Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    FACT CHECK: මෙරට හිටපු හමුදා ප්‍රධානියෙකුට පලස්තීනයේ යුද උපදේශක ලෙස ඉල්ලීමක් ලෙස හුවමාරු වන්නේ ව්‍යාජ ලිපියක්!

    2021-05-17
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    මේ දිනවල ඊශ්‍රායලය සහ පලස්තීනය අතර යුධ ගැ‍ටුම් වර්ධනය වී තිබෙනවා. ගාසා තීරය මූලික කරගනිමින් සිදුවන මෙම ගැ‍ටුම්කාරී තත්වය ලෝකයේ බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව ඇති අතර මෙරට බොහෝ දෙනෙකුද මෙම ගැ‍ටුම් පිලිබඳව විමසිල්ලෙන් පසු වන බව අපට පෙනෙන්නට තිබුනා.  මෙවන් පසුබි

    මේ දිනවල ඊශ්‍රායලය සහ පලස්තීනය අතර යුධ ගැ‍ටුම් වර්ධනය වී තිබෙනවා. ගාසා තීරය මූලික කරගනිමින් සිදුවන මෙම ගැ‍ටුම්කාරී තත්වය ලෝකයේ බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව ඇති අතර මෙරට බොහෝ දෙනෙකුද මෙම ගැ‍ටුම් පිලිබඳව විමසිල්ලෙන් පසු වන බව අපට පෙනෙන්නට තිබුනා. 

    මෙවන් පසුබිමක මෙම ඊශ්‍රායලය සහ පලස්තීනය අතර ගැටුම් පිලිබඳ දිගටම වාර්තාකරන මාධ්‍යවේදී කීර්ති වර්ණකුලසූරිය මහතා විසින් පළවූ ලිපියක් බවට ව්‍යාජ සංස්කරණයක් ද හුවමාරු වී තිබු අතර ඒ පිලිබඳ අපගේ විමර්ෂණය පහතින්.

    සමාජ මාධ්‍ය සටහන්:

    “හිටපු හමුදා ප්‍රධානියෙකුට පලස්තීනයෙන් ඇමතුමක්?” යන ශීර්ශය යටතේ මාධ්‍යවේදී කීර්ති වර්ණකුලසූරිය මහතා විසින් ලියන ලද පුවත්පත් ලිපියක් බව හඟවන සටහනක් ෆේස්බුක් මෙන්ම WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන අයුරු අපට නිරීක්ෂණය වුණා.

    තම්බපන්නි නම් ෆේස්බුක් පි‍ටුවක් විසින් පල කර තිබුනු පහත සටහනට අනුව මෙරට 30 වසරක යුද්ධය  නිමා කිරීමට ප්‍රධාන සාධකයක් වූ හිටපු හමුදා ප්‍රධානියෙකු වූ දැනට විපක්ශයේ දේශපාලනඤයෙකුට පලස්තීනයේ යුධ උපදේශක ලෙස සම්බන්ධ වන ලෙස ඉල්ලා ඇති බවක් එහි වාර්තා කර තිබුනා.

     Facebook | Archived

    ලබාදී තිබු තොරතුරු අනුව සරත් ෆොන්සේකා මහතා පිලිබඳව අදහස් වන බවක් මෙම පුවතෙන් හැඟවෙන අතර මෙම පුවතම තවත් ෆේස්බුක් පි‍ටු සහ පුද්ගලයන් පල කර තිබුනේ පහත අයුරින්.

    Facebook  Archived

    Facebook  Archived

    මේ පිලිබඳව වැඩි දුරටත් සොයා බැලීමට අප තීරනය කලා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මාධ්‍යවේදී කීර්ති වර්නකුලසූරිය මහතා ඊශ්‍රායල – පලස්තීන ගැටුම් පිලිබඳ සටහන් කිහිපයක් ම පසුගිය දින කිහිපයේ දිවයින පුවත්පතේ පළකර තිබුණ ද මෙබඳු පුවතක් එහි දැක ගන්නට ලැබුනේ නැහැ.

    එබැවින් මෙම පුවත්පත් සටහන ලියා ඇති බවට දක්වා ඇති මාධ්‍යවේදී කීර්ති වර්නකුලසූරිය මහතා ව අප සම්බන්ධ කර ගත්තා. ඔහුගෙන් අප කල විමසීමකදී ඒ මහතා අපට කියා සිටියේ මේ ආකාරයේ කිසිඳු පුවතක් ඔහු විසින් ලියා නොමැති බවයි.

    මේ දිනවල මෙන්ම මීට ඉහත කාලයේද ඊශ්‍රායල – පලස්තීන යුධ තත්වයන් පිලිබඳව පුවත්පත් සටහන් පල කර ඇතත් මේ ආකාරයේ කිසිඳු සටහනක් ලියා පල කර නොමැති බව ඔහු තහවුරු කර සිටියා.

    ඒ අනුව මෙම පුවත සම්පූර්නයෙන්ම ව්‍යාජ සංස්කරණයක් බව පැහැදිලි වෙනවා.

    සරත් ෆොන්සේකා මහතා හා සම්බන්ධ මේ ආකාරයේ පුවත් පළව ඇතිදැයි ද අප පරීක්ශා කර බැලුවා. නමුත් මේ හා සම්බන්ධ කිසිඳු පුවතක් අපට වාර්තා උනේ නෑ.

    කෙසේ නමුත් කිස්ම අවස්තාවක සරත් ෆොන්සේකා මහතා හෝ මෙරට ආරක්ශාව  සම්බන්ධ කිසිඳු ප්‍රධානියෙකුට පලස්තීනයේ යුධ උපදේශකවරයෙකු ලෙස කටයුතු කිරීමට ඉල්ලිම් ලැබී තිබෙන බවට වාර්තාවක් ප්‍රධාන මාධ්‍ය හරහා දැක ගන්නට ලැබුනේ ද නැහැ.

    FACT CHECK: පලස්තීනය වෙත ගුවන් ප්‍රහාර එල්ල කිරීමට සැරසෙන ඊශ්‍රායල් ගුවන් යානා පෙළක ඡායාරුපයක් ද?

    මහින්ද රාජපක්ෂ මහතා විසින් ඊශ්‍රායල – පලස්තීන දෙපාර්ශවයටම ගැටුම්කාරී තත්වය අවසන් කොටසහ සටන් විරාමයක් සඳහා සාකච්ඡා කරන ලෙස ඉල්ලමින් මෙසේ නිවෙදයනක් නිකුත් කර තිබුණා.

    Conclusion (අවසාන නිගමනය)

    ඉහත කරුනු අනුව සලකා බැලීමේදී අපට තහවුරු වන්නේ “හිටපු හමුදා ප්‍රධානියෙකුට පලස්තීනයෙන් ඇමතුමක්” ලෙස සටහන් තබමින් කීර්ති වර්නකුලසූරිය මහතා විසින් ලියන ලද බවට හුවමාරු වන ලිපිය සම්පුර්ණයෙන්ම ව්‍යාජ ලෙස සිදුකර තිබෙන සංස්කරණයක් බවයි.

    ඒ ආකාරයේ කිසිඳු ලිපියක් මාධ්‍යවේදී කීර්ති වර්නකුලසූරිය මහතා විසින් ලිය පුවත්පතක පළකර නොමැත.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-05-17

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.