Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ලංකාවේ නිදහස් සැමරුම අවලංගු කළ බව හඟවමින් හුවමාරු වූ නොමඟ යවන සුළු සටහන් පෙළක්!

    2024-02-04
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. නිදහස් දින සැමරුම් උළෙල අවලංගු කරන බවට දක්වමින්, ශ්‍රී ලංකා නිදහස් දිනය සැමරීම කටයුතු සැකසෙමින් සිටි සමයේ හුවමාරු වූ නොමඟ යවන සුළු සමාජ මාධ්‍ය සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයයි

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    නිදහස් දින සැමරුම් උළෙල අවලංගු කරන බවට දක්වමින්, ශ්‍රී ලංකා නිදහස් දිනය සැමරීම කටයුතු සැකසෙමින් සිටි සමයේ හුවමාරු වූ නොමඟ යවන සුළු සමාජ මාධ්‍ය සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයයි මේ.

    සමාජ මාධ්‍ය සටහන් :

    “නිදහස් උත්සවය අවලංගු කරයි! කාලතුවක්කු මේ පාර මුහුදට නොවයි වේදිකාවට බව තේරුම් ගත්තා එහෙනම්” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සටහනක් සංසරණය වුණේ මෙලෙසින්.

    Facebook | Archived Link

    මෙම සටහන් සඳහා දක්වා තිබූ ප්‍රතිචාර වලින් පෙනී යන්නේ මෙය සත්‍යයක් බවට බොහෝ දෙනෙකු උපකල්පනය කර තිබූ බවයි.

    මෙහි නිරවද්‍යතාවය සොයා අප කරුණු විමර්ශනයක් කිරීමට අප පියවර ගත්තේ මේ අයුරින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

    පෙබරවාරි 04 වන දා දිනට යෙදෙන ශ්‍රී ලංකාවේ නිදහස් දින සැමරුම් උත්සවය අවලංගු කරන බවට ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර තිබෙනවාද යන්න අප ප්‍රථමයෙන් ම පරීක්ෂා කළා. මෙරට ප්‍රධාන මාධ්‍ය ඒ සම්බන්ධයෙන් වාර්තා කර නොතිබුණි.

    ඒ අනුව අප මේ පිළිබඳ වැඩිදුර නිරීක්ෂණයේදී දැක ගන්නට ලැබුණේ, “නිදහස් උත්සවය අවලංගු කරයි!” යන ශීර්ෂ පාඨය ඇතුළත් ව, මීට වසරකට පෙර, එනම් 2023 ජනවාරි මස හිරු ප්‍රවෘත්ති නිල ෆේස්බුක් ගිණුමේ පුවතක්, ඉහත සමාජ මාධ්‍ය සටහන් සඳහා මුල් වී තිබු බවයි.

    Facebook | Archived Link

    මෙම පුවත හේතුවෙන් ද, බොහෝ දෙනෙකු බැලු බැල්මටම නොමග ගොස් තිබුණේ, එමඟින් පැවසෙන්නේ පුවත මෙරට නිදහස් උත්සවය සම්බන්ධයෙන් රජය ගෙන ඇති තීරණයක් බව අනුමාන කරමින්.

    නමුත් මෙම ෆේස්බුක් සටහනේ සබැඳියේ දක්වා ඇති හිරු ප්‍රවෘත්ති නිල වේබ් අඩවියේ මෙහි සම්පූර්ණ පුවත පහත පරිදි පළ වී ඇති අතර එහි සඳහන් වී තිබුණේ, 2022 දෙසැම්බර් මස පවැත්වීමට නියමිතව පැවති ටැන්සානියාවේ ජාතික නිදහස් උත්සව සැමරුම අවලංගු කිරීමක් සම්බන්ධයෙන් පුවතකි.

    Hiru News | Archived Link

    එමෙන්ම ටැන්සානියාවේ මේ ආකාරයට නිදහස් දින සැමරුම් අවලංගු කෙරුණ ද ලංකාවේ එසේ සිදුවන්නේ නැති බව පෙන්වන සටහන් රැසක් ද සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය දින කිහිපයේ මෙලෙසින් හුවමාරු වුණා.

    2022 දෙසැම්බර් මස ටැන්සානියාවේ 61වන නිදහස් දින උළෙල අවලංගු කරමින්, විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ නේවාසිකාගාර ඉදිකිරීමට එම අරමුදල් වෙන්කිරීමට කටයුතු කිරීමේ පුවත ජාත්‍යාන්තර මාධ්‍ය වාර්තා කර තිබුනේ මෙලෙසින්. මීට පෙර මේ ආකාරයට 2015, 2020 යන වසරවලදී ද ටැන්සානියාවේ නිදහස් දින සැමරුම් අවලංගු කරමින් මාර්ග සංවර්ධන, වෛද්‍ය පහසුකම් ලබාගැනීම වැනි කටයුතු සඳහා එම අරමුදල් යෙදවීමට කටයුතු කර තිබුණි.

    ලංකාවේ 76 වන නිදහස් දින සැමරුම්

    අද දිනයේ(04) ශ්‍රී ලංකාවේ මෙලෙසින් සමරනු ලබන්නේ 76 වන ජාතික නිදහස් උත්සවයයි. “හදමු අලුත් රටක්” යන්න මෙවර සැමරුම් උළෙලේ තේමාවයි. ගාලු මුවදොර පිටියේ දී පැවති ජාතික නිදහස් දින සැමරුම් උත්සවය සඳහා විදේශීය තානාපතිවරුන්, රාජ්‍ය නියෝජිතයින් ඇතුළු සම්භාවනීය ආරාධිතයින් රැසක් සහභාගි වූ අතර ප්‍රධාන ආරාධිතයා ලෙස තායිලන්ත අග්‍රාමාත්‍ය ස්‍රෙතා තවිසින් මහතා (Srettha Thavisin) සහභාගි වුණා.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සම්ප්‍රාප්තියත් සමග නිදහස් දින සැමරුම් උත්සවයේ කටයුතු ආරම්භ විය. ජාතික ගීය ගායනයෙන් සැමරුමේ කටයුතු නිල වශයෙන් ඇරඹිණි.

    ජාතිය වෙනුවෙන් දිවි පිදු විරුවන් සිහිකිරීම වෙනුවෙන් විනාඩි 2ක නිහඬතාවක් ද පැවැත්විණි. ජනාධිපතිවරයා වෙනුවෙන් ත්‍රිවිධ හමුදා උත්තමාචාරය හා ආචාර වෙඩි මුර 21ක් පිරිනැමුණේ ඉන් අනතුරුවයි.

    76 වන ජාතික නිදහස් දින සමරුවේ ආචාර පෙළපාලිය ආරම්භ කරමින් ත්‍රිවිධ හමුදාව හා පොලිස් නිලධාරිහු ජාතික ධජ රැගෙන පළමුව ගමන් කළ අතර ගුවන් හමුදා ප්‍රහාරක යානා සහ හෙලිකොප්ටර් යානා ගාලුමුවදොර ඉහළ අහසේ පියාසර කරමින් 76 වන ජාතික නිදහස් දින සැමරුමට සිය ආචාරය පුද කළේය.

    එමෙන්ම ත්‍රිවිධ හමුදා හා පොලිස් විශේෂ කාර්ය බළකායේ පැරෂූට් සන්දර්ශනය ජාතික නිදහස් උලෙළ වර්ණවත් කළ අතර ඉන් අනතුරුව දේශීය සංස්කෘතිකාංග ඇතුළත් නර්තන සංදර්ශනයක් ද පැවැත්විණි.

    76 වන ජාතික නිදහස් දින සමරුව අවසන් කෙරුණේ, ජාතික ගීය දෙමළ බසින් ගායනා කිරීමෙන් අනතුරුවයි.

    ගාලුමුවදොර පැවති 76 වැනි නිදහස් දින ජාතික සැමරුම් උත්සවයේ සජීවී විකාශය මෙතනින්. ඒ පිළිබඳ වාර්තාවක් මෙතනින්.

    අද කොළඹ පැවැත්වෙන නිදහස් සැමරුම් උළෙලට සමගාමීව දිස්ත්‍රික් ලේකම් කොට්ඨාස, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ ග්‍රාම නිලධාරී කොට්ඨාසවල ද වැඩසටහන් රැසක් සංවිධාන කර තිබු අතර දිවයින පුරා ආගමික වැඩසටන් රැසක් ද සංවිධානය කර තිබුණේ මෙලෙසින්.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok | WhatsApp

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, “මෙරට නිදහස් සැමරුම් අවලංගු කෙරෙන බවට රජය තීරණය කර ඇති බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් අසත්‍යයි. එවැනි තීරණයක් ගෙන නොමැති අතර අද(04) දිනයේ මෙරට 76 වන නිදහස් දින සමරනු ලැබූ අතර එම සටහනින් දැක්වෙන්නේ 2022 දෙසැම්බර් ටැන්සානියාවේ ජාතික නිදහස් උත්සව සැමරුම අවලංගු කිරීමක් සම්බන්ධයෙන් පුවතකි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2024-02-04

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.