Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK: ලංකාවේ තියෙන්නේ කාබනික පොහොර මාෆියාවක් යනුවෙන් නලින්ද ජයතිස්ස පැවසුවාද?

    2021-06-28
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    රටේ සිදුවන කාලීන තොරතුරු උපයෝගී කරගනිමින් ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් සිදු කළ බවට ව්‍යාජ ප්‍රකාශ වරින් වර සමාජ මාධ්‍ය ඔස්සේ ඉස්මතු වෙනවා අපට සුලබව දැකගන්නට ලැබෙනවා. මේ දිනවල කාබනික පොහොර සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇති මොහොතක ජ.වි.පේ සාමාජික වෛද්‍ය න

    රටේ සිදුවන කාලීන තොරතුරු උපයෝගී කරගනිමින් ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් සිදු කළ බවට ව්‍යාජ ප්‍රකාශ වරින් වර සමාජ මාධ්‍ය ඔස්සේ ඉස්මතු වෙනවා අපට සුලබව දැකගන්නට ලැබෙනවා.

    මේ දිනවල කාබනික පොහොර සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇති මොහොතක ජ.වි.පේ සාමාජික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කාබනික පොහොර මාෆියාවක් සම්බන්ධයෙන් පුවත්පතකට කළ ප්‍රකාශයක් යැයි සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ලිපියේ නිරවද්‍ය සොයා අප කළ විමර්ශනය පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    Elvina Joseph නමැති ෆේස්බුක් ගිණුමක එක් කර තිබුණේ ජ.වි.පෙ වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් පැවසූ ප්‍රකාශයක් බවට හඟවමින් පුවත් පතක දැක්වූ ලිපියක්. එම ලිපියේ දැක්වුණේ, “ලංකාවේ තනිකරම තියෙන්නේ කාබනික පොහොර මාෆියාවක්.. මගේ වෛද්‍ය විද්‍යාත්මක දැනුම අනුව නම් රසායනික පොහොර නිසා අද වෙන්කළ ජීවිත හානි සිදු වී ඇති බවට සාක්ෂි නෑ” යනුවෙන් පළ වූ ශීර්ෂ පාඨයකි.

    Facebook | Archived Link

    සමාජ මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය රැගත් සටහන් සංසරණය වී තිබූ අයුරු

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    අප ප්‍රථමයෙන් ලංකා සති අන්ත ජාතක පුවත්පතේ වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ මෙම ශීර්ෂ පාඨය රැගත් පුවත් ලිපියක් පළ වූවාද යන්න නිරීක්ෂණයක් සිදු කළා.

    එහිදී ලංකා පුවත්පතේ එවන් පුවතක් වාර්තා නොවුණූ බවට නිරීක්ෂණයට ලක්වුණා.

    මේ සම්බන්ධයෙන් තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා අප ලංකා පුවත් පතේ කතෘවරයාගෙන් විමසීමක් සිදු කළ අතර ඒ මහතා සඳහන් කළේ, ලංකා පුවත් පතේ මෙලෙසින් පුවතක් වාර්තා නොකළ බවයි. සමාජ මාධ්‍යයේ මෙම පුවත ලංකා පුවත් පතේ පළ වූ බවට දක්වා ඇති සටහන් තමන්ගේ අවධානයටද ලක් වූ බවත් එම පුවත අසත්‍ය බවයි ඔහු තවදුරටත් සඳහන් කළේ.

    ඉන් අනතුරුව අප මෙම ලිපියේ ශිර්ෂ පාඨයට අමතරව ලිපියේ ඉතුරු කොටස සඳහා අවධානය යොමු කළ අතර ඒ සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී පෙනී ගියේ එම කොටස 2021 ජූනි 15 වන දා BBC සිංහල පුවත් වෙබ් අඩවියේ, “රසායනික පොහොර තහනම: කාබනික පොහොර ආනයනය රසායනික පොහොර භාවිතයට වඩා භයානක වෙයිද ?” යනුවෙන් පළ වූ වාර්තාවෙන් උපුටා ගත් කොටසක් මෙලෙස ව්‍යාජ ලෙස සංස්කරණය කර ඇති බවයි.

    එමෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ පුවත් පතේ ලිපියේ ලංකා සති අන්ත පුවත්පතේ කතෘවරයෙක් වන ලසන්ත වීරකුලසූරිය මහතා දක්වා තිබුණ ද ඉහත සත්‍ය BBC වෙබ් වාර්තාවේ කතෘ වූයේ ෂර්ලි උපුල් කුමාර මහතායි.

    එම BBC වාර්තාව පහතින්.

    bbc.com | Archived Link

    BBC සත්‍ය වාර්තාව සහ ව්‍යාජ ලෙස සැකසූ ලංකා පුවත් වාර්තාවක් ලෙසට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්පේ පළ වූ ලිපියේ සංසදනය පහතින්.

    වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාද සඳහන් කළේ ද තමන් ලංකා පුවත්පතට එවන් ප්‍රකාශයක් සිදු නොකළ බවයි.

    Conclusion (අවසාන නිගමනය):

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දිය හැක්කේ ජ.වි.පෙ සාමාජික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කාබනික පොහොර මාෆියාවක් සම්බන්ධයෙන් ලංකා සති අන්ත පුවත්පතකට ප්‍රකාශයක් කළ බවට දැක්වෙන සටහන් අසත්‍ය බවයි. 

    ලංකා පුවත්පතේ කතෘවරයා මෙන්ම වෛද්‍ය නලින් ජයතිස්ස මහතාද ඒ බව සනාථ කළ අතර BBC සිංහල පුවත් වෙබ් අඩවියේ පළ වූ වාර්තාවක පළ වූ කොටසක් උපුටාගෙන, ලංකා පුවත්පතේ ආකෘතියක් යොදා ගනිමින් මෙම ව්‍යාජ පුවත් ලිපිය නිර්මාණය කර තිබේ.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SG

    Sara Gunaratne

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-06-28

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.