Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද දායකයින් ලක්ෂ 7කට අධික පිරිසක් !

    2024-08-22
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    2024 ජනාධිපතිවරණයේදී, තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද දායකයින් ලක්ෂ 7කට අධික පිරිසක් සුදුසුකම් ලබා තිබේ. ඡන්දදායකයින් 736,589ක් තැපැල් ඡන්ද සඳහා ඉල්ලුම්කර ඇති අතර, ඉල්ලුම්කර ඇති ප්‍රමාණයෙන් 24,268ක් ප්‍රතික්ෂේප වී ඇති බව වාර්තා වනවා. එළැඹෙන 26 වැනිදා

    2024 ජනාධිපතිවරණයේදී, තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද දායකයින් ලක්ෂ 7කට අධික පිරිසක් සුදුසුකම් ලබා තිබේ. ඡන්දදායකයින් 736,589ක් තැපැල් ඡන්ද සඳහා ඉල්ලුම්කර ඇති අතර, ඉල්ලුම්කර ඇති ප්‍රමාණයෙන් 24,268ක් ප්‍රතික්ෂේප වී ඇති බව වාර්තා වනවා. එළැඹෙන 26 වැනිදා තැපැල් ඡන්ද සලකුණු කිරීමට අදාළ පත්‍රිකා අදාළ ආයතන වෙත යොමුකරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසා සිටී.

    ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශයට පත් කිරීමට දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල සහ පොලීසිය සඳහා සැප්තැම්බර් 4 වැනිදා දින නියම කර ඇත. සෙසු රාජ්‍ය සේවකයින් සඳහා සැප්තැම්බර් මස 5 හා 6 යන දින දෙක තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට වෙන් කර ඇති බව සඳහන්. එම දිනවල තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වන රාජ්‍ය සේවකයින්ට සැප්තැම්බර් 11 සහ 12 දෙදින ද තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා වෙන් කර ඇති බව මැතිවරණ කොමිසම වැඩිදුරටත් සඳහන් කර සිටී. 

    2019 ජනාධිපතිවරණයේදී, ඡන්දදායකයින් 717,871ක් තැපැල් ඡන්ද සඳහා ඉල්ලුම්කර ඇති අතර ඉල්ලුම්කර ඇති ප්‍රමාණයෙන් 58,841ක් ප්‍රතික්ෂේප වී ඇත. තැපැල් ඡන්දයට  සුදුසුකම් 659,030 ප්‍රමාණයක් සුදුසුකම් ලබා තිබේ.

    ඒ අනුව, බලන විට 2019 ජනාධිපතිවරණය හා සැසඳීමේදී, මෙම පිරිස  තැපැල් ඡන්ද සලකුණු කිරීමට සුදුසුකම් ලැබූ පිරිස ඉක්මවායාමකි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    FCT

    Fact Crescendo Team

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2024-08-22

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.