Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    Fact Check: රුවන්පුර අධිවේගි මාර්ගයේ ඉදිකිරීම් අළලා පළවූ ව්‍යාජ සටහන් පෙළක්!

    2021-05-08
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    කාලීන පුවත් සම්බන්ධයෙන් ව්‍යාජ පුවත් නිරන්තරයෙන්ම නිර්මාණය වෙනු දැකගනන්ට ලැබෙනවා. පසුගිය දා රුවන්පුර අධිවේගි මාර්ගයේ පළමු අදියරේ ඉදිකිරීම් අගමැති ප්‍රධානත්වයෙන් ආරම්භ වීම පිලිබඳ පුවත් පළවීමත් සමඟම ඒ හා සම්බන්ධයෙන් ව්‍යාජ පුවත් කිහිපයක් ද පුවත්පත් ලිපි ආකා

    කාලීන පුවත් සම්බන්ධයෙන් ව්‍යාජ පුවත් නිරන්තරයෙන්ම නිර්මාණය වෙනු දැකගනන්ට ලැබෙනවා. පසුගිය දා රුවන්පුර අධිවේගි මාර්ගයේ පළමු අදියරේ ඉදිකිරීම් අගමැති ප්‍රධානත්වයෙන් ආරම්භ වීම පිලිබඳ පුවත් පළවීමත් සමඟම ඒ හා සම්බන්ධයෙන් ව්‍යාජ පුවත් කිහිපයක් ද පුවත්පත් ලිපි ආකාරයෙන් පලවී තිබුණා. 

    ජනතා විමුක්ති පෙරමුණේ බිමල් රත්නායක මහතා මෙන්ම ගම්පහ දිසා වන නිලධාරිනි දේවානි ජයතිලක මහත්මිය සම්බන්ධයෙන්මීට පෙර ද ව්‍යාජ සටහන් රැසක් පලවී තිබු අතර පසුගිය දිනවල හුවමාරු වූ ව්‍යාජ පුවත්පත් වාර්තා පිලිබඳ අපගේ විමර්ෂණය පහතින්.

    සමාජ මාධ්‍ය සටහන්:

    “රත්නපුරයට අධිවේගී මාර්ග හදන්නේ සමන් දෙයියන්ව කොළඹ වඩම්මන්නද” යන තේමාවෙන් හුවමාරු බිමල් රත්නායක මහතා සිදුකල පුවත්පත් ප්‍රකාශයක් ආකාරයෙන් පලවී තිබු සටහනක් පහතින්.

    Facebook | Archived  Facebook 

    කෙටි කාලයක් තුළ බොහෝ දෙනෙක් අතර හුවමාරු වී තිබු එම සටහන් පහතින්

    “රත්නපුරට පමණක් ආවේණික පැලෑටි වර්ග 4ක් අලුතින් හැදෙන අධිවේගී මාර්ගය නිසා අනතුරේ” යන තේමාවෙන් පළවූ පුවතක් ලෙස දක්වා තිබු සටහනේ දක්වා තිබුනේ දේවානි ජයතිලක ප්‍රමුඛ ස්වාධින පරිසරවේදීන් පසුගිය දා සිදුකරන ලද නිරීක්ෂණ චාරිකාවක දී එම කරුණු හෙළි කරගත් බවක්. පුවත්පතක පළවූ ලිපියක ආකාරයෙන් හුවමාරු වී තිබු එම වාර්තාව පහතින්

    Facebook | Archived

    පැලැටි වර්ග කිහිපයක ම විද්‍යාත්මක නම් ද සමඟ පළවූ එම  ඡායරුපය ෆේස්බුක් ඔස්සේ ද කිහිපදෙනෙක්ම හුවමාරු කරගෙන තිබුනේ මෙලෙසින්.

    මෙම පුවත්පත් වාර්තා දෙකම පළකර තිබුනේ සමන් කපිල යන රත්නපුර වාර්තාකරුවෙකු වශයෙන් ද දක්වා තිබුණා

    එසේම දේවානි ජයතිලක මහත්මිය සම්බන්ධයෙන් මීට සති කිහිපයක ට පෙර ද “කෙසෙල් ගසම කපා විනාස කිරීම වැළක්විය යුතුයි” යන තේමාවෙන් හුවමාරු වී තිබු සටහනකින් දක්වා තිබුනේ කෙසෙල් ගසක කැනක් හැදී වැදුනට පසුව ගොවියන් ගස කපා දමන්නේ එහි ඔක්ෂිජන් වටිනාකම පිළිබඳව අදහසක් නොමැතිව යනුවෙන්. 

    Facebook | Archived

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    සමන් කපිල යන රත්නපුර වාර්තාකරුවෙකුගේ මෙබඳු ලිපි දැකගනන්ට ලැබුනේ නැති බැවින් රුවන්පුර අධිවේගී මාර්ගයේ වැඩකටයුතු ආරම්භය සම්බන්ධයෙන් බිමල් රත්නායක මහතාගේ මෑතකදී පළවූ වාර්තා පිලිබඳ අප පරීක්ෂා කිරීමේ දී ඉහත පරිදි “රත්නපුරයට අධිවේගී මාර්ග හදන්නේ සමන් දෙයියන්ව කොළඹ වඩම්මන්නද” යන තේමාවෙන් කිසිඳු පුවතක් ප්‍රධාන පුවත් පත් ඔස්සේ පලවී තිබෙනු දැක ගන්නට ලැබුනේ නැහැ.

    මේ පිළිබඳව අප බිමල් රත්නායක මහතාගෙන් ද විමසා සිටි අතර ඒ මහතා ද මෙය සම්පුර්ණයෙන්ම අසත්‍ය පුවතක් බව තහවුරු කර සිටියා. 

    මෙම පුවත්පත් සංස්කරණය සඳහා යොදාගෙන තිබුනේ බිමල් රත්නායක මහතාගේ පුවත් වාර්තා කිරීම සඳහා නිරන්තරයෙන්ම යොදා ගන්නා ඡායාරුපයක් වන අතර 2019 වසරේ එම ඡායාරුපය යොදා ගනිමින් පළවූ පුවතක් මෙතනින්.

    දේවානි ජයතිලක මහත්මිය වෙත ද “රත්නපුරට පමණක් ආවේණික පැලෑටි වර්ග 4ක් අලුතින් හැදෙන අධිවේගී මාර්ගය නිසා අනතුරේ” යන තේමාවෙන් පළවූ පුවත යොමු කළ අතර එබඳු ප්‍රකාශයක් ඇය විසින් පවසා නැති බව තහවුරු කර සිටියා.

    එසේම එහි යොදාගෙන තිබු ඡායාරුපය ද පසුගිය වසරේ අගෝස්තු මස සිදුකරන ලද SLS1551: 2016 සහතිකයක් ලබා දීම සඳහා සිදුකර තිබු විගණනයක දී ලබාගෙන තිබු ඡායාරුපයක් බවත් එහි ඇයත් සමඟ සිටින ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නියෝජ්‍ය අධික්ෂිකා තෙරුනි විජේසුරිය මහත්මිය සමඟින් ද  තහවුරු කර පවසා සිටි අතර අදාළ විගණන සැලැස්ම පිලිබඳ වාර්තාවක් ද යොමු කළා.

    Biomass නම් ආයතනයේ ග්ලිරිසීඩියා නිෂ්පාදනය, එකතු කිරීම සහ ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් 2020 වසරේ අගෝස්තු මස සිදුවූ එම විගණනයෙන් පසුව අදාළ සහතිකය එම අවධියේ දී ලැබී තිබුණා.

    Biomass සමාගමේ ටීෂර්ට් එක පරීක්ෂා කිරීමේදී එය ඉහත සමාජ මාධ්‍යවල පරිදිම වූ බව ද පෙනී ගියා. 

    මේ අනුව මෙය පසුගිය දා රුවන්පුර අධිවේගී මාර්ගය ඉදිවන ප්‍රදේශයේ දේවානි ජයතිලක මහත්මිය ඇතුළු කණ්ඩායමක් සිදුකල ක්ෂේත්‍ර චාරිකාවක් නොව පුද්ගලික ආයතනයක ප්‍රමිති සහතිකයක් ලබාදීමේ අවකාශය පිලිබඳ සිදුකරන ලද විගණනයක දී ලබාගත් ඡායරුපක් බවද පෙනී යනවා.

    එසේම කෙසෙල් ගස කපා දැමීම සම්බන්ධයෙන් ද තමා විසින් සිදුනොකරන ලද ව්‍යාජ ප්‍රකාශයක් ද පුවත්පතක පළවූ ලිපියක ආකාරයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබු බව දේවානි ජයතිලක මහත්මිය අපට පවසා සිටියා.

    කෙසෙල් හසක් ඵල දැරීමෙන් පසුව කාලයකදී මිය යාම පිලිබඳ වාර්තා රැසක් දැකගන්නට පුළුවන්. එයට හේතු දක්වමින් පලවූ ලිපියක් මෙලෙසින්. වීඩියෝවක් මෙතනින් . ලෝක ආහාර සංවිධානය විසින් කෙසෙල් හසක් කපා එලදාව ලබාගන්නා ආකාරය පිළිබඳ වාර්තා කර තිබුනේ මෙලෙසින්

    Also Read:

    FACT CHECK: කෙසෙල් ගෙඩියේ නැට්ටේ පැහැයෙන් රසායන ද්‍රව්‍ය ඇතුලත් කර ඇති බවට කිව හැකිද?

    Conclusion (අවසාන නිගමනය)

    මේ අනුව අපගේ කරුණු විමර්ෂණයෙන් පැහැදිලි වන්නේ රුවන්පුර අධිවේගි මාර්ගයේ ඉදිකිරීම් අළලා බිමල් රත්නායක මහතා හා දේවානි ජයතිලක මහත්මිය විසින් සිදුකළ බවට පුවත්පත් වාර්තා පෙළක් බව හඟවමින් හුවමාරු වන්නේ ව්‍යාජ ලෙස නිර්මාණය කරන ලද සටහන් පෙළක්

    .container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
    Avatar

    Title:රුවන්පුර අධිවේගි මාර්ගයේ ඉදිකිරීම් අළලා පළවූ ව්‍යාජ සටහන් පෙළක්!

    Fact Check By: Sahan Perera 

    Result: False

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-05-08

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.