Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK: කසිප්පු නිෂ්පාදකයන් ආර්ථිකයේ ප්‍රධාන කොටස්කරුවන් කරන බවක් ප්‍රසන්න රණවීර පැවසුවා ද?

    2021-04-17
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    පුවත්පත් ලිපි සංස්කරණය කරමින් ව්‍යාජ පුවත් නිරන්තරයෙන්ම පළවනු අපට දැකගන්නට ලැබෙනවා. ඒවා අතර සූක්ෂම සංස්කරණ තිබෙන අතර ඇතැම් අවස්ථාවල පැහැදිලිවම සංස්කරණය කරන ලද සටහන් බවද පෙනී යනවා. පසුගිය කාලයේදී එසේ සංස්කරණය කරමින් පළවූ ව්‍යාජ සටහන් පිළිබඳව අප සිදු කළ කරු

    පුවත්පත් ලිපි සංස්කරණය කරමින් ව්‍යාජ පුවත් නිරන්තරයෙන්ම පළවනු අපට දැකගන්නට ලැබෙනවා. ඒවා අතර සූක්ෂම සංස්කරණ තිබෙන අතර ඇතැම් අවස්ථාවල පැහැදිලිවම සංස්කරණය කරන ලද සටහන් බවද පෙනී යනවා. පසුගිය කාලයේදී එසේ සංස්කරණය කරමින් පළවූ ව්‍යාජ සටහන් පිළිබඳව අප සිදු කළ කරුණු විමර්ශන මෙතනින්.

    මේ ආකාරයටම පසුගිය දා දිවයින පුවත්පතට රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පැවසු බවට උපහාසාත්මක කෝණයකින් පළවූ සංස්කරණක් ද අපට හමුවුනා. අප ඒ පිළිබඳව සිදුකළ කරුණු විමර්ෂණය පහතින්.

    සමාජ මාධ්‍ය සටහන්:

    “කසිප්පු නිෂ්පාදකයන් රටේ ආර්ථිකයේ ප්‍රධාන කොටස්කරුවන් කරනවා” යනුවෙන් රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පුවත්පතකට පැවසු බවට සටහනක් ෆේස්බුක් ඔස්සේ ඔස්සේ හුවමාරු වී තිබුනේ මෙලෙසින්.

    Facebook | Archived

    උපහාසාත්මක කෝණයකින් පළවී තිබු මෙම සටහන කිහිපදෙනෙක් අතරේම හුවමාරු වී තිබු අතර WhatsApp ඔස්සේ හුවමාරු වී තිබුණා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

     අප්‍රේල් මස 10 වැනි දිවයින පුවත්පතේ 13 වැනි පිටුවේ ප්‍රසන්න රණවීර රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශය සහිත මුල් පුවත පලවී තිබෙනු අපට දැකගන්නට ලැබුණා. එහි සිරස්තලයේ දක්වා තිබුනේ “හස්ත කර්මාන්ත ශිල්පීන් රටේ ආර්ථිකයේ ප්‍රධාන කොටස්කරුවන් කරනවා” යනුවෙනි. 

    එසේම එහි අමාත්‍යවරයාගේ ඡායරුපයට පහතින් දක්වා තිබුනේ “කතරගම – හික්කඩුව සීගිරිය – බේරුවල ලක් ශිල්ප මධ්‍යස්ථාන 100ක් පිහිටුවනවා” යනුවෙනි. එම පුවත පහතින්

    එම දිවයින පුවත්පතේ පළවූ මුල් පුවත සහ සංස්කරණය කරන ලද පුවතේ සංසන්න්දයක් පහතින්.

    Conclusion (අවසාන නිගමනය)

    මේ අනුව අපගේ කරුණු විමර්ශණයෙන් පැහැදිලි වන්නේ “හස්ත කර්මාන්ත ශිල්පීන් රටේ ආර්ථිකයේ ප්‍රධාන කොටස්කරුවන් කරනවා” යන තේමාව යටතේ පළ වී තිබෙන්නේ ප්‍රසන්න රණවීර අමාත්‍යවරයා සම්බන්ධයෙන් “හස්ත කර්මාන්ත ශිල්පීන් රටේ ආර්ථිකයේ ප්‍රධාන කොටස්කරුවන් කරනවා” යන සිරස්තලයෙන්  දිවයින පුවත්පතේ පළවූ ලිපියේ උපහාසාත්මක කෝණයකින් සිදුකරන කරන ලද සංස්කරණයක් බවයි.

    .container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
    Avatar

    Title:කසිප්පු නිෂ්පාදකයන් ආර්ථිකයේ ප්‍රධාන කොටස්කරුවන් කරන බවක් ප්‍රසන්න රණවීර පැවසුවා ද?

    Fact Check By: Sahan Perera 

    Result: Altered

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-04-17

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.