Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    Fact Check : වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පසුගිය දා කොවිඩ් එන්නත ලබා ගත්තා ද?

    2021-02-26
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ලංකාවේ දැනට ක්‍රියාත්මක කෙරෙන එන්නත්කරණ වැඩපිළිවෙල සහ ප්‍රමුඛතා ලැයිස්තුව පිළිබඳව බොහෝ පාර්ශවයන් ප්‍රශ්න නඟා ඇති අතර ජනතා විමුක්ති පෙරමුණ ද ඒ අතර සිටියි. එහි නායක අනුර කුමාර දිසානායක මහතා පසුගිය දා ඒ පිලිබඳ කරුණු දක්වනු මෙසේ දැක ගන්නට ලැබුණා. මේ හේතු ද මු

    ලංකාවේ දැනට ක්‍රියාත්මක කෙරෙන එන්නත්කරණ වැඩපිළිවෙල සහ ප්‍රමුඛතා ලැයිස්තුව පිළිබඳව බොහෝ පාර්ශවයන් ප්‍රශ්න නඟා ඇති අතර ජනතා විමුක්ති පෙරමුණ ද ඒ අතර සිටියි. එහි නායක අනුර කුමාර දිසානායක මහතා පසුගිය දා ඒ පිලිබඳ කරුණු දක්වනු මෙසේ දැක ගන්නට ලැබුණා. මේ හේතු ද මුල් කරගනිමින් එම පක්ෂයේ ක්‍රියාකාරීන් අළලා නොයෙකුත් ආකාරයේ ව්‍යාජ සහ නොමඟ යවන සුළු පුවත් ද නිර්මාණය වෙමින් පවතියි.

    මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ නලින්ද ජයතිස්ස මහතා විසින් පසුගිය දා කොවිඩ් එන්නත ලබාගත් බව පෙන්වීමට, එන්නත් ලබාගැනීම සඳහා පිරවිය යුතු කඩ්පතක ඡායාරුපයක් ද සමඟ හුවමාරු වී තිබුනේ ව්‍යාජ සටහනක් බව අපගේ විමර්ෂණයේ දී පැහැදිලි විය.

    සමාජ මාධ්‍ය සටහන්:

    “රටේ සියළුම පුරවැසියන්ට එන්නත ලබාදුන්නට පසුව.. ජවිපෙ නලින්ද ජයතිස්ස එන්නත ලබා ගනී…” යන තේමාවෙන් කළුතර නාගොඩ ප්‍රදේශයේ දී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් කොවිශීල්ඩ් කොවිඩ් එන්නත ලබාගත් බව හැඟවෙන ආකාරයට එහි ඔහුගේ විස්තර ද ඇතුලත් කර තිබු සටහනක් කිහිප දෙනෙක් ම විසින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමරු කරගෙන තිබුනා.

    Facebook | Archived

    එම සටහන් හුවමරු කරගෙන තිබු තවත් අවස්ථා කිහිපයක් පහතින්

    D:\AAA -Fact Checking\Completed\AAA-Publish\Sinhala\2021\Nalinda Jayatissa Vaccine\Capture.JPG

    නලින්ද ජයතිස්ස මහතා වෛද්‍යවරයෙකු බැවින් එන්නත් ලබාගැනීමේ ඇති ප්‍රශ්නය පිළිබඳව ප්‍රශ්න කරමින් ද සටහන් පෙළක් දැක ගන්නට ලැබුණු බැවින් මේ පිළිබඳව කරුණු විමසීමක් සිදුකර සිටියා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මේ පිලිබඳ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හරහා කිසිඳු පුවතක් දැක ගැනීමට ලැබුනේ නැති බැවින් නලින්ද ජයතිස්ස මහතාගේ සමාජ මාධ්‍ය ගිණුම් පරීක්ෂා කිරීමේ දී පහත සටහන දැක ගණනට ලැබුණි.

    “ගෝලීය වසංගතයක් වූ කොවිඩ් 19 සඳහා ඇති ප්‍රතිකාරය එන්නත බව අපි මුල සිට කියා සිටියෙමු. වර්තමාන ආණ්ඩුව “කාලි පැණිය” කර තියාගෙන දුවද්දී අප බල කළේ විද්‍යාත්මක ක්‍රමයකට මේ වසංගතයට මුහුණ දෙන ලෙසය.

    කෙසේ හෝ දැන් අප රටට covid එන්නත පැමිණ තිබේ. ජනතාවට එන්නත ලබාදීමේදී ලෝක සෞඛ්‍ය සංවිධානය හඳුන්වා දුන් ලෝකය පිළිගත් නිර්ණායක පසෙක තබා විවිධ බලපෑම් මත එන්නත් බෙදා හරින බව හැම තැනින්ම වාර්තා වේ. එන්නත්කරන ක්‍රියාවලිය අතිශය අවිධිමත් සහ අපිළිවෙල සහගත බව සෞඛ්‍ය අමාතංශය පවා පිළිගෙන ඇත.

    කොවිඩ් 19 සඳහා වන එන්නත මම පිළිගනිමි. එසේම එය ජනතාවට ලබා දීමේදී WHO උපදෙස් මත අපගේ සෞඛ්‍ය අමාත්‍යංශයේ එන්නත් කමිටුව විසින් සකස් කළ ප්‍රමුඛතා අනුපිළිවෙල ද පිළිගනිමි. එම අනුපිළිවෙලේ දී මට හිමි ස්ථානයේදී මම එන්නත ලබාගනිමි. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හෝ දේශපාලනයේ මාගේ පෞද්ගලික සබඳතාව උපයෝගී කරගෙන, පෝලිමෙන් පිට පැන හොරපාරෙන් එන්නත ලබා ගැනීම ප්‍රතික්ෂේප කරමි.

    තවම මවිසින් එන්නත ලබාගෙන නැත.

    සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ කාඩ්පතක් අවභාවිතා කරමින් ඉහත කී ව්‍යාජ පෝස්ටුව කෙනෙක් නිර්මාණය කර ඇත.

    එය කලින් “පැණිය” කර තබාගෙන ගිය, දැන් එන්නත්කරණය ද දේශපාලනීකරණය කර ඇති කණ්ඩායමක උපදෙස් මත සකස් කළ ව්‍යාජ පෝස්ටුවකි. ස්ථිරසාර නිවැරදි තීන්දු මත දෙපය තබාගෙන සිටීමට නොහැකි නිවටුන්ගේ මෙවැනි බොළඳ ක්‍රියාවන්ට අනුකම්පා කරමි. 

    අනුපිලිවෙලට අනුව තමන්ට හිමි ස්ථානය උදා වූ වහාම මෙම එන්නත ලබා ගන්නා ලෙස සියලු දෙනාට ඇරයුම් කර සිටිමි”

    එම සටහන පහතින්.

    Facebook | Archived

    මේ පිළිබඳව වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා අප කළුතර ප්‍රදේශයේ සෞඛ්‍ය අංශ නිලධාරීන් සම්බන්ධ කර ගැනීමට ද උත්සුක වුණා

    මේ අනුව ඉහත පෝරමයේ මේ දක්වා තිබූ පරිදි  කළුතර ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනකු සම්බන්ධ කර ගනිමින් මේ සම්බන්ධයෙන් විමසීමක් සිදු කළ අතර ඔවුන් විසින් තෝරා ගත් ප්‍රදේශ කිහිපයකට පමණක් එන්නත් කරන වැඩපිළිවෙළ දියත් කළ බවත් එහිදී නලින්ද ජයතිස්ස මහතා ට එන්නත් ලබාදුන් අවස්ථාවක් දැකගන්නට ලැබුණේ නැති බවත් සඳහන් කර සිටියා. තවද මෙම පෝරම පිලිබඳ තොරතුරු සෞඛ්‍ය විද්‍යායතනයෙන් තහවුරු කරගත හැකි බවද පවසා සිටියා.

    ඉහත පෝරමයේ එන්නත් කරන මධ්‍යස්ථානය නාගොඩ යනුවෙන් ද දක්වා තිබු බැවින් අප කළුතර රෝහලේන් මේ සම්බන්ධයෙන් විමසීමක් සිදු කළා. එහිදී රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක තුමා අපට පවසා සිටියේ මේ සම්බන්ධයෙන් නලින්ද ජයතිස්ස මහතා ද විමර්ෂණයක් සිදු කරන ලෙස ඊමේල් හරහා දන්වා තිබූ බවයි

    මූලික තොරතුරු විමර්ශනයේදී මෙම එන්නත් ලබාදුන් බවට පළවූ පෝරමය ව්‍යාජ ලෙස තොරතුරු පෙන්වා දීමක් බවත් වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාට මෙතෙක් එන්නත ලබාදීමක් සිදුව නැති බවත් එතුමා අපට පවසා සිටියා

    Conclusion (අවසාන නිගමනය)

    අපගේ කරුණු විමර්ශණයෙන් පැහැදිලි වන්නේ කොවිඩ් 19 සඳහා එන්නත් ලබා දෙන පෝරමයක නලින්ද ජයතිස්ස මහතාගේ තොරතුරු ලබා දෙමින් ඔහු කොවිඩ් එන්නතක් ලබා ගත් බවට බව දැක්වීමට හුවමාරු වන්නේ අසත්‍ය සටහන් පෙළක් බවයි. වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් මේ වන තෙක් කොවිඩ් සඳහා එන්නත ලබාගෙන නැත.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-02-26

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.