Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    FACT CHECK: නාමල්ගේ ඇඳන් 10000 ව්‍යාපෘතියට සුදර්ශනී බාධා කළා ද?

    2021-05-20
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව පසුගිය 07 වැනිදා ආරම්භ වූ “දින 10න් ඇඳන් 10000ක් ව්‍යාපෘතිය” වැඩකටයුතු පසුගියදා නිම වීමේන් පසු සමාජ මාධ්‍ය ඔස්සේ ඒ සම්බන්ධයෙන් ජනතාව නොමග යෑමේ පුවතක් වාර්තා වුණා. මෙහි නිරවද්‍යතාවය සොයා අප විමර්ශ

    තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව පසුගිය 07 වැනිදා ආරම්භ වූ “දින 10න් ඇඳන් 10000ක් ව්‍යාපෘතිය” වැඩකටයුතු පසුගියදා නිම වීමේන් පසු සමාජ මාධ්‍ය ඔස්සේ ඒ සම්බන්ධයෙන් ජනතාව නොමග යෑමේ පුවතක් වාර්තා වුණා.

    මෙහි නිරවද්‍යතාවය සොයා අප විමර්ශනයක් ආරම්භ කළා. එම විමර්ශනය පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    දුයිෂේන් අඩවිය නම් ෆේස්බුක් පිටුවක දැක්වුණේ, “සුදර්ශනී අපේ ඇඳන් ව්‍යාපෘතියට බාධා කරනවා. එයා ගැන ඉක්මනින් තීරණයක් ගත යුතුයි.” යනුවෙන් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසූ බවයි.

    එය පුවත් ලිපියක පළ වූ සිරස්තලයක් ලෙස දක්වා තිබුණේ මෙලෙසිනි.

    Facebook | Archived Link

    කොවිඩ් රෝගීන්ට පිහිට වීම අරමුණු කොටගෙන රෝහල්වල අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල රෝගීන් සඳහා ඇඳන් සකස් කිරීමේ ව්‍යාපෘතියට ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය බාධා කරන බවත් ඒ හේතුවෙන් අමාත්‍යවරිය ගැන ඉක්මන් තීන්දුවක් ගතයුතු බවත් නාමල් රාජපක්ෂ මහතා පැවසූ බව මෙයින් අදහස් කර තිබුණා.

    එමෙන්ම මෙම ඇඳන් සැකසීම සම්බන්ධයෙන් පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ විවිධාකාර තේමා යටතේ මෙන්ම උපහාසාත්මක සටහන් ද රැසක් හුවමරු වී තිබුණා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    අප ප්‍රථමයෙන්ම මේ සම්බන්ධයෙන් පුවතක් ප්‍රධාන මාධ්‍ය ධාරා ඇතුළු පුවත්පත් වල පළ වූවා දැයි පරීක්ෂා කළෙමු. එහිදී එවන් පුවතක් පළ නොවූ බවට FactCrescendo අප විසින්  තහවුරු කරගනු ලැබුවා.

    මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගෙන් බාධා පැමිණියේ දැයි යන්න අප නාමල් රාජපක්ෂ මහතාගේ මාධ්‍ය අංශයෙන් විමසීමක් කළා. ඔවුන් සඳහන් කළේ, සමාජ මාධ්‍ය ඔස්සේ එල්ලවුණු විවේචනයන් හැරුණු කොට එවන් බාධා කිරීමක් රාජ්‍ය අමාත්‍යවරිය ඇතුළු කිසිදු පාර්ශවයකින් එල්ල නොවූ බවයි. මෙම සටහන් සම්පූර්ණ අසත්‍ය බව ඔවුන් නැවත අවධාරණය කළා.

    කෙසේ වෙතත් අප මේ සම්බන්ධයෙන් විමසීමට විශේෂඥ වෛද්‍ය සුදර්ශිනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සම්බන්ධ කරගත්තා. එතුමිය සඳහන් කළේ ද, මෙවන් සේවාවක් ලබා දීම අගය කළ යුතු ක්‍රියාවක් බවත් කෝවිඩ් වැළඳුනු රෝගීන්ට වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් පරිශ්‍රයේ  සිට ප්‍රතිකාර ගැනීමට සැලැස්වීමට මෙම අතරමැද ප්‍රතිකාර මධ්‍යස්ථාන බෙහෙවින් ප්‍රයෝජනවත් වන බවයි. එවන් සේවාවක් කිරීම සඳහා තමා කිසිඳු ආකාරයේ බාධාවක් නොකළ බව ඇය අවධාරණය කර සිටියා.

    ඉහත දක්වා ඇති සාවද්‍ය සටහනට උපයෝගී කරගෙන තිබූ නාමල් රාජපක්ෂ මහතාගේ ඡායාරූපය වෙනත් පුවත් ලිපියක පළ වී තිබුණේ මෙලෙසිනි. ලංකාදීප පුවත්පතේ මුල් පිටුවේ පසුගිය අප්‍රේල් 17 වන දා මෙම ඡායාරූපය සහිත පුවත පළ වූයේ මෙලෙසිනි.

    Archived Link

    මෙම ව්‍යාපෘතියේ ඉලක්ක සපුරාලීමට ජාතික තරුණ සේවා සභාව හා ජාතික යොවුන් සේනාංකය පෙරමුණ ගත් අතර ඊට රාජ්‍ය ආයතන හා විවිධ ස්වෙච්ඡා සංවිධාන පුළුල් දායකත්වයක් ලබා දී ඇති අතර දින 10න් ඇඳන් 10000ක් වෙනුවට එම ඉලක්කය පසුකර යමින් අලුතින් ඇඳන් 16000ක් පමණ සකස් කළ ඇති බවට පළ වූ මාධ්‍ය නිවේදනය මෙතනින්.

    කෙසේවෙතත් පසුගියදා මෙම ව්‍යාපෘතිය සඳහා සමාජ මාධ්‍ය ඔස්සේ පළවී තිබු විවිධාකාරයේ උපහාසාත්මක සටහන්පෙලකින් විමසා තිබුනේ ඇත්ත වශයෙන්ම අවශ්‍යව ඇත්තේ ICU ඇඳන් බව දක්වමින්.

    Facebook | Archived Link

    දින 10න් ඇඳන් 10,000ක් ව්‍යාපෘතිය නිමා වූ පසූ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙවැනි සටහන් වලට පිළිතුරු සපයමින් මේවා අතරමැදි ප්‍රතිකාර සඳහා යොදාගන්නා ඇඳන් බව පවසමින් දැක්වූ අදහස් ද අපට මෙසේ දැක ගන්නට ලැබුණා.

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයට අනුව පෙන්වා දිය හැක්කේ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව දිවයින පුරා ක්‍රියාත්මක වුණ “දින 10න් ඇඳන් 10000ක් ව්‍යාපෘතිය”ට වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය බාධා කළ බවට නාමල් රාජපක්ෂ මහතා පැවසූ බවට සඳහන් පුවත් වාර්තාව ව්‍යාජ ලෙස සැකසූ පුවතක් බවයි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SG

    Sara Gunaratne

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-05-20

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.