Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    අසාම් අමීන්, ධනුෂ්ක අරවින්ද සහ ලහිරු මුදලිගේ නම් T20 ලෝක කුසලාන තරඟාවලිය පිළිබඳ විගණන වාර්තාවේ ඇතුළත් ද?

    2023-07-25
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. 2022 ලෝක කුසලාන පන්දුවාර 20 තරඟාවලියේ තරඟ නැරඹීම සඳහා ප්‍රසිද්ධ නිලියක් හා ඇයගේ හිතවතුන් කිහිපදෙනෙකුට මෙන් ම තවත් පුද්ගලයන් ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් අනුග්‍රහකත්වය ලබා දුන් බවට පව

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    2022 ලෝක කුසලාන පන්දුවාර 20 තරඟාවලියේ තරඟ නැරඹීම සඳහා ප්‍රසිද්ධ නිලියක් හා ඇයගේ හිතවතුන් කිහිපදෙනෙකුට මෙන් ම තවත් පුද්ගලයන් ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් අනුග්‍රහකත්වය ලබා දුන් බවට පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් මේ දිනවල මහත් ආන්දෝලනයට ලක් වී තිබෙනවා.

    මේ අතර මෙලෙසින් ගමන් ගත් අය අතර මාධ්‍යවේදී අසාම් අමීන්, ධනුෂ්ක අරවින්ද සහ ලහිරු මුදලිගේ යන අයද වූ බවට තවත් සමාජ මාධ්‍ය සටහන් වලින් දක්වා තිබුණා. මෙහි නිරවද්‍යතාවය විමසා බැලීමට Factcrescendo අප සිදු කළ කරුණු පරීක්ෂාවක් මෙතනින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    2022 T20 ලෝක කුසලානයට ක්‍රිකට් ආයතනයේ මුදල් වලින් ඔස්ට්‍රේලියාව බලා පිටත් වූ බවට දක්වමින් ජාතික විගණන වාර්තාවේ සඳහන් නම් අතර මාධ්‍යවේදී අසාම් අමීන්, ධනුෂ්ක අරවින්ද සහ ලහිරු මුදලිගේ ද, නම් ඇතුළත් බව ට සඳහන් කරමින් ද, සමාජ මාධ්‍ය සටහනක් පළ වී තිබුණා.

    එම සටහන් වලින් ඔවුන්ගේ නම් ද, ඇතුළත් කර තිබූ කොටස මෙසේ ය.

    “සංචාරයට තවත් සුවිශේෂි පුද්ගලයො තුන්දෙනෙක් අරන් ගියා.

    ඒ ක්‍රිකට් සභාපති ශම්මි ද සිල්වාගේ ගුණ ගායනා කරන හෙංචයියො වෙන

    1) අසාම් අමීන්

    2) ධනුෂ්ක අරවින්ද

    3) ලහිරු මුදලිගේ.

    මොවුන්ටත් වීසා නිකුත් කෙරුවේ ක්‍රිකට් ආයතනයෙන්.

    මෙතන හොඳම ආතල් එක ගත්තේ ලහිරු මුදලිගේ.

    ක්‍රිකට් ආයතනයේ ලිපියෙන් ඕස්ට්‍රේලියා ගියපු මිනිහා, ඕස්ට්‍රේලියාවේ ඉන්න ලංකාවේ මිනිස්සු ඉන්ටර්වීව් කර කර තමන්ගේ බිස්නස් කළා.

    මේ තමයි රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ සල්ලි හොරකම් කෙරෙන හැටි.”

    Facebook | Archived Link

    මෙම සටහන් බහුලව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ මෙලෙසින්.

    මෙහි නිරවද්‍යතාව පිළිබඳ විමර්ශනය කිරීමට අප පියවර ගත්තේ මෙලෙසින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු සාමාජිකයින් 14 දෙනෙකු වෙනුවෙන් 2022 ලෝක කුසලාන පන්දුවාර 20 (පිරිමි) තරඟාවලියේ තරඟ නැරඹීම සඳහා රුපියල් කෝටි හයාමාරකට ආසන්න මුදලක් වියදම් කර තිබෙන බව විගනකාධිපති කෙටුම්පත් වාර්තාවකින් අනාවරණය වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා අනාවරණය කළේ මෙලෙසින්.

    මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ද සිය පවුලේ ඥාතීන් ඇතුළු 21 දෙනෙකු මේ සඳහා සහභාගි කරවා ඇති බවට මන්ත්‍රී හේෂා විතානගේ මහතා විසින් අනාවරණය කළ තොරතුරු අතර සඳහන් කිරීමත් සමග මෙම පිරිස අතර මාධ්‍යවේදී අසාම් අමීන්, ධනුෂ්ක අරවින්ද සහ ලහිරු මුදලිගේ ද නම් ඇතුළත් බවට පවසමින් ඉහත සටහන් පළ කර තිබුණා.

    මේ හේතුවෙන් අප ප්‍රථමයෙන් ම අදාළ 2022 ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ T-20 ලෝක කුසලානය(පිරිමි) තරගාවලිය ආශ්‍රිත විශේෂ විගණන වාර්තාව පරීක්ෂාවට ලක්කළා. කෙසේනමුත් මෙය ජාතික විගණන කාර්යාලයේ වෙබ් අඩවියේ පළවී නොමැති ලේඛනයක් බැවින් එය මෙහි ඇතුළත් නොකළෙමු.

    එම විගණන වාර්තාවේ සඳහන් කරුණු පරික්ෂා කිරීමේ දී ක්‍රිකට් ක්‍රීඩකයයන්, නිලධාරීන් සහ ඒ සඳහා සහභාගි වූ වෙනත් අයගේ නම් සහ දරන ලද වියදම් එහි අන්තර්ගත බව දැකගනන්ට ලැබෙනවා.

    නමුත් ඉහත සටහන් වල දැක්වෙන ලෙස අසාම් අමීන්, ධනුෂ්ක අරවින්ද සහ ලහිරු මුදලිගේ යන මාධ්‍යවේදීන්ගේ නම් එම විගණන වාර්තාවේ දැක ගන්නට නොලැබුණු බව අපට වගකීමෙන් කිව හැකිය.

    අප මේ පිළිබඳව තවදුරටත් දැනගැනීමට මාධ්‍යවේදී අසාම් අමීන් මහතාගෙන් විමසීමක් කළා. ඔහු සඳහන් කළේ, තමන් මෙන්ම ධනුෂ්ක අරවින්ද සහ ලහිරු මුදලිගේ ද, ඝෘජුව ම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය(ICC) හරහා වීසා ලබා ගැනීමේ ක්‍රියාවලිය හරහා මෙම ගමන සඳහා අනුග්‍රාහකත්වය ලබා ගත් බවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් ඒ සඳහා අනුග්‍රහයක් දැක්වුයේ නොමැති බවයි.

    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඔහු වෙත නිකුත් කර තිබූ ලිපියක් ද, අසාම් අමීන් මහතා අප වෙත යොමු කරනු ලැබුවා. 

    ඉන් අනතුරුව අප මාධ්‍යවේදී ලහිරු මුදලිගේ මෙන් ම, ධනුෂ්ක අරවින්ද යන අය ද, සම්බන්ධ කර ගනිමින් ඔවුන් වෙත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් යොමු කර තිබූ ලිපිය ලබා ගත් අතර ඔවුන් සඳහන් කළේ ද, තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අරමුදල් මෙම ගමන සඳහා ලබා නොගත් බවයි. 

    එමෙන් ම අසාම් අමීන් මහතා සඳහන් කළේ, ඔවුන්ට මෙම සංචාරය සඳහා බොහෝ ආයතන අනුග්‍රහයකත්වය දැක් වූ බවයි. ඒ බවට අප එම සංචාරය සම්බන්ධ එම මාධ්‍ය ආයතනය හරහා සිදු කරන ලද වීඩියෝ පරීක්ෂා කිරීමේ දී ද එහි දක්වා තිබු දායකත්ව දැන්වීම ඔස්සේ දැක ගන්නට ලැබුණා. එම වීඩියෝ මෙතනින්, මෙතනින් මෙතනින්

    එම වකවානුවේ හරිTV යූටියුබ් නාලිකාව හරහා ලහිරු මුදලිගේ මෙන්ම ධනුෂ්ක අරවින්ද ද ඔහුගේ සමාජ මාධ්‍ය ඔස්සේ මේ ආකරයෙන් ඔස්ට්‍රේලියාවේ සිටි බොහෝ පුද්ගලයින් ව සම්මුඛ සාකච්ඡාද සිදුකර තිබෙනු දැක ගන්නට ලැබුණු අතර බොහොමයක අනුග්‍රාහක දැන්වීම් ද දැක ගන්නට ලැබුණා.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, 2022 ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ T-20 ලෝක කුසලානය(පිරිමි) තරගාවලිය සඳහා ඔස්ට්‍රේලියාව බලා යෑම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රාහකත්වය ලබා ගත් බවට අසාම් අමීන්, ධනුෂ්ක අරවින්ද සහ ලහිරු මුදලිගේ යන මාධ්‍යවේදීන්ගේ නම් ද, විවිගණන වාර්තාවේ සඳහන් බව ට පළ වූ සටහන් අසත්‍ය බවයි. 

    අප කළ නිරීක්ෂණයේදී තහවුරු වූයේ, එම විගණන වාර්තාවේ සඳහන් පුද්ගලයන් අතර  එම තිදෙනාගේ නම් ඇතුළත් නොමැති බවයි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2023-07-25

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.