගම්මානය විවෘත කරන අවස්ථාවේ ලබාගත් ඡායාරුපයක් බවයි.

    2018 දෙසැම්බර් මස මෙම උත්සවයට එවකට අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු ආණ්ඩු පක්ෂයේ පිරිසක් සහභාගී වී තිබුණි. එම ඡායාරුප සජිත් ප්‍රේමදාස මහතාගේ නිල ට්විටර් ගිණුමේ පළ කර තිබූ අයුරු පහතින්.

    Archived Link

    රන්වියන්පුර ආදර්ශ ගම්මානයක් විවෘත කරමින් 2018 දෙසැම්බර් මස සජිත් ප්‍රේමදාස අදහස් දක්වා තිබුණේ මෙලෙසින්. එම අවස්ථාව සම්බන්ධයෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වෙබ් පිටුවේ පළ වූ පුවතක් මෙතනින්. Archived Link

    එම සත්‍ය ඡායාරූපය සංස්කරණය කරන ලද ඡායාරූපය අතර සංසන්දනය පහතින්.

    එමෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මාධ්‍ය අංශයෙන් ද, අප මේ පිළිබඳ ව තහවුරු කර ගත් අතර ඔවුන් සඳහන් කළේ, ‘දමිතා ගම්මානය’ නමින් විපක්ෂ නායක වරයා විසින් කිසිදු ගම්මානයක් නම් කර නොමැති බවයි.

    ගාලුමුවදොර පිටිය මුල් කරගනිමින් පැවති අරගලයේ ක්‍රියාකාරී චරිතයක් වූ රංගන ශිල්පිනි දමිතා අබේරත්න විසින් පසුගිය කාලයේ සමගි ජන බලවේගය සමගින් දේශපානය වේදිකාවට එක්වීම හේතුකොට ගෙන මෙලෙසින් උපහාසාත්මක කෝණයෙන් සංස්කරණය ලද ඡායාරූප නිර්මාණය වී ඇති බවට පැවසිය හැක.

    Also Read: දමිතා අබේරත්න නව මෝටර් රථයක් ගත් අවස්ථාවක් ද?

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    FCT

    Fact Crescendo Team

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2023-03-01

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.