Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    අනුර – සජිත් දෙදෙනාත් පැන්ඩෝරා පේපර්ස් වලට ඇතුළත්ද ?

    2022-04-20
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දැනට මාස කිහිපයකට පෙර  ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර එකමුතුව මගින් (ICIJ) හෙළිදරව් කළ පැන්ඩෝරා ලේඛන (Pandora Papers) තුළින් විදේශයන්හි ලියාපදිංචි සමාගම්හි (අක්වෙරළ-offshore companies) රහස්‍ය මුල්‍යමය ගනුදෙනු සිදුකළ පුද්ගලයන්ගේ නම් හෙළි කරනු ලැබුවා.

    දැනට මාස කිහිපයකට පෙර  ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර එකමුතුව මගින් (ICIJ) හෙළිදරව් කළ පැන්ඩෝරා ලේඛන (Pandora Papers) තුළින් විදේශයන්හි ලියාපදිංචි සමාගම්හි (අක්වෙරළ-offshore companies) රහස්‍ය මුල්‍යමය ගනුදෙනු සිදුකළ පුද්ගලයන්ගේ නම් හෙළි කරනු ලැබුවා. මෙහි ලාංකික යුවලකගේ ද නම් සඳහන් වී තිබීමත් සමඟම පැන්ඩෝරා ලේඛන පිළිබඳ මෙරට ද විශේෂ අවධානයක් යොමු වී තිබුණා.

    මෙවන් පසුබිමක සමාජ මාධ්‍ය ඔස්සේ සමාජයේ බොහෝ දෙනා හඳුනන මෙන්ම දේශපාලනයට සම්බන්ධ විවිධ පුද්ගලයින්ගේ නම් ද ඇතුළත් සටහන් පෙළක් හුවමාරු වී තිබූ අතර එමඟින් උත්සාහ දරා තිබුණේ එම පුද්ගලයින්ගේ නම්ද පැන්ඩෝරා ලැයිස්තුවේ ඇති බව විදහා දැක්වීමටයි. නැවත වරක් හුවමාරු වෙමින් පවතින මෙවැනි සටහන් තුළ විපක්ෂනායක සජිත් ප්‍රේමදාසගේ මෙන්ම ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකගේ නමද ඇතුළත්ව තිබුණා. මේ ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කර කරුණු විමසා බැලීමක්. 

    Fact Check (සත්‍ය කරුණු විමසා බැලීම )

    සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායකගේ ඡායාරූපද සමගින් සමාජ ජාල සටහනක් හුවමාරුව තිබුණේ පහත පරිදියි. 

    එහි ශිර්ෂය ලෙස සදහන්ව තිබුණේ “ඒ දෙන්නා එහෙම නෑ බං යන්නයි. “

    Facebook | Archived 

    මෙහිදී බොඳ වූ අකුරින් නම් ලැයිස්තුවක් සමාජ ජාලා සටහනේ ඉදිරිපත්ව තිබුණු අතර පැන්ඩෝරා ප්‍රකෝටිපති 200 යේ ලැයිස්තුවේ සජිත් 23 වැනි  ස්ථානය හා අනුර 12 වන ස්ථානයේ සිටින බව එමඟින් දක්වා තිබුණා. 

    එම සටහන් ෆේස්බුක් අවකාශය තුළ ව්‍යාප්තව පැවතියේ මේ අයුරින් .

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

    දැනට මාස කිහිපයකට පෙර හෙළි කල  පැන්ඩෝරා ලේඛන හෙළිදරව්වෙන් ලෝකයේ වත්මන් සහ හිටපු නායකයින් 35 දෙනෙකුගේ සහ රාජ්‍ය නිලධාරීන් 300කට වැඩි පිරිසකගේ තොරතුරු අනාවරණය කර තිබුණු  අතර ශ්‍රී ලංකාවේ හිටපු අමාත්‍යවරියක් වූ නිරූපමා රාජපක්ෂගේ සහ ඇයගේ සැමියා වන තිරුකුමාර් නඩේෂන්ගේ නමත් සඳහන් වුණා.

    අප විසින් සිදු කරන ලද කරුණු පරීක්ෂාවේදී තහවුරු වූයේ Pandora Papers හි විපක්ෂනායක සජිත්ගේ හෝ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාරගේ නම සදහන්ව නොතිබුණු බවයි.

    කෙසේ වෙතත් ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ අන්තර්ජාතික එකතුව (ICIJ)  විසින් මීට පෙරද ලැබුණු මූලාශ්‍ර හෙළි නොකල හැකි ධනය හෝ රහසිගත ධනය පවතින පුද්ගලයින්ගේ නම් පැනමා පේපර්ස් ,බහරේන් පේපර්ස් ආදී විවිධ නම් වලින් හෙළිකොට තිබුණා. 

    ඒවා අතර හෝ සජිත්ගේ හෝ අනුරගේ නම පවතීද ??ඒ සම්බන්ධයෙන් ද අප විමසීමක් සිදු කළා. 

    2016 වර්ෂයේ හෙළි කළ පැනමා පත්‍රිකාවල සඳහන් වූයේ ශ්‍රී ලාංකිකයන් විසි දෙදෙනාගේ (22) නම් පහතින්.

    offshoreleaks.icij.org | Archived Link

    2016 වර්ෂයේ පැනමා පත්‍රිකා හෙළිකර මාස 5 කට පමණ පසුව ICIJ විසින් 1990 සහ 2016 අතර කාලය තුළ ලියාපදිංචි වූ බහාමියානු සමාගම් 175,000 කට අධික සංඛ්‍යාවකට සම්බන්ධ දේශපාලනඥයින්ගේ සහ වෙනත් අයගේ නම් පිළිබඳ හෙළි කළ අතර ඒ සම්බන්ධයෙන් දැක්වෙන ICIJ වාර්තාව මෙතනින්.

    එම ගොණුවේද ශ්‍රී ලාංකිකයන් 43 දෙනෙකු නම් සඳහන් වී තිබුණේ මෙලෙසින්.

    offshoreleaks.icij.org | Archived Link

    2017 වර්ෂයේදි බර්මියුඩියාවේ අක්වෙරළ නීති සමාගමක් වන Appleby විසින් හෙළි කරන ලද ජාතික නායකයින්, ධනවත් පුද්ගලයින් සහ සමාගම් සිදුකළ අක්වෙරළ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පැරඩයිස් ලේඛන වලද ශ්‍රී ලාංකිකයන් 18 දෙනෙකු ඇතළත් වී තිබුණා.

    offshoreleaks.icij.org | Archived Link

    2018 වර්ෂයේ අනාවරණය කළ පැරඩයිස් ලේඛන වල නව දත්ත මඟින් 85,000 කට වැඩි මෝල්ටාවේ ලියාපදිංචි සමාගම් සහ මේ සම්බන්ධ නිලධාරීන් 110,000 කට වැඩි සංඛ්‍යාවක් අනාවරණය කළා. ඒ පිළිබඳ තොරතුරු මෙතනින්.

    මේ පිරිස අතර ශ්‍රී ලාංකිකයින් 10 දෙනෙකු සිටින බවට ICIJ පෙන්වා දෙනවා.

    offshoreleaks.icij.org | Archived Link

    මෙම කිසිදු සටහනක විපක්ෂනායක සජිත් ප්‍රේමදාසගේ හෝ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකගේ නම් සදහන්ව තිබුණේ නැත. 

    එසේම පැන්ඩෝරා ලේඛනයෙන් මෙතෙක් හෙළි කළ දේශපාලනඥයන්ගෙන් ලාංකිකයන් සිටින්නේ දෙදෙනෙක් බවට දැක්වුණු සිතියම් සටහන පහතින්.ඒ නිරූපමා රාජපක්ෂ සහ හිටපු අගමැති සහ ජනපති උපදේශකයෙක් වන රාමලින්ගන් පාස්කරලින්ගන් .

    ICIG | Archived Link

    මේ පිළිබඳව තොරතුරු අප මීට පෙර විමර්ෂණයක දී ද පෙන්වා දුන් අතර එම විමර්ශන වාර්තාව පහතින්.

    Also  Read : FACT CHECK: පැන්ඩෝරා පත්‍රිකා වල ‘නම්’ සඳහන් වූ ශ්‍රී ලාංකිකයින් බවට හුවමාරු වන්නේ සත්‍ය නම් ලැයිස්තුවක් ද?

    එසේම පසුගිය මාර්තු මාසයේ දී අනුර කුමාර දිසානායාක මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කර තිබුනේ, පැන්ඩෝරා පත්‍රිකා වල සඳහන් ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් ජනාධිපති කරුණු සොයා බලන බව පැවසුව ද එම විමර්ශන නිසි පරිදි සිදුවෙනවා දා යන්න ප්‍රශ්න සහගත බවයි. ඒ සඳහා එවකට අධිකරණ කටයුතු පිලිබඳ අමාත්‍ය අලි සබ්රි මහතා පිළිතුරු ලබා දී දා තිබු එම වීඩියෝව මෙතනින්.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය):

    අප විසින් සිදු කරන ලද ගවේෂණයේදී තහවුරු වූයේ සජිත් ප්‍රේමදාස විපක්ෂනායකවරයාගේ හෝ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකගේ නම් පැන්ඩෝරා පේපර්ස් වල හෝ ICIJ හෙවත් ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ අන්තර්ජාතික එකතුව විසින් මීට කලින් නිකුත් කළ පැනමා පේපර්ස් ,බහරේන් පේපර්ස් ආදියේ හෝ අන්තර්ගත නොවන බවයි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2022-04-20

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.