Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK: පොල්තෙල් වෙනුවට මාගරින් යොදා ගන්නා ලෙස ශෙහාන් සේමසිංහ පුවත්පතකට පැවසුවාද?

    2021-04-19
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    පසුගිය දිනවල පිළිකා කාරක පොල්තෙල් තොගයක් මෙරටින් හමුවීමත් සමග පොල් තෙල් භාවිතය පිලිබඳව විශාල කතිකාවතක් රට තුල ඇති විය.මෙම කරුණ දේශපාලන වේදිකා වලද බොහෝ සෙයින් කතිකාවට ලක්වුණා. මේ අතර රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා විසින් පොල්තෙල් සම්බන්ධව පුවත්පතකට සිද

    පසුගිය දිනවල පිළිකා කාරක පොල්තෙල් තොගයක් මෙරටින් හමුවීමත් සමග පොල් තෙල් භාවිතය පිලිබඳව විශාල කතිකාවතක් රට තුල ඇති විය.මෙම කරුණ දේශපාලන වේදිකා වලද බොහෝ සෙයින් කතිකාවට ලක්වුණා.

    මේ අතර රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා විසින් පොල්තෙල් සම්බන්ධව පුවත්පතකට සිදු කලා යැයි කියන ව්‍යාජ ප්‍රකාශයක් සමාජ මාධ්‍ය තුල සංසරණය වන ආකාරය අපට දැකගන්නට ලැබුනා. ඒ පිලිබඳ අපගේ විමර්ෂණය පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    පොල් තෙල් විස සහිත නම් ඒ වෙනුවට මාජරින් භාවිතයට ගන්නා ලෙස ශෙහාන් සේමසිංහ මහතා විසින් පුවත්පතකට ප්‍රකාශයක් ලබා දී ඇති බවට  ප්‍රසාද් සන්ජීව නම් අයෙකු විසින් සටහනක් පළකර තිබුණා. පුවත්පතක පළවූ ලිපියක සිරස්තලයේ “පොල්තෙල් විස සහිත නම් මාගරින් පාවිච්චියට ගන්න” යනුවෙන් දක්වා තිබු ආකාරයක් එහි පෙන්වා තිබුණා.

    Facebook | Archived

    මෙම පුවතම  බොහෝ දෙනෙකු ෆේස්බුක් තුල හුවමාරු කර තිබුනේ පහත අයුරෙන්.

    Facebook | Archived    Facebook | Archived

    සත්‍ය ලෙසම අමාත්‍යවරයා මෙවැනි ප්‍රකාශයක් පුවත්පතකට සිදු කලාද යන්න අප සොයා බැලුවා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මේ ආකාරයට හුවමාරු වන පුවත්පත් සටහන සහිත කොටසේ ශීර්ශ පාඨය සහිත කොටස පමණක් පෙනෙන්නට ඇති අතර විස්තරය සහිත කොටස බොඳ කරමින් පළ කර තිබෙනවා. අප මෑතක ෂෙහාන් සමරසිංහ මහතා සම්බන්ධව පළ කර ඇති පුවත් පත් සටහන් පරීක්ශා කර බැලූ අතර ඒ කිසිවක මේ ආකාරයේ පුවතක් දකින්නට ලැබුනේ නෑ.

    අප රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතාගේ නිල ෆේස්බුක් පි‍ටුව පරීක්ශා කල අතර ඔහු විසින් 2020/01/17 වන දින දිවයින පුවත්පතට සිදු කල ප්‍රකාශයක් සහිත පුවත් පත් සටහනක් දැකගන්නට ලැබුනා. එම ලිපිය සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ලිපියේ ආකෘතිය හා සමාන බව ද පෙනී ගියා.

    එම පුවත්පත් ලිපියට අනුව ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කර ඇත්තේ “ජනතා සේවය තේරුම් ගත් අය පාර්ලිමේන්තුවට යැවීම ජනතා යුතුකමක් ” ලෙසයි.

    Facebook  Archived

    මේ අනුව ඉහත ලිපියේ ශීර්ෂ පාඨය “පොල්තෙල් විශ සහිත නම් මාගරින් පාවිච්චියට ගන්න” ලෙස වෙනස් කරමින් ව්‍යාජ සටහන් සකස් කර ඇති බවට අපට මෙයින් තහවුරු වෙනවා.

    කෙසේවෙතත් ඉහත ආකාරයේ ප්‍රකාශයක් රාජ්‍ය අමාත්‍යවරයා සිදුකර කර ඇතිද යන්න අප සොයා බැලුවා. විශ සහිත පොල්තෙල් මෙරටට ගෙන්වීම බරපතල තත්වයක් බවත් වරදකරුවන්ව ආරක්ෂා කරන්න රජයට පුළුවන්කමක් නැති බවත් ඔහු මාධ්‍ය වෙත කරුනු දක්වා සිටින ආකාරය අපට මෙසේ දැකගන්නට ලැබුනා.

    එමෙන්ම ඔහු විසින් තවත් අවස්ථාවකදී මේ පිලිබඳව අදහස් දක්වා ඇති අයුර අපට මෙසේ දැකගන්නට ලැබුනා. එම අවස්ථාවේ ද ඔහු ප්‍රකාශ කර සිටින්නේ මිනිස් පර්භෝජනයට නුසුදුසු පොල්තෙල් වෙලඳපලට එක් නොකිරීමට රජය වග බලාගෙන ඇති බවක්.

    මේ අනුව පොල්තෙල් වෙනුවට මාගරින් භාවිතයට ගන්නා ලෙස ශෙහාන් සේමසිංහ මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබු අයුරු අපට දැකගන්නට ලැබුනේ නැහැ.

    පැරණි පුවත්පත් ලිපි මෙලෙසින් සංස්කරණ කරමින් ව්‍යාජ පුවත් හුවමාරු කරගැනීම පසුගිය දින කිහිපයේම දැක ගන්නට ලැබුණු අතර අමාත්‍ය විමල් වීරවංශ මහතා සම්බන්ධයෙන් ද මෙසේ පැරණි පුවත්පත් ලිපියක් යොදාගනිමින් සිදුකළ සංස්කරණක් පිලිබඳ අප සිදුකළ විමර්ෂණය මෙතනින්.

    Conclusion (අවසාන නිගමනය)

    ඉහත කරුණු අනුව සලකා බලන කල පොල්තෙල් විශ සහිත නම් මාගරින් පාවිච්චියට ගන්න ලෙස ප්‍රකාශයක් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා විසින් මෑතකදී පුවත්පතකට ප්‍රකාශ කර නොමැති බව ඇති බව පෙනී යනවා.

    ඒ අනුව එසේ ප්‍රකාශයක් සිදු කර ඇති බවට ෆේස්බුක් වෙත එකතු කර ඇති සටහන 2020 ජනවාරි මස දිවයින පුවත්පතක පළවූ ෂෙහාන් සේමසිංහ මහතාගේ ලිපියක් සංස්කරණය කරමින් පළවූ ව්‍යාජ සටහනක් බව අපට තහවුරු කර හැකියි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-04-19

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.