Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK: නිරෝශන් දික්වැල්ල පන්දු 26කදී ලකුණු 89ක් වාර්තා කළා ද?

    2021-02-01
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    කොරොනා වසංගත තත්වය හමුවේ නවතා දමා තිබූ ක්‍රිකට් තරඟාවලි නැවතත් ක්‍රමයෙන් අරඹා ඇති අතර දේශීය තරඟ මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලි ද පසුගිය කාලයේ සංවිධානය කර තිබුණා. මෙරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ මෙහෙයවීමෙන් එල්.පී.එල් ක්‍රිකට්  තරඟාවලිය ද පැවැත්වුණු අතර මෑතක

    කොරොනා වසංගත තත්වය හමුවේ නවතා දමා තිබූ ක්‍රිකට් තරඟාවලි නැවතත් ක්‍රමයෙන් අරඹා ඇති අතර දේශීය තරඟ මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලි ද පසුගිය කාලයේ සංවිධානය කර තිබුණා. මෙරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ මෙහෙයවීමෙන් එල්.පී.එල් ක්‍රිකට්  තරඟාවලිය ද පැවැත්වුණු අතර මෑතකදී එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ද ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියක් සඳහා මෙරටට පැමිණියා. 

    මේ දිනවල අබුඩාබි T10 නමින් පන්දුවාර දහයේ ක්‍රිකට් තරඟාවලියක් පැවැත්වෙන අතර එහි එක තරඟයක දී නිරෝෂන් දික්වැල්ල විසින් පන්දු 26ක දී ලකුණු 89 ක් ලබාගත් අවස්ථාවක් ලෙස හුවමාරු වී තිබුනේ උපහාසාත්මක කෝණයකින් සංස්කරණය කරන ලද ඡායාරුපයක්. සැබවින්ම මෙම දස්කමට හිමිකම් කීවේ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයකු වන නිකොලස් පුරන් ක්‍රීඩකයායි.

    සමාජ මාධ්‍ය සටහන්:

    නිරෝශන් දික්වැල්ල විසින් පන්දු 26ක් තුලදී ලකුණු 89ක් වාර්තා කල බවට OTC නම් ෆේස්බුක් පි‍ටුවක් විසින් පල කල පෝස්‍ටුවක දක්වා තිබුනේ ඔහු දැවී ගිය අවස්ථාවේ ලබාගත් සේයාරුවක් බව පෙන්වමින්.  

    D:\AAA -Fact Checking\Completed\AAA-Publish\Sinhala\2021\41 Dickwella Fake\e96b004b-b0d7-4c79-9151-84fd93acca11.png
    FacebookArchived

    මෙම පුවත සැබෑවක් නොවන බව ක්‍රිකට් ලොලී පරිශීලකයන් බොහොමයක් දැනගෙන තිබු අතර උපහාසාත්මක කෝණයකින් ප්‍රතිචාර දක්වා තිබුනා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    පසුගිය දා අබුඩාබි T10 තරඟාවලියේ දී දස්කම් දැක්වූ ක්‍රීඩකයින් පිලිබඳ පරීක්ෂා කිරීමේ දී අපට පෙනී ගියේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ ඡායරුපයේ දක්වා තිබු දස්කම ඇත්ත වශයෙන්ම දක්වා තිබුනේ Northern Warriors කණ්ඩායම නියෝජනය කරමින් තරඟ කළ නිකොලස් පුරන් පිතිකරුවා බවයි.

    Delhi Bulls කණ්ඩායම සමඟ පැවති අබුඩාබි ටී10 තරඟාවලියේ පැවති තරඟයකදී   නිකලස් පූරන් නම් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයා විසින් පන්දු 26 කදී ලකුනු 89ක් ලබා ගෙන අවාසනාවන්ත ලෙස දැවී ගිය අවස්ථාවේ, සජීවී රූපවාහිනී විකාශයේ දර්ශනය වූ සේයාරුවක් අපට සොයා ගැනීමට හැකි වුනා. එම අවස්තාවේ සැබෑ ඡායාරූපය පහත පරිදි වේ.

    මෙම ඡායාරූපයේ Nicholas Pooran නම වෙනුවට Niroshan Dickwella ලෙස නම යොදාගනිමින් උපහාසාත්මක කෝණයකින් සිදුකළ සංස්කරණයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබෙන බව මේ අනුව පෙනී යනවා.

    නිකොලස් පුරන් ගේ සුවිශේෂී ඉනිමට 4 පහර තුනක් සහ 6 පහරවල් 12ක් ඇතුලත් වී තිබුණා. එම ඉනිමේ විශේෂ අවස්ථා පහත වීඩියෝවෙන්

    මීට අමතරව අප අබුඩාබි T10 තරඟාවලිය සඳහා නිරෝශන් දික්වැල්ල ක්‍රීඩා කරනවාද යන්න සොයා බැලුවා.ඒ අනුව අපට දැනගැනීමට හැකි උනේ මෙම තරඟාවලියට මෙරට ක්‍රීඩකයන් තිදෙනෙක් පමණක් ක්‍රීඩා කරන අතර ඒ සඳහා නිරෝශන් දික්වැල්ල ඇතුලත්ව නැති බවයි.

    NewswireArchived

    මේ දිනවල ජාතික ක්‍රිකට කන්ඩායමද කිසිඳු සංචාරයකට එක්ව සිටින්නේ නැත.

    පසුගිය තරඟාවලි කිහිපයේම දිගින් දිගටම අසාර්ථක වූ කුසල් මෙන්ඩිස් අළලා පළවූ උපහාසාත්මක සංස්කරණයක් පිලිබඳ අප මීට පෙර මෙසේ වාර්තා කර තිබුනා.

    Conclusion (අවසාන නිගමනය)

    ඉහත කරුණු සලකා බැලීමේදී අපට පෙනී යන්නේ නිරෝෂන් දික්වැල්ල විසින් මෑතකදී  පන්දු 26කදී ලකුනු 89ක් ලබා ගෙන තිබුනේ නැති බවයි. මේ දිනවල පැවැත්වෙන අබුඩාබි T10 තරඟාවලියේ නිකලස් පූරන් විසින් සුවිශේෂී ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 26ක දී ලැබුණු 89ක් ලබා ගෙන අවාසනාවන්ත ලෙස දැවී ගිය අවස්ථාවේ දී ලබාගත් ඡායාරුපයක් උපහාසාත්මක කෝණයකින් සංස්කරණ කළ අවස්ථාවක්.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    NM

    Nelson Mani

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-02-01

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.