Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    FACT CHECK: ගුරු වර්ජනයට ගෙදරින් ආ ගුරුවරිය ගුරුවරයෙකු සමග ලැගුම් හලක සිට සැමියාට අසුවූ බවට පුවත් පත් ලිපියක්?

    2021-08-06
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දේශපාලනික සහ සමාජීය හේතුන් මත සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු පැතිරවීමට ඇතැමුන් ප්‍රසිද්ධ මාධ්‍ය ධාරාවන්හි පුවත් ආකෘති භාවිතා කරනු අපට පසුගිය කාලය පුරාවටම අපට දැක ගන්නට ලැබුණා. එලෙස ප්‍රධාන පුවත් මාධ්‍යක දැක්වූ ප්‍රවෘත්තියක් ලෙසට හඟවමින් ජනතාව නොමග යැවීම

    දේශපාලනික සහ සමාජීය හේතුන් මත සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු පැතිරවීමට ඇතැමුන් ප්‍රසිද්ධ මාධ්‍ය ධාරාවන්හි පුවත් ආකෘති භාවිතා කරනු අපට පසුගිය කාලය පුරාවටම අපට දැක ගන්නට ලැබුණා. එලෙස ප්‍රධාන පුවත් මාධ්‍යක දැක්වූ ප්‍රවෘත්තියක් ලෙසට හඟවමින් ජනතාව නොමග යැවීමට ක්‍රියා කළ තවත් අවස්ථාවක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ.

    සමාජ මාධ්‍ය සටහන් :

    ‘සනීප නෑ – saneepa na’ නම් ෆේස්බුක් පිටුවේ “ඉල්ලිම් දෙයි දැං මිනිහා 😂😂” යනුවෙන් සඳහන් කරමින් පුවත්පතක පළ වූ වාර්තාවකින් ලබාගත් ඡායාරූපයක් බවට හඟවමින් ඡායාරූප සටහනක් එක් කර තිබුණා. 

    පුවත්පත් ලිපියේ සිරස්තලය ලෙස දක්වා තිබුනේ “ගුරු වර්ජනයට ගෙදරින් ආ ගුරුවරිය ගුරුවරයෙකු සමග ලැගුම් හලක සිට සැමියාට අසුවෙයි” යනුවෙනි

    “ගුරු – විදුහල්පති වැටුප් විෂමතා වර්ජනයට සඳහා සහභාගී වූ ගම්පහ ප්‍රදේශයේ 31 හැවිරිදි ගුරුවරියක් ඇය සේවයේ නියතු පාසලේ වෙනත් ගුරුවරයෙකු….”

    “සැමියා ලබා දුන් දුරකථන ඇමතුම් මග හැරීම නිසා සැක පල වූ පසු ඇයගේ මිතුරු ගුරුවරියක් මාර්ගයෙන් තොරතුරු ලබා ගෙන ඔවුන් දෙදෙනා….” ලෙස ද එම පුවත් පත් වාර්තාවේ සඳහන් වී තිබු බව දක්වා තිබුනේ මෙලෙසින්


    Facebook | Archived Link

    මෙම සටහන ෆේස්බුක් සමාජ මාධ්‍ය වෙතට යොමු කර පැය 3 ක් වැනි කෙටි කාලයක් තුළ 1500ක් පමණ ෆේස්බුක් පරිශීලිකයන් අතර හුවමාරු කර ගෙන තිබෙනවා. බොහෝ දෙනෙක් මෙම සටහන් වෙත ප්‍රතිචාර ලබාදෙමින් මෙය ව්‍යාජ සංස්කරණයක් බවට ද හඳුන්වා දී තිබුණා.

    සමාජ මාධ්‍ය ඔස්සේ මෙම සටහන සංසරණය වී තිබුණේ මෙලෙසින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ මෙම සටහන නිරීක්ෂණයේදී දැක ගැනීමට හැකි වන්නේ, මෙම පුවත් ලිපියේ සම්පුර්ණ වාර්තාවක් දැක ගන්නට ලැබෙන්නේ නැති බවයි. මෙහි සම්පූර්ණ වාර්තාව දක්වා නොතිබීමත් එම පුවත් පත් ලිපිය සකසා ඇති ආකාරයත් පරීක්ෂා කිරීමේ දී මෙය බැලු බැල්මටම සංස්කරණය කරන ලද ලිපියක් බව පෙනී යනවා. 

    කෙසේ වෙතත් අප මෙවැනි පුවතක් ප්‍රධාන මාධ්‍ය පුවත් පත් වල පළ වී ඇත්දැයි අප නිරීක්ෂණයට ලක් කළ අතර එවැනි පුවතක් පසුගිය දින කිහිපයේ දී අපට දැක ගන්නට ලැබුනේ නැහැ.

    එමෙන්ම මෙහි සඳහන් මාධ්‍යවේදී ඉන්දික හේවාවිතාරණ මහතා සේවය සපයන ‘අද’ පුවත් පතේ මෙවන් පුවතක් පළ වී ඇත්දැයි ගුරුවර්ජනය පිළිබඳ මෑතක පළ වූ පුවත් වාර්තා සම්බන්ධයෙන්ද අපගේ අවධානය යොමු වූ අතර මෙවැනි පුවතක් එහිදී දැක ගන්නට ලැබුනේ නැත.

    අද පුවත්පතේ ඉන්දික හේවාවිතාරණ මහතාගේ නමින් පළවූ අද (අගෝස්තු 06 වැනිදා) පළවූ ලිපියක් පහතින්.

    එසේම පසුගිය දින කිහිපයේ ම අද පුවත්පතේ ලිපි පරීක්ෂා කිරීමේ දී දැකගනන්ට ලැබුනේ සිරස්තල බොහෝ විට ඉහත ආකාරයේ අක්ෂර යටතේ පළවී තිබුණු බවයි. එය සාමජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ සටහනේ සිරස්තලයේ අක්ෂර වින්‍යාසයට වඩා වෙනස් විය.

    එසේම පිටු සැකසීමේ දී ද සිරස්තලයන්, සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ සටහනේ දැක්වුණු ආකාරයට වෙනත් වර්ණයක පසුබිමක (Black Reverse) දැකගන්නට ලැබුනේ අඩුවෙන් බවත් පෙනී ගියා.

    අප වැඩි දුරටත් තොරතුරු තහවුරු කර ගැනීම සඳහා ‘අද’ පුවත්පතේ ප්‍රවෘත්ති අංශයේ කතෘගෙන් විමසීමක් කළ අතර ඒ මහතා තහවුරු කර සිටියේ මාධ්‍යවේදී ඉන්දික හේවාවිතාරණ මහතා එම පුවත් පතේ මාධ්‍යවේදීයෙක් වූ නමුත් ඔහු මෙවැනි ලිපියක් පළ කර නොමැති අතර ‘අද’ පුවත් පතේ ද මෙවැනි පුවතක් පළ නොවූ බවයි. “අද” පුවත්පතේ ලිපියක් බව හැඟවන ආකාරයෙන්, සම්පූර්ණයෙන්ම ව්‍යාජ ලෙස සැකසූ පුවතක් බව ඒ මහතා තහවුරු කර සිටියා.

    ගුරු-විදුහල්පති වැඩුප් විෂමතා හේතුවෙන් දිවයින පුරා ව්‍යාප්ත වන ගුරු උද්ඝෝෂණය හේතුවෙන්, ජනතාව නොමග යැවීම උදෙසා, පුවත් මාධ්‍යවේදියෙකුගේ නම යොදා ගනිමින්, ප්‍රධාන පුවත් මාධ්‍යක පළ වූ පුවතක් බවට හැඟවීමට මෙම ව්‍යාජ සංස්කරණ ඔස්සේ උත්සාහ දරා තිබෙන බව පිළිබිඹු වෙයි.

    Also Read: Fact Check: ලංකාදීප පුවත්පතේ පළවූ ලිපියක ආකාරයෙන් හුවමාරු වූ ව්‍යාජ පුවත් සංස්කරණයක්!

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයට අනුව සඳහන් කළ හැක්කේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඉහත සටහන ව්‍යාජ ලෙස සැකසූ පුවත් සංස්කරණයක් බවයි. ජනතාව නොමග යැවීම සඳහා ‘අද’ පුවත්පතේ මාධ්‍යවේදියෙකුගේ නම යොදා ගනිමින් ‘අද’ පුවත්පත විසින් පළ කළ පුවතක් බවට හුවා දැක්වීමට කටයුතු කර ඇති බව පෙන්වා දිය හැක.

    FACT CHECK: බදුල්ල පොලීසියේ නිලධාරීන් ස්වයං නිරෝධායනට ලක්වූ පුවතක සිරස්තලයේ ව්‍යාජ සංස්කරණයක්!

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SG

    Sara Gunaratne

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-08-06

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.