Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    මාලිමාවේ ආධාරකරුවන් ඇනකොටා ගත් අවස්ථාවක් ලෙස හුවමාරු වන පුවත් සංස්කරණයක්!

    2023-02-20
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මැතිවරණ සමයේ දක්නට ලැබෙන සංස්කරණ අතර පුවත්පත් හි පළවන හෝ ඒ ඇසුරෙන් පළවන රූපවාහිනී පුවත්හි වැඩසටන්හි ඡායාරුප සංස්කරණය කිරීම ප්‍රචලිත ක්‍රමයකි. එවැනි ව්‍යාජ පුවත් සංස්කරණයක් පිළිබඳ අප කරුණු

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    මැතිවරණ සමයේ දක්නට ලැබෙන සංස්කරණ අතර පුවත්පත් හි පළවන හෝ ඒ ඇසුරෙන් පළවන රූපවාහිනී පුවත්හි වැඩසටන්හි ඡායාරුප සංස්කරණය කිරීම ප්‍රචලිත ක්‍රමයකි. එවැනි ව්‍යාජ පුවත් සංස්කරණයක් පිළිබඳ අප කරුණු පෙන්වා දෙන්නේ මෙලෙසින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    “මාලිමා ආධාරකරුවා තමන්ගේ අපේක්ෂකයාටම කඩුවකින් කොටලා” යන සිරස්තලය යටතේ පුවතක් හුවමාරු වූ බවක් හඟවමින් ෆේස්බුක් සටහනක් හුවමාරු වී තිබුනේ මෙලෙසින්.

    Facebook | Archived  Facebook

    මෙම සටහන් ෆේස්බුක් ඔස්සේ සංසරණය වී තිබුණේ මේ අයුරින්.

    එසේම මෙම පසුබිම ම යොදාගනිමින් “බැසිල් සජිත් හොර සාකච්ඡාවක්.. ආණ්ඩුවේ ප්‍රබලයේකුගේ නිවසේ.. නාමල්, තිස්ස අත්තනායක, රංජිත් මද්දුමබණ්ඩාර එක්වෙයි” යන වදන් පෙළත් සමඟ ඡායාරුප සටහනක් කෙටි කාලයක් තුළ දෙදහසකටත් වැඩි පිරිසක් අතර හුවමාරු වී තිබුණා.

    Facebook | Archived

    එකම දිනයක පළවූ ‘දිනමිණ’ පුවතක් ඇසුරෙන් මේ ආකාරයේ විවිධ පුවත් පළවීම හේතුවෙන් අප එහි මුල් පුවත පිළිබඳ විමසිලිමත් වුණා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

    අප මුලින්ම සමාජ සටහන්හි දැක්වෙන පුවත, පෙබරවරි 16 බ්‍රහන්ස්පතින්දා දින ‘දිනමිණ’ පුවත්පතේ වාර්තා කර තිබු ආකාරය පරික්ෂා කළා. එහිදී අපට “මාලිමාවේ ආධාරකරුවෙකු විසින් තමන්ගේ අපේක්ෂකයෙකුට කඩුවකින් කොටලා” යන ශීර්ෂ පාඨයෙන් පුවතක් හමු නොවූ අතර වෙනත් වෙනත් පක්ෂයක ආධාරකරුවෙකු විසින් එවැනි ක්‍රියාවක් සිදු කළ බවට එම පුවත් පතේ මුල් පිටුවේ සිරස්තලයක “සජබ ආධාරකරුවා තමන්ගේ අපේක්ෂකයාටම කඩුවකින් කොටලා” යනුවෙන් දැක ගන්නට ලැබුණා.

    ගයාන් කුමාර වීරසිංහ මාධ්‍යවේදියා සපයා තිබු එම වාර්තාවේ දැක්වෙන්නේ “සමඟි ජන බලවේගයෙන් පඩුවස්නුවර ප්‍රාදේශීය සභාවට තරඟ කරන අපේක්ෂකයකුගේ පක්ෂ කාර්යාලයක් විවෘත කිරීමේ උත්සවයට ආරාධනා නොකළේ යැ යි උරණ වූ එම පක්ෂයේ ආධාකරකරුවෙක් පක්ෂ කාර්යාලයට කඩා වැදී අපේක්ෂකයා ඇතුළු තිදෙනකුට කඩුවකින් කොටා ඇතැයි කටුපොත පොලීසිය කියයි.” යනාදී වශයෙන්. සම්පුර්ණ පුවත පහතින්

    දිනමිණ | Archived

    පෙබරවාරි 16 වැනිදා පුවත හිරු ‘පත්තරේ විස්තරේ’ වැඩසටනේ එම පුවත ‘දිනමිණ’ සහ ‘ලංකාදීප’ පුවත්පත් උපුටමින් වාර්තා කර තිබු අවස්ථාව පහතින්.

    මේ අනුව ඉහත පුවත සංස්කරණය කරමින් සමාජ මාධ්‍ය සටහන් නිර්මාණය වී තිබෙන පැහැදිලියි. එම ඡායාරුප සැසඳීම පහතින්.

    එමෙන්ම අප මේ පිළබඳව තව දුරටත් තහවුරු කර ගැනීම සඳහා කටුපොත පොලීසියෙන් විමසීමක් කළ අතර ඔවුන් ද, තහවුරු කළේ, මාලිමා ආධාරකරුවෙකු නොව සජබ ආධාරකරුවෙකු විසින් ඔවුන්ගේ අපේක්ෂකයෙකුට කඩුවකින් කෙටූ සිදුවීමක් බවයි.

    එමෙන් ම “බැසිල් සජිත් හොර සාකච්ඡාවක්.. ආණ්ඩුවේ ප්‍රබලයේකුගේ නිවසේ.. නාමල්, තිස්ස අත්තනායක, රංජිත් මද්දුමබණ්ඩාර එක්වෙයි” යනුවෙන් දිනමිණ පුවත් පතේ මෙන් ම වෙනත් ප්‍රධාන මාධ්‍ය ධාරාවක හෝ පුවතක් වාර්තා වී නොතිබුණු බවට අපගේ නිරීක්ෂණයේදී තහවුරු වුණා.

    සැ.යු : එලෙස කුමන පක්ෂයක හෝ රහස් හමුවුක් සත්‍ය වශයෙන් ම සිදු වුණාද, නැද්ද යන්න වග අපට ස්වාධීනව සත්‍යාපනය කළහැකි කරුණක් නොවේ.

    Also Read: නිවසට පැමිණි මාලිමාවේ අපේක්ෂකයෙකු දුරකතනයක් පැහැර ගත් බවට පුවතක්?

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    ‘මාලිමා ආධාරකරුවා තමන්ගේ අපේක්ෂකයාටම කඩුවකින් කොටලා’ යනුවෙන් හුවමාරු වන්නේ ව්‍යාජ ලෙස සිදුකර තිබු පුවත් සංස්කරණයක්. පෙබරවාරි 16 ‘දිනමිණ’ පුවත්පත වාර්තා කරන්නේ ‘සජබ ආධාරකරුවා තමන්ගේ අපේක්ෂකයාටම කඩුවකින් කොටලා’ යනුවෙනි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2023-02-20

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.