Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ‘Sorry’ නම් වූ ඉන්දියානු කෙටි චිත්‍රපටිය ට ඔස්කාර් සම්මානය හිමි වුණා ද?

    2024-04-27
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ‘Sorry’ නම් වූ ඉන්දියානු කෙටි චිත්‍රපටියක් සඳහා ඔස්කාර් සම්මානය දිනා ගෙන ඇති බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහනක් නිරවද්‍යතාවය සොයා අප සිදු කළ විමර්ශන යයි මේ. සමාජ මාධ්‍ය සටහන් : ‘

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    ‘Sorry’ නම් වූ ඉන්දියානු කෙටි චිත්‍රපටියක් සඳහා ඔස්කාර් සම්මානය දිනා ගෙන ඇති බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහනක් නිරවද්‍යතාවය සොයා අප සිදු කළ විමර්ශන යයි මේ.

    සමාජ මාධ්‍ය සටහන් :

    ‘Sorry’ නම් වූ ඉන්දියානු කෙටි චිත්‍රපටිය. ඔස්කාර් සම්මානය දිනාගත් බවට සඳහන් කරමින් සමාජ මාධ්‍යයේ වීඩියෝ සටහනක් සංසරණය වූයේ මෙලෙසින්.

    Facebook 

    සැබවින් ම මෙම චිත්‍රපටය ඔස්කාර් සම්මානය දිනා ගත්තේ ද, යන්න පිළිබඳ අප විමසා බැලීමක් සිදු කිරීමට පියවර ගත්තේ මේ අයුරින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    මෙම චිත්‍රපටය සඳහා ඔස්කාර් සම්මානය ලැබුණේ ද, යන්න එහි නිල වෙබ් අඩවිය හරහා පරීක්ෂාවක් සිදු කළා. නමුත් ‘Sorry’ නම් මෙම කෙටි වීඩියෝව සඳහා සම්මානයක් ලද බවට එහි දක්වා නොතිබුණි. මෙතෙක් පැවති සම්මාන උළෙල වලදී හෝ එම චිත්‍රපටයට සම්මානයක් ලද බවට එහි සඳහන් නොවුණි. එම නිල වෙබ් අඩවිය මෙතනින්.

    ඉන් අනතුරුව අපගේ අවධානය යොමු වූයේ ඉන්දීය ප්‍රධාන මාධ්‍ය ධාරා මෙන් ම ජාත්‍යන්තර මාධ්‍ය විසින් හෝ මෙම ඉන්දීය චිත්‍රපටය සඳහා ඔස්කාර් සම්මානයක් ලැබුණු බවට වාර්තා කර තිබුණේ ද, යන්නයි. නමුත් එ් පිළිබඳ කිසිදු වාර්තාවක් අපට දැක ගැනීමට නොහැකි විය.

    අප මෙම වීඩියෝව සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂාවේදී දැක ගැනීමට ලැබුණේ මෙම චිත්‍රපටය ඉන්දියාවේ කේරලයේ පිහිටි නිර්මාණාත්මක මාධ්‍ය මධ්‍යස්ථානයක් වන ‘Media Village Studio’ විසින් නිෂ්පාදනය කරන ලද “For You” නමැති කෙටි චිත්‍රපටයක් බවයි.

    ඉහත සමාජ මාධ්‍ය වීඩියෝවේ දැක්වූයේ මෙම කෙටි චිත්‍ර පටයේ නම “Sorry” (සමාවෙන්න යන තේරුම) වූව ත්, මෙම චිත්‍රපටයේ සත්‍ය නම “For You”  (ඔබ වෙනුවෙන් යන අර්ථය දෙන) යන්නයි.

    කෙසේ වෙතත් “For You”  නමින් ඇති චිත්‍රපටයක් සඳහා හෝ සම්මානයක් ලැබුණා ද, යන්න පිළිබඳ ව ද, අප ඔස්කාර් වෙබ් අඩවිය හරහා පරීක්ෂා කළ ද, එවැනි නමකින් ඇති චිත්‍රපටයක් සඳහා සම්මානයක් ලද බවට එහි දක්නට නොලැබේ.

    Media Village Studio ශාන්ත ජෝසප් සන්නිවේදන විද්‍යාලය (SJCC) සමඟ සම්බන්ධ වී ඇති අතර. ඔවුන්ගේ වෙබ් අඩවිය පවසන්නේ මෙහි පළපුරුදු වෘත්තිකයන්ගේ මගපෙන්වීම යටතේ සිසුන් විසින්ම කරන ලද විවිධ තොරතුරු රසාස්වාදය සහ සමාජ දැනුවත් කිරීමේ වැඩසටහන් නිෂ්පාදනය කරන බවයි.

    කෙසේ වෙතත් මෙම චිත්‍රපටය ඔස්කාර් සම්මානය හෝ වෙනත් කිසිදු සම්මානයක් දිනා ගෙන නොමැති බවට දැක ගන්නට ලැබේ.

    තවද, අපගේ Factcrescendo මලයාලම් කණ්ඩායම් SJCC හි මහජන සම්බන්ධතා නිලධාරි සිබින් මහතාගෙන් මේ පිළිබඳ විමසීමක් කළ අතර  “For you” කෙටි චිත්‍රපටය ඔස්කාර් සම්මානයට ප්‍රාත වී නොමැති බවයි. SJCC හි සිසුන් විසින් නිර්මාණය කරන කිසිදු වීඩියෝවකට තවමත් ඔස්කාර් නාමයෝජනා ලැබී නැති අතර ඇතැම් කෙටි චිත්‍රපට සඳහා දේශීය සම්මාන ලැබී ඇති බව ට ද, එම වෙබ් අඩවිය පෙන්වා දෙනවා. එම වෙබ් අඩවිය මෙතනින්.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok | WhatsApp

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ‘Sorry’ නම් වූ ඉන්දියානු කෙටි චිත්‍රපටිය ඔස්කාර් සම්මානය දිනාගත් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් අසත්‍ය බවයි. එම කෙටි වීඩියෝව සඳහා සම්මානයක් නොලැබී ඇති අතර ඔස්කාර් වෙබ් අඩවියේද එවැනි චිත්‍රපටයක් සඳහා සම්මානයක් ලැබුණු බවට දැක ගන්නට නොලැබේ. එමෙන්ම එම චිත්‍රපටයේ නම “sorry” නොව “for you” නමැති චිත්‍රපටයයි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2024-04-27

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.