Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    නිවසට පැමිණි මාලිමාවේ අපේක්ෂකයෙකු දුරකතනයක් පැහැර ගත් බවට පුවතක්?

    2023-02-15
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මැතිවරණ උණුසම පවතින සමයේ ව්‍යාජ පුවත් පැතිරවීමට යොදා ගන්නා උපක්‍රම අතර පුවත්පත් ලිපි අන්තරගත හෝ සිරස්තල සංස්කරණය කොට සිදුකරන ව්‍යාජ සටහන් ද විටින් විට දැක ගන්නට ලැබෙනවා. එවැනි පුවතක් පිළි

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    මැතිවරණ උණුසම පවතින සමයේ ව්‍යාජ පුවත් පැතිරවීමට යොදා ගන්නා උපක්‍රම අතර පුවත්පත් ලිපි අන්තරගත හෝ සිරස්තල සංස්කරණය කොට සිදුකරන ව්‍යාජ සටහන් ද විටින් විට දැක ගන්නට ලැබෙනවා. එවැනි පුවතක් පිළිබඳ අප කරුණු පෙන්වා දෙන්නේ මෙලෙසින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    “නිවසට පැමිණි මාලිමාවේ අපේක්ෂකයා ගෙහිමියාගේ දුරකතනය උස්සලා” යනුවෙන් ශීර්ෂ පාඨය සඳහන් කර තිබූ පුවත් පතක ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූයේ මෙලෙසින්.

    Facebook | Archived Link

    මෙම සටහන් ෆේස්බුක් ඔස්සේ සංසරණය වී තිබුණේ මේ අයුරින්.

    සත්‍ය වශයෙන්ම මෙවැනි පුවතක් වාර්තා වී තිබුණා ද යන්න පිළිබඳ විමසා බලන ලෙස අපට ලැබුණු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙහි නිරවද්‍යතාව විමසා බැලීමට අප කටයුතු කළා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

    ප්‍රධාන මාධ්‍ය ධාරා පුවත් පතක මෙවැනි පුවතක් වාර්තා වී තිබුණා ද, යන්න පිළිබඳ අප ප්‍රථමයෙන් ම පරීක්ෂා කළා. නමුත් “නිවසට පැමිණි මාලිමාවේ අපේක්ෂකයා ගෙහිමියාගේ දුරකතනය උස්සලා” යනුවෙන් ශීර්ෂ පාඨය රැගත් පුවතක් වාර්තා වී නොතිබුණි.

    කෙසේ වෙතත් ඉහත ඡායාරූප සටහන හොඳින් නිරීක්ෂණ කිරීමේදී දැක ගන්නට ලැබෙන්නේ, එම පුවතේ බොඳ අකුරු ලෙසින් සකසා තිබූ එහි අන්තර්ගතයේ ඇත්තේ මන්ද මානසික තරුණියක දූෂණය කිරීමේ පුවතක් වාර්තා කර ඇති බවත්, එම පුවත වාර්තා කර ඇත්තේ, ගයාන් කුමාර වීරසිංහ නමැති මාධ්‍යවේදීයෙකු බවයි.

    ඒ හේතුවෙන් Keyword ඔස්සේ කළ පරික්ෂාවේ දී දැක ගන්නට ලැබුණේ, “මන්ද මානසික තරුණියකට හදි කළ මාලිමාවේ අපේක්ෂකයා අත්අඩංගුවට” යනුවෙන් පුවත් පසුගිය 10 වන දා “දිනමිණ” පුවත් පතේ පුවතක් පළ වී ඇති බවයි. 

    එමෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ දක්වා තිබූ පුවතේ ඡායාරූපයේ දැක්වෙන පුවත් ආකෘතිය ද, එය වාර්තා කර තිබූ මාධ්‍යවේදියාගේ නම ද ඇතුළු කරුණු සමාන බවට අපට දැක ගන්නට ලැබුණා.

    Dinamina | Dinamina   Archived Link

    සංස්කරණය කර තිබූ ඡායාරූපය සහ සත්‍ය පුවත්පතේ ශීර්ෂ පාඨ අතර සංසන්දනය පහතින්.

    කෙසේ වෙතත් මෙම පුවත් වාර්තාව කළ ලේක්හවුස් ආයතනයේ මාධ්‍යවේදී ගයාන් කුමාර වීරසිංහගෙන් අප විමසා සිටියේ මාලිමාවේ අපේකෂකයෙකු දුරකතනය පැහැරගත් බවට පුවතක් පළ කර තිබුණා ද, යන්නයි. ඔහු සඳහන් කළේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන එම ශීර්ෂ පාඨය සහිත එවැනි පුවතක් තමන් විසින් නොලියූ බවත්, තමන් ‘දිනමිණ’ පුවත් පතට පළ කළ පුවතක් වන මන්ද මානසික තරුණියකට හදි කළ මාලිමාවේ අපේක්ෂකයෙකු සම්බන්ධයෙන් පළ කළ පුවතක් මෙලෙසින් සංස්කරණය කර ඇති බවයි.

    එමෙන්ම මෙම සිද්ධිය වාර්තා කර තිබූ ලෙස අකුරැස්ස පොලිස් ස්ථානාධිපතිගෙන් ද, අප විමසීමක් කළ අතර, ඔහු තහවුරු කළේ ද, මාලිමාවේ මැතිවරණ ප්‍රචාරණයට පැමිණි පුද්ගලයෙකු දුරකතනයක් සොරකම් කිරීම හේතුකොට ගෙන අත්අඩංගුවට ගත් බවට සිදුවීමක් වාර්තා නොවන අතර මන්ද මානසික තරුණියක දූෂණය කළ වරදට මාලිමාවේ අපේක්ෂකයෙකු අත්අඩංගුවට ගෙන මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවකි.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    දුරකතනයක් පැහැර ගැනීමේ සිදුවීමකට මාලිමාවේ අපේක්ෂකයෙකු අත්අඩංගුවට ගත් බවට සිදුවීමක් වාර්තා වන්නේ නැහැ. දිනමිණ පුවත්පතේ “මන්ද මානසික තරුණියකට හදි කළ මාලිමාවේ අපේක්ෂකයා අත්අඩංගුවට” යනුවෙන් පසුගිය පෙබරවාරි 10 වැනිදා පළවූ පුවතක සිරස්තලය සංස්කරණ කරමින් පළවූ ව්‍යාජ සංස්කරණයකි

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2023-02-15

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.