Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ගෑස් නොමැති වීම හේතුවෙන් ආදාහනාගාර වැඩ කටයුතු නැවතිලා ද?

    2022-06-20
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ශ්‍රී ලංකාව මුහුණ පා ඇති ආර්ථික අවපාතය හමුවේ, අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සඳහා ඇති ඉල්ලුම සපුරා ගැනීමට නොහැකි වීමෙන් ජනතාව දැඩි දුෂ්කරතාවන්ට මුහුණ පා තිබෙනවා.  මේ අතර ආදාහනාගාර සඳහා ගෑස් නොමැති වීම හේතුවෙන් එහි කටයුතු ඇනහිට ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය ව

    ශ්‍රී ලංකාව මුහුණ පා ඇති ආර්ථික අවපාතය හමුවේ, අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සඳහා ඇති ඉල්ලුම සපුරා ගැනීමට නොහැකි වීමෙන් ජනතාව දැඩි දුෂ්කරතාවන්ට මුහුණ පා තිබෙනවා. 

    මේ අතර ආදාහනාගාර සඳහා ගෑස් නොමැති වීම හේතුවෙන් එහි කටයුතු ඇනහිට ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් පිළිබඳව විමසා බැලීමක් අප සිදු කිරීමට පියවර ගනු ලැබුවා.

    සමාජ මාධ්‍ය සටහන් :

    ගෑස් නොමැති වීම හේතුවෙන් පළාත් පාලන ආයතන යටතේ ඇති බොහෝ ආදාහනාගාර වැඩ නවතා ඇති බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් පළ වී තිබුණා.

    Facebook | Archived Link

    හුදෙක් විනෝදාත්මක ස්වරූපයෙන් මෙම සටහන් පළකර  තිබුණේ, ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනයක් බව ද දක්වමින්.

    WhatsApp ඔස්සේ ද ඉහත උපහාසාත්මක කෝණයෙන් පළවූ සටහන සංසරණය වූයේ මෙලෙසින්.

    ගෑස් හිඟ වීම හේතුවෙන් මෙරට ආදාහනාගාර සියල්ලේ ම වැඩ නවතා ඇත්දැයි යන්න පිළිබඳ ප්‍රධාන මාධ්‍ය වාර්තා කර ඇත්දැයි යන්න පිළිබඳව නිරීක්ෂණයක් සිදු කළා. ගෑස් හිඟවීම හේතුවෙන් ආදාහනාගාර සම්පුර්ණයෙන්ම ක්‍රියාත්මක නොවන බවට පුවත් වාර්තාවක් පසුගිය දින කිහිපයේ දී දැකගන්නට ලැබුනේ නැත.

    නමුත්, ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් කළුතර ප්‍රාදේශීය සභාවට අයත් ආදාහනාගාරවල  ආදාහන සේවා ගාස්තු ඉහළ නැංවීම සඳහා සභාපති සංජීව ආරියරත්න මහතා ක්‍රියාකර තිබුණා.

    ඒ අනුව, එම බල ප්‍රදේශයේ ප්‍රදේශවාසින් සඳහා රුපියල් අටදහසක් වූ ගාස්තුව රුපියල් දොළොස් දහසක් ලෙස ද, කළුතර බල ප්‍රදේශයෙන් පිටත අයවලුන් වෙනුවන් අය කළ ගාස්තුව වූ රුපියල් දස දහසක ගාස්තුව, දහඅට දහසක් වශයෙන් සංශෝධනය වී තිබු බව දක්වමින් පළ වූ පුවත් වාර්තාවක් මෙතනින්. Archived Link

    පළාත් පාලන ආයතන

    එසේම පළාත් පාලන ආයතන කිහිපයක කොමසාරිස් කාර්යාලවලින්  අප කළ විමසීමේදී තහවුරු වූයේ, ඇතැම් ආදාහනාගාර ගෑස් නොමැති වීමෙන් ක්‍රියාත්මක නොවන බවත්, ඇතැම් ආදාහනාගාර අපහසුතා මධ්‍යයේ ද ක්‍රියාත්මක වන බවත්ය.

    මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය

    ආදාහනාගාර කටයුතු මේ වන විට අඩාල වී ඇත්දැයි යන්න විමසීම සඳහා අප මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතාගෙන් විමසීමක් කරනු ලැබුවා.

    ඔහු සඳහන් කළේ, මේ වන විටත් ආදාහනාගර කටයුතු අඩාල වීමකින් තොරව සිදු වන බවයි. ආදාහනාගාරවලට ප්‍රමාණවත් ගෑස් සැපයීම මේ වන විට සිදුවන අතර ආදාහනාගාර කටයුතු වලින් වැළකී සිටීමට හෝ පළාත් සභා හා පළාත් පාලන කටයුතු අමාත්‍යාංශය මගින් දැනුම් දී නොතිබුණු බවට ඔහු අවධාරණය කළා.

    ගෑස් හිඟවීම හේතුකොට ගෙන ඉදිරියේදී ආදාහනාගාර කටයුතු සිදු නොවනු ඇති බවට උපකල්පනය කර ඇති බැවින් ඉහත ආකාරයේ උපහාසාත්මක සටහන් නිර්මාණය වූවත් මේ වන විට බොහොමයක් ආදාහනාගාර වලට ගෑස් බෙදා දී ඇති බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

    පසුගිය 14 වන දා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ ද, පසුගිය 13 වන දා මුදල් ගෙවා ගොඩබාමින් පවතින නැවේ ගෑස් මෙට්‍රික් ටොන් 3500 බෙදා හැරීමේදී රෝහල්, හෝටල් සහ ආදාහනාගාර යනාදිය වෙත ප්‍රමුඛත්ව ලබාදෙන බවයි.

    ඒ සම්බන්ධයෙන් පළ වූ පුවත් මෙතනින්, මෙතනින් සහ මෙතනින්. Archived Link | Archived Link

    ලිට්රෝ සමාගමේ සභාපති

    ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසූවේ ද, ඉදිරි දින කිහිපය තුළ කඩිනමින් ගෑස් නෞකා 02 ක් මෙරටට ලබා ගැනීමටද සැලසුම් කර ඇති බවත්, අවසන්වරට ගොඩබාන ලද නෞකාවේ ගෑස් තොග, රෝහල්, හෝටල් සහ ආදාහනාගාර ඇතුළු අත්‍යවශ්‍ය කටයුතු සඳහා ලබාදීම අද(19) දිනයේත් සිදු කෙරෙන බවයි. ඒ සම්බන්ධයෙන් පළ වූ ප්‍රධාන මාධ්‍ය ධාරා පුවතක් මෙතනින්. Archived Link

    මිය යෑමෙන් වළකින ලෙසට ඉල්ලා තිබූ කරුණ හුදෙක් උපහාසාත්මක කෝණයෙන් පළවී තිබෙන අතර ජනපති මාධ්‍ය අංශය ද එය තහවුරු කර සිටියා.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්නFacebook | Twitter | Instagram | Google News

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-06-20

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.