Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    කොළඹ නගරාධිපති ධුරයට මාලිමා මන්ත‍්‍රී පිරිසකගේ සහය සජබ අපේක්ෂකයට බව මුජිබර් රහුමාන්ගෙන් ප්‍රකාශයක්?

    2025-06-10
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    Update : කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ලෙස ජාතික ජන බලවේගයේ ව්‍රායි කැලී බල්තසාර් වැඩි ඡන්දයෙන් අද(ජූනි 16) තේරී පත් වී තිබෙනවා. ඒ ඡන්ද 61 ක් ලබා ගනිමින් සමගි ජන බලවේගයෙන් කොළඹ මහ නගර සභාවේ සභාපති ධුරය සඳහා මොහොමඩ් රීසා සාරුක් ඉදිරිපත් වී තිබූ අතර ඇය ලබා ගෙ

    Update : කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ලෙස ජාතික ජන බලවේගයේ ව්‍රායි කැලී බල්තසාර් වැඩි ඡන්දයෙන් අද(ජූනි 16) තේරී පත් වී තිබෙනවා.

    ඒ ඡන්ද 61 ක් ලබා ගනිමින්

    සමගි ජන බලවේගයෙන් කොළඹ මහ නගර සභාවේ සභාපති ධුරය සඳහා මොහොමඩ් රීසා සාරුක් ඉදිරිපත් වී තිබූ අතර ඇය ලබා ගෙන තිබුණේ, ඡන්ද 54කි.

    ඒ අනුව රහස් ඡන්ද විමසීමක් මඟින් කොළඹ 26 වන පුරපතිවරයා ලෙස ව්‍රායි කැලි බල්තසාර් වැඩි ඡන්ද 7කින් තේරී පත් වී තිබුණා.

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    දේශපාලනික වශයෙන් වැදගත්, සුවිශේෂීම පළාත් පාලන ආයතනය ලෙස සැලකෙන කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවන්නේ කවුද? නගරාධිපති පුටුව කාට ද? නියෝජ්‍ය නගරාධිපති කවුද? මේ වනවිට සියලු දෙනා‍ගේම අවධානය යොමු වී ඇත්‍තේ, මේ පිළිබඳවයි. කොළඹ මහනගර සභාව සඳහා කිසිදු පක්ෂයකට තනිව බලය පිහිටුවීමේ හැකියාවක් නොමැති අතර කිසියම් හෝ පක්ෂයකට බලය පිහිටුවීමේ හැකියාව ලැබෙන්නේ සෙසු පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම්වල සහයෝගයෙනි. එළැඹෙන 16 වැනිදා කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීම පැවැත්වීමට නියමිත වටපිටාවක් තුළ මන්ත්‍රී සහය දැක්වීම් සම්බන්ධයෙන් ද විවිධ ප්‍රකාශ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනු දක්නට ලැබේ. ඒ ආකාරයෙන් සංසරණය වන සටහනක නිර්වද්‍යතාව පිළිබඳ අප සිදු කළ කරුණු පරීක්ෂාව පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    “මාලිමා මන්ත්‍රී පිරිසක් කොළඹ SJB නගරාධිපති අපේක්ෂකට සහය දෙන්න එක්වෙති.” යනුවෙන් සඳහන් කරමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණේ මෙලෙසින්. 

    Facebook | Archived Link

    මෙම සටහන ෆේස්බුක් ඔස්සේ බහුලව සංසරණය වී තිබුණේ මේ ආකාරයෙනි. 

    ඉහත ෆේස්බුක් සටහනට පාදක වී ඇති වෙබ් අඩවි වාර්තාවේ දැක්වෙන්නේ, කොළඹ නහර සභාවේ නගරාධිපති ධුරය සඳහා සමගි ජන බලවේගයෙන් යෝජනා කරන අත්දැකීම් බහුල පුද්ගලයාට මාලිමාවේ මන්ත්‍රීවරුන් පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත බවට පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසූ බවයි. 

    මාලිමාවේ  නගරාධිපතිනිය ලෙස යෝජනා කරන කෙනා සහ සමගි ජන බලවේගයෙන් නම්  කරන කෙනා අතර අත්දැකීම් හා පරතරය තේරුම් ගෙන එසේ මාලිමාවේ පිරිසක් සජබ නම් කරන කෙනාට ඡන්දය දීමට සුදානම් වී ඇති බව ද එහි වැඩිදුරටත් සඳහන් වේ.  

    අදාළ වෙබ් වාර්තාවේ සඳහන් වන්නේ, කොළඹ මහ නගර සභාව අඛණ්ඩව වසර 20ක් නියෝජනය කළ අයකු සමගි ජන බලවේගය ඉදිරිපත් කරන බවයි. සම්පූර්ණ වාර්තාව මෙතැනින්. Archived Link

    තවත් වෙබ් අඩවි කිහිපයක ද මෙම පුවත වාර්තා කර තිබුණේ මෙලෙසින්. මෙලෙසින් Archived Link

    Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

    මෙම සටහන්වල දැක්වෙන ආකාරයට ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් කොළඹ සමගි ජන බලවේගයෙන් නම් කරන නරගාධිපති ‍අපේක්ෂකයාට සහය දීමට සූදානම් වන බවට වන මාධ්‍ය වාර්තා ප්‍රධාන මාධ්‍ය ධාරා ඔස්සේ වාර්තා කර ඇති බවක් දැක ගන්නට නොමැත.

    සමගි ජන බලවේගයේ සමාජ මාධ්‍ය පිටු හරහා ද, මන්ත්‍රී මුජිබර් රහුමාන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් වල හෝ මොහු විසින් ඉහත සඳහන් ප්‍රකාශය සිදු කර තිබුණේ ද, යන්න අප පරීක්ෂා කළ ත්, එවැනි ප්‍රකාශයක් කළ බවට සටහන් දැක ගන්නට නොලැබුණි.

    සමගි ජනබලවේග මන්ත්‍රී මුජිබර් රහුමාන්ගේ ප්‍රතිචාරය 

    ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් සමගි ජන බලවේගයෙන් නම් කරන නරගාධිපති ‍අපේක්ෂකයාට සහය දීමට සූදානම් වන බවට වන ඉහත වාර්තා සම්බන්ධයෙන් අප  මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයාගෙන් විමසා සිටියේ ය. එහිදී මන්ත්‍රීවරයා පැවසුවේ, පසුගියදා පැවති මාධ්‍ය සාකච්ඡාවකදී කොළඹ මහ නගරසභාව පිහිටුවීමට  සහයෝගය ලැබෙන්නේ කාගෙන්දැයි මාධ්‍යවේදියෙකු තමාගෙන් විමසා සිටි බවයි.  එහිදී සජබ විසින් නගරාධිපති අපේකෂකයා ලෙස නගර සභාවේ දීර්ඝ කාලයක් සභිකයෙකු ලෙස සිටි අත්දැකීම් බහුල කොළඹ ගැන දන්නා, කොළඹ ජනතාවගේ ප්‍රශ්න ගැන හොඳ අවබෝධයක් සහිත කෙනෙක්   ඉදිරිපත් කරන බවත් ඒ නිසා ඇතැම්විට මාලිමාවේ මන්ත්‍රීවරු පවා එය තේරුම් ගෙන සමගි ජන බලවේගයට  ඡන්දය ලබා දීමට ඉඩ ඇතැයි, යනුවෙන් පමණක් තමන් ප්‍රකාශ කළ බවයි.  

    “ජාතික ජන බලවේගයේ නගරාධිපති අපේක්ෂකයාගේ සහ සජබ නගරාධිපති අපේක්ෂකායගේ අත්දැකීම් දෙස බලා මාලිමා‍වේ මන්ත්‍රීවරුනුත් සමගි ජනබලවේග අපේක්ෂකයාට ඡන්දය ‍දෙයි. මොකද නගරසභාව ගෙනියන්න පුළුවන් කෙනෙක් වෙන්න එපැයි, නගරාධිපති” – මුජිබර් රහුමාන්  

    ජාතික ජන බලවේගයේ ප්‍රතිචාරය 

    සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඉහත සටහන සම්බන්ධයෙන් අප ජාතික ජන බලවේගයේ මාධ්‍ය අංශයෙන් ද විමසීමක් සිදු කළේ ය. ඔවුන් එය ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ එය ද නගර සභාවේ බලය ලබා ගැනීම සඳහා වන සමගි ජන බලවේගයේ මාධ්‍ය සංදර්ශනවල කොටසක් බවයි. තවද  ස්වාධීන කණ්ඩායම් වල සහයෝගය  ද සහිතව ජාතික ජන බලවේගයට කොළඹ මහනගර සභාවේ  බලය පිහිටුවීම සඳහා තම පක්ෂයට මන්ත්‍රීවරුන් 59 කට වඩා සිටින බවයි. ඒ අනුව ජාතික ජනබලවේගයට කිසිදු විවාදයකින් තොරව කොළඹ මහ නගර සභාව් බලය පිහිටුවිය හැකි බවත් ජාතික ජන බලවේග මන්ත්‍රීවරුන් සම්බන්ධ එම ප්‍රකාශ විහිළු සහගත බවත් ජාතික ජන බලවේගයේ මාධ්‍ය අංශය වැඩිදුරටත් කියා සිටියේ ය. තව ද තවම නිල වශයෙන් ආරම්භ නොවු ද මහ නගර සභාව පිහිටුවීමටත්  පෙර සිය මන්ත්‍රීවරුන් කොළඹ වැඩ ආරම්භ කර ඇති බව ද පැවසී ය.  

    කොළඹ මහ නගර සභාවේ බලය කාට ද? 

    පළාත් පාලන ඡන්ද විමසී‍මේ ප්‍රතිඵල අනුව කොළඹ මහනගර සභාවේ සභික ධුර බෙදී ගිය ආකාරය 

    පළාත් පාලන ආයතන 339 ක් සඳහා සභිකයන් 8,287 ක් තෝරා පත්කර ගැනීම සඳහා වන ඡන්ද විමසීම පසුගිය මැයි 06 වනදා රට පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,759 කදී  පැවැත්වුණා. මෙරට පළාත් පාලන ඡන්ද විමසීමේදී බහුතර මන්ත්‍රී ධූර සංඛ්‍යාවක් ලබා ගනිමින් කාගේත් අවධානයට ලක්ව තිබූ  කොළඹ මහ නගර සභාව ජයග්‍රහණය කිරීමට ජාතික ජන බලවේගයට හැකි විය.  කෙසේ වෙතත් කොළඹ මහ නගර සභාවේ 117ක් වූ සම්පූර්ණ සභික සංඛ්‍යාවෙන් 50%ක් හෝ ඊට වැඩි ප්‍රතිශතයක් ලබා ගැනීමට නොහැකි වීම ජාතික ජන බලවේගයට හැකියාවක් ලැබුණේ නැහැ. 

    ජාතික ජන බලවේගයට සභික ධූර 48ක්, සමගි ජන බලවේගයට සභික ධූර 29ක්, එක්සත් ජාතික පක්ෂයට සභික ධූර 13ක්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී සභික ධූර 05ක්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට සභික ධූර 04ක්, ස්වාධීන කණ්ඩායම අංක 03ට සභික ධූර 03ක් සහ සර්ව ජන බලය පක්ෂයට සභික ධූර 02ක් හිමි වූ අතර ස්වාධීන කණ්ඩායම් අංක 04 සහ අංක 05 සභික ධූර 02 බැගින් හිමි වුණා. ඊට අමතරව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය,  ජාතික නිදහස් පෙරමුණ, ජාතික ජනතා පෙරමුණ, පොදුජන පෙරමුණ, එක්සත් ජනරජ පෙරමුණ මෙන් ම ස්වාධීන කණ්ඩායම 01 සහ දෙක 02 සභික ධූර 1 බැගින් දිනා ගත්තා. කොළඹ මහ නගර සභාවේ සභික ධූර බෙදී ගිය අයුරු

    ලබන 16 වැනිදා කොළඹ මහනගර සභාවේ රැස්වීමට නියමිත අතර එහිදී කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවන්නේ කවුද? නගරාධිපති පුටුව කාට ද? නියෝජ්‍ය නගරාධිපති කවුද? යන්න තීරණය වනු ඇති.  

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok 

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ,ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් කොළඹ සමගි ජන බලවේගයෙන් නම් කරන නරගාධිපති ‍අපේක්ෂකයාට සහය දීමට සූදානම් බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සමාජ මාධ්‍ය සටහන්වල සත්‍යතාවක් නොමැති බව මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශ‍ෙන් මෙන්ම ජාතික ජන බලවේගයේ මාධ්‍ය අංශයෙන් සිදු කළ කරුණු විමසීමෙන් ද පැහැදිලි වන බවයි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    FCT

    Fact Crescendo Team

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2025-06-10

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.