දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
සැප්තැම්බර් 4 වනදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා හදිසියේම අසනීප වී ඇති බව ත්, ඔහු ප්රතිකාර සඳහා බන්ධනාගාර රෝහලට ඇතුළත් වීමට උත්සාහ කරන බවත් පවසමින් “BREAKING NEWS” ලෙස සමාජ මාධ්ය ඔස්සේ සටහනක් පළ වුණා. මෙහි නිර්වද්යතාව සොයා බැලීමට අප කටයුතු කරනු ලැබුවා.
සමාජ මාධ්ය සටහන් (Social Media Posts) :

Fact-Check (කරුණු විමර්ශනය කිරීම) :
ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා අසනීප තත්ත්වයකින් පසුව බන්ධනාගාර රෝහල් ගත කිරීමේ ඉල්ලීමක් සිදු කර ඇති බවට කිසිදු ප්රධානා මාධ්ය ධාරාවක් වාර්තා කර නොතිබුණි.
එමෙන් ම අද(08) දිනයේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටින නාමල් රාජපක්ෂ මහතා විශේෂ ආරක්ෂක විධිවිධාන සහිතව පාර්ලිමේන්තුවට සහභාගී වීම සඳහා බන්ධනාගාර බස් රථයකින් කැඳවාගෙන තිබුණා. ඒ පිලිබඳ ප්රධාන මාධ්ය ධාරා ද, වාර්තා කර තිබුණේ මෙලෙසින් සහ මෙලෙසින්.
එසේ නම් ඔහු රෝහල් බන්ධනගාර ගත කිරීමේ ඉල්ලීමක් සිදු කර තිබීම විය නොහැකි බැවින් අප මේ පිළිබඳව බන්ධනාගාර මාධ්ය ප්රකාශකවරයාගේ විමසීමක් කළා.
බන්ධනාගාර මාධ්ය ප්රකාශක
සමාජ මාධ්ය ඔස්සේ සංසරණය වන මෙම ප්රකාශ සම්පූර්ණයෙන්ම ව්යාජ සහ අසත්ය බව බන්ධනාගාර මාධ්ය ප්රකාශක සේනක පල්ලේතැන්න මහතා අපට තහවුරු කලා. ඔහු පෙන්වා දෙන්නේ නාමල් රාජපක්ෂ මහතා කිසිදු සෞඛ්ය සංකූලතාවයකින් නොපසුවන අතර, ඔහු බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කර නොමැති බවයි. එමෙන් ම කතානායකවරයාගේ ඉල්ලීම මත ඔහුගේ සෞඛ්ය තත්ත්වය යහපත් මට්ටමක පවතින බව සනාථ කරමින්, බන්ධනාගාර බලධාරීන්ගේ අධීක්ෂණය යටතේ අද දින පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වීම සඳහා ද ඔහු බන්ධනාගාර බස් රථයකින් පාර්ලිමේන්තු සංකීර්ණය වෙත රැගෙන ආ බව ත්, ඔහු වැඩි දුරටත් සඳහන් කළා.
නාමල් රාජපක්ෂගේ ලේකම්
නාමල් රාජපක්ෂ මහතාගේ ලේකම්වරයාගෙන් විමසීමක් කළ අතර, ඔහු සඳහන් කළේ, මෙම සමාජ මාධ්ය සටහන අසත්ය බව ත්, නාමල් රාජපක්ෂ මහතා රෝහල් බන්ධනාගාර ගත කිරීමේ කිසිදු ඉල්ලීමක් සිදු කර නොමැති බවයි.
නාමල් රාජපක්ෂ මහතා කොළඹ රිමාන්ඩ් විශේෂ ආරක්ෂක විධිවිධාන සහිත සාමාන්ය බන්ධනාගාර වාට්ටුවක රඳවා සිටී. මෑතකදී අත්අඩංගුවට පත් වූ ඇතැම් දේශපාලනඥයන් මෙන් ඔහු ඇප ලබා ගැනීමට හෝ බන්ධනාගාරයෙන් බැහැර වීමට කිසිදු සෞඛ්ය හේතුවක් අධිකරණය හමුවේ ඉදිරිපත් කර නොමැති බව මාධ්ය විසින් වාර්තා කර තිබුණේ මේ අයුරින්.
මන්ත්රී නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම
පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතාව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) මඟින් අත්අඩංගුවට ගත්තේ ශ්රීලංකන් ගුවන් සේවය සඳහා එයාර් බස් (Airbus) ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවකදී රුපියල් මිලියන 100 ක (යුරෝ මිලියන 1.45 ක් සහ ඇමරිකානු ඩොලර් 800,000 කට ආසන්න) අල්ලස් මුදලක් ලබා ගත් බවට එල්ල වී ඇති චෝදනාව හේතුවෙනි.
2012-2013 කාලසීමාවේදී මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපති ධුර කාලය තුළ ශ්රීලංකන් ගුවන් සේවය වෙනුවෙන් එයාර් බස් A330 සහ A350 වර්ගයේ ගුවන් යානා මිලදී ගැනීමට අදාළව මෙම වංචාව සිදුව ඇති බව විමර්ශනවලින් හෙළි වී ඇත. අල්ලස් කොමිසම අධිකරණයට පෙන්වා දී ඇත්තේ මෙම අල්ලස් මුදල් සිංගප්පූරුවේ ස්ටෑන්ඩර්ඩ් චාටඩ් සහ OCBC බැංකුවල පවත්වාගෙන ගිය ගිණුම් හරහා හුවමාරු වී ඇති බවයි.
ප්රංශයේ එයාර් බස් සමාගමේ උසස් නිලධාරීන් ලංකාවට පැමිණ ලබාදුන් ප්රකාශ සහ විද්යුත් සාක්ෂි පදනම් කරගනිමින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ.
අත්අඩංගුවට ගැනීමෙන් පසු කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය විසින් නාමල් රාජපක්ෂ මහතාව සැප්තැම්බර් 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබුණි. කෙසේ වෙතත්, නාමල් රාජපක්ෂ මහතා සහ ශ්රී ලංකා පොදුජන පෙරමුණ පවසන්නේ මෙම චෝදනා දේශපාලන පළිගැනීම් සහ දේශපාලන අරමුණකින් සිදුකළ ඒවා බවයි.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube
Conclusion (අවසාන නිගමනය) :
නාමල් රාජපක්ෂ මහතා අසනීප වී බන්ධනාගාර රෝහලෙන් ප්රතිකාර ඉල්ලා සිටින බවට පළවන වාර්තා අසත්ය වේ. බන්ධනාගාර මාධ්ය ප්රකාශකවරයා තහවුරු කරන පරිදි ඔහු සාමාන්ය සෞඛ්ය තත්ත්වයෙන් පසුවන අතර, කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සාමාන්ය වාට්ටුවක රඳවා සිටී.



