Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    FACT CHECK: සුදර්ශන පැනිය ලොවපුරා රටවල් රැසකට බෙදා හැරීම අරඹා ඇති බවට උපහාසාත්මක කෝණයකින් ව්‍යාජ සටහනක්!

    2020-11-02
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන් බලයට පැමිණියේ සෞභාග්‍යයේ දැක්ම තේමාවෙන් ඉදිරිපත් කළ වැඩ වැඩසටහන් පෙළක් ද එළිදක්වමිනි. දේශීය නිෂ්පාදන දිරිමත් කිරීම මෙහි ප්‍රධාන අංගයක් විය. මේ අතර කොරෝනා ව්‍යාප්තියත් සමඟ සුදර්ශන නම් ආයුර්වේද පැණියක් පිළිබඳව පරීක්ෂණ පවත්වන

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන් බලයට පැමිණියේ සෞභාග්‍යයේ දැක්ම තේමාවෙන් ඉදිරිපත් කළ වැඩ වැඩසටහන් පෙළක් ද එළිදක්වමිනි. දේශීය නිෂ්පාදන දිරිමත් කිරීම මෙහි ප්‍රධාන අංගයක් විය. මේ අතර කොරෝනා ව්‍යාප්තියත් සමඟ සුදර්ශන නම් ආයුර්වේද පැණියක් පිළිබඳව පරීක්ෂණ පවත්වන බව ද ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පසුගිය සතියේ මාධ්‍ය හමුවකදී පැවසීය.

    මේ අතර සුදර්ශණි පැණිය නම් මූ ආයුර්වේද නිෂ්පාදනයක් ලොව පුරා රටවල් රැසකට බෙදාහරින බවට පළවූ ෆේස්බුක් සටහනක් පිළිබඳව සිදුකළ කරුණු විමර්ශනයකදී තහවුරු වූයේ, එම සටහන උපහාසාත්මක කෝණයකින් පළ කළ සංස්කරණය කරන ලද සටහනක් බවයි

    සමාජ මාධ්‍ය සටහන් :

    “සුදර්ශනී පැනිය ලොව පුරා රටවල් රැසකට බෙදාහැරීම ඇරඹේ” යන තේමාවෙන් ගුවන් යානයකට සුදර්ශන පැනිය පටවන බව පෙන්වන ආකාරයේ පැහැදිලි ලෙස සංස්කරණය කරන ලද ඡායාරුපයක “අපේ දේවල් ලෝකෙම ඉල්ලන සෞභාග්‍යමත් යුගය ඇරබුන බවයි. අපේ දේවල් වලට අගයක් ලැබුණේ ඔබතුමාගේ විශිශ්ඨ තීරණ නිසයි” යන වදන් රෝපණය කරමින්  “රෙස්පෙක්ට් ස” නමැති ෆේස්බුක් පිටුවක ඉදිරිපත් කර තිබුණි.

      FacebookArchived Link

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මෙම සුදර්ශන පැණිය රටවල් රැසකට අපනයනය කිරීම පිළිබඳව දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යතුමා‍ගේ මාධ්‍ය අංශයෙන් විමසුවෙමු. අප හා එක් වූ මාධ්‍ය නිලධාරියා මෙම පැණිය තවමත් අත්හදා බැලීම් තත්ත්වයේ තිබෙන අතර සුදර්ශන පැණිය රටවල් රැසකට අපනයනය කරන බවට ඇති සටහන සම්පූර්ණයෙන්ම සාවද්‍ය බවයි.

    සුදර්ශන පැණිය පිළිබඳ ප්‍රධාන මාධ්‍ය ධාරාවේ ඉදිරිපත්ව ඇති පිළිබඳව අප පරීක්ෂා කළෙමු. කොරෝනා වෛරස ආසාදනයෙන් මිදීමට භාවිතා කළ හැකි පැරැණි ආයුර්වේද පැණියක් නවීකරණය කිරීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය සහ රාජගිරිය දේශීය වෛද්‍ය ආයතනය මහාචාර්යවරුන් පිරිසක් සමත්ව ඇති බවත්, එම පැණිය රජයේ රෝහල්වල යොදා ගැනීමට මූලික එකඟතාවයක් ඇතිවු බවත්, එම පැණිය රජයේ රෝහල්වලට ලබා දීමට ඉදිරියේදී කටයුතු කරන බවත්, ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මාධ්‍ය සාකච්ඡාවකදී පවසා තිබුණා. දෙරණ රූපවාහිනි හරහා එම පුවත අනාවරණය කර තිබුණේ මෙසේය. (25වන මිනිත්තුවේ සිට)

    නමුත් මෙයට ප්‍රතිචාර වශයෙන් Clinical Trial (සායනික පර්යේෂණ) සිදුකිරීමකින් තොරව ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නොවූ මෙවැනි ඖෂධයක් බටහිර රෝහල් වල භාවිතා කිරීමට යෝජනා කිරීම බරපතල වෘත්තීමය අපචාරයක් බව ළමා රෝග හා අසාත්මිකතා පිළිබඳ විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ පැවසු බවට මෙවැනි පුවත් වාර්තා රැසක් ද අපට දැකගන්නට ලැබුණා. වෛද්‍යතුමාගේ සාකච්ඡාවක් පහතින්

    වෛද්‍ය ඩැනිස්ටර් එල්. පෙරේරා විසින් “සුදර්ශන පැණිය කියල එකක් වෙළෙඳපොළේ නැහැ…! බොරු කොරෝනා පැණි වලට රැවටෙන්න එපා….!!!” යනුවෙන් පලකළ සටහනක් මෙතනින්

    එසේම සමාජ මාධ්‍ය සටහන් වල තිබු ගුවන්යානය සහිත ප්‍රධාන සේයාරුව google reverse image සෙවීමකට යොමු කළෙමු. Food Logistics නමැති වෙබ් අඩවියක, 2012 වසරේ මාර්තු මස Shipping Perishables by Air Cargo සිරස්තලයෙන් ඉදිරිපත් කළ වාර්තාවක මෙම සේයාරුව අන්තර්ගතව තිබුණා. ඡායාරූප සැසඳීමේ දී ඒවා එකම සේයාරුවක් බව තහවුරු විය. 

    Conclusion (අවසාන නිගමනය)

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ නවීකරණය කරන ලද සුදර්ශන පැණිය මේ වන විට ඇත්තේ අත්හදාබැලීම් අවස්ථාවේ වන අතර එය දේශීය වෙළඳපොළට හෝ අපනයනය කර නොමැති බවයි. උපහාසාත්මක කෝණයකින් පළවූ අසත්‍ය සටහන් පෙළකි

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-11-02

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.