Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK: පාඨලී චම්පික රණවක මහතා සිදුකල ප්‍රකාශයක් බව පෙන්වන ව්‍යාජ සංස්කරණයක්

    2020-12-04
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    පුවත්පත් කොටස් සංස්කරණය කරමින් පළවන ව්‍යාජ සටහන් අපට බොහෝ අවස්තවවලදී අපට දැකගනන්ට ලැබෙනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අලලා පළවූ එවැනි සංස්කරණයක් පිලිබඳ අප පසුගියදා කරුණු අනාවරණය කලේ මෙලෙසින්. මේ ආකාරයෙන්ම ව්‍යාජ සංස්කරණයක් ලංකාදීප පුවත්පත යොදාගනිමින

    පුවත්පත් කොටස් සංස්කරණය කරමින් පළවන ව්‍යාජ සටහන් අපට බොහෝ අවස්තවවලදී අපට දැකගනන්ට ලැබෙනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අලලා පළවූ එවැනි සංස්කරණයක් පිලිබඳ අප පසුගියදා කරුණු අනාවරණය කලේ මෙලෙසින්.

    මේ ආකාරයෙන්ම ව්‍යාජ සංස්කරණයක් ලංකාදීප පුවත්පත යොදාගනිමින් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අලලා පසුගියදා සිදු කර තිබුණා

    සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහන්:

    “මගේ ජයග්‍රණය තහවුරු කරේ දෙමළ මුස්ලිම් ඡන්ද.. ඒ ජනතාවට මාව විශ්වාසයි – පාඨලී චම්පික රණවක” යන සිරස්තලයෙන් ලංකාදීප පුවත්පතක ලිපියක් පළකර තිබු ආකාරයක් සමාජ මාධ්‍ය සටහන් කිහිපයක මෙසේ දක්වා තිබුනා.

    FacebookArchived Link
    FacebookArchived Link

    මෙම පුවත සංස්කරණයක් බවට ප්‍රතිචාර ද කිහිපයක් ම දක්නටද ලැබුණි

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මෙම පුවත් වැඩි දුරටත් තහවුරු කර ගැනීම සඳහා එම සටහන පලවී තිබු 2020 දෙසැම්බර් මස 02 වැනිදා ලංකාදීප පුවත්පතේ මෙම පුවත පලවුනිදැයි අප සොයා බැලුවා. එහිදී අනාවරණය වුනේ මේ ආකාරයේ පුවතක් ලංකාදීප පුවත්පතේ සටහනක් පලව නැති බවයි. කෙසේ නමුත් එම කොටසට සමාන පුවතක් එම දිනයේම ලංකාදීප පුවත්පතේ 05 පිටුවේ වාර්තා කර තිබෙනවා. ලංකාදීප ඊ පුවත්පතට යොමුවන්න. Lankadeepa epaper

    “රාජ්‍ය සේවය දේශපාලනීකරණය කර හෑල්ලු කිරීමට ආණ්ඩුව කටයුතු කරලා..සුව සැරිය සේවක වැඩ තහනම අසාධාරණයි…පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක කියයි” යනුවෙන් සිරස්තලයක් යොදා පළවූ ලිපියක් සංස්කරණය කරමින් මෙම ව්‍යාජ පුවත් නිර්මාණය වී තිබු බව අපට එහිදී පෙනී ගියා.

    එම සංසන්දනය පහතින්

    Conclusion (අවසාන නිගමනය)

    ඉහත කරුනු අනුව සලකා බැලීමේදී අපට තහවුරු වන්නේ “මගේ ජයග්‍රණය තහවුරු කරේ දෙමළ මුස්ලිම් ඡන්ද.. ඒ ජනතාවට මාව විශ්වාසයි” යනුවෙන් පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කර ඇතැයි පැවසෙන පුවත ලංකාදීප පුවත්පතේ පළවූ ලිපියක කොටසක් සංස්කරණය කරමින් පලවී ඇති බවයි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    NM

    Nelson Mani

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-12-04

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.